ක්ෂුද්‍ර ජීවීන් ගේ රූපීය, පෝෂණ හා කායික විද්‍යාත්මක විවිධත්වය:
රූපීය විවිධත්වය:
බැක්ටීරියා:
- ගෝලාකාර / කොකුස
- දණ්ඩාකාර / බැසිලස
- සර්පිලාකාර / ස්පිරිල්ලුම්
සයනොබැක්ටීරියා:
- ඒක සෛලික සිට දිගු බහුසෛලික සූත්‍රිකා ආකාර දක්වා විශාල පරාසයක හැද හා සැකසීම් ප්‍රදර්ශනය කරයි.
- බහු සෛලික සයනොබැක්ටීරියා සූත්‍රිකාමය හෝ සූත්‍රිකාකාර නොවන ආකාර ලෙස ඇත.
- සූත්‍රිකාමය ආකාර දාම ලෙස ඇත.
- සූත්‍රිකාකාර නොවන ආකාර ගෝලාකාර, ඝනාභ, චතුරශ්‍රාකාර හා අක්‍රමවත් හැඩ ආකාරයෙන් ගොනු හෝ ඝනාවාස ලෙස දැකිය හැක.
වයිරස:
- ප්‍රෝටීනමය ආවරණයේ සමමිතිය මත පදනම් වෙමින් වයිරස වල වෙනස් රූපීය ආකාර දෙකකි.
- ඒවා බහුතල හා හේලීක්සීය වේ.
දිලීර:
- සමහරක් ඒක සෛලිකය; සමහරක් බහුසෛලිකය.
- සූත්‍රිකා නම් සියුම් නාලාකාර, ශාඛනය වූ නූල් වැනි ගොනුවකින් යුක්තය.
- එක්ව ගත් විට මයිසීලියම සාදයි.
- සූත්‍රිකා සාවාර හෝ නිරාවාරය.
ප්‍රියෝන:
ඒක සෛලික ප්‍රෝටිස්ටාවන්:
- පුළුල් පරාසයක විවිධත්වයක් පෙන්වයි.
මොලිකියුටයන්:
පෝෂණ විවිධත්වය:
- විවිධ පෝෂණ ආකාර පෙන්වති.
- කාබන් ප්‍රභවය හා ශක්ති ප්‍රභවය මත පදනම් කරගෙන පෝෂණ ආකාරය වර්ග කරයි.
- රසායනික ස්වයංපෝෂක
- රසායනික විෂමපෝෂක
- ප්‍රභා ස්වයංපෝෂක
- ප්‍රභා විෂමපෝෂක
ඔක්සිජන් භාවිතාව මත ක්ෂුද්‍රජීවී විවිධත්වය:
- අනිවාර්‍ය ස්වායු
- අනිවාර්‍ය නිර්වායු
- වෛකල්පිත නිර්වායු
- ක්ෂුද්‍ර වාතකාමී
- සමහර ක්ෂුද්‍රජීවීන්ට වායුගෝලීය නයිට්‍රජන් තිර කළ හැක.
- ඔවුහු නිදහස්වාසී හා සහජීවී නයිට්‍රජන් තිරකාරී ලෙස කායික විද්‍යාත්මක විවිධත්වයක් පෙන්නුම් කරති.
ක්ෂුද්‍රජීවී ආකාර:
බැක්ටීරියා:
- ඒක සෛලිකය.
- ප්‍රෝකැරියෝටාවන් ය.
- විවිධ රූප විද්‍යාත්මක ආකාර හා සැකසුම් ඇත.
- වඩා කැපී පෙනෙන ව්‍යුහ ලක්ෂණය ඔවුන් සෑදී ඇති තනි සෛල වල හැඩයයි.
- මූලික හැඩ ආකාර තුනකි
- කොකුස
- බැසිලස
- ස්පිරිල්ලුම්
- සෛල විභාජනයේදී සෛල් එකිනෙකට සම්බන්ධව පවත්නා ආකාර අනුව එකිනෙකට වෙනස් වූ සැකසුම් ඇති කරයි.
කොකුස බැක්ටීරියාවන්ගේ සෛල සැකසුම් වල විවිධ ආකාර:
කොකුස
- එකම තලයක සෛල විභාජනය වේ.
- විභාජනය අවසානයේ බෙදෙන සෛල එකිනෙකින් වෙන්වී යයි.
ඩිප්ලොකොකුස
- එකම තලයක සෛල විභාජනය වේ.
- බෙදී සෑදෙන සෛල යුගල ලෙස පවතී.
ස්ට්‍රෙප්ටොකොකුස
- එකම තලයක සෛල විභාජනය වේ.
- විභාජනය වූ සෛල දාමයක ආකාරයට එකිනෙකට සම්බන්ධ වී පවතී.
චතුෂ්ක
- තල දෙකක විභාජනය වේ.
- සෛල හතරක් නිපදවයි.
- සෛල 4 එකිනෙකට සම්බන්ධ වී පවතී.
සාසීනා
- තල තුනක සෛල විභාජනය වේ.
- සෛල අටක් සෑදේ.
- සෑදෙන සෛල කාණ්ඩයක් ලෙස එකිනෙකට සම්බන්ධ වී පවතී.
ස්ටැෆිලොකොකුස
- බහුතලීය සෛල විභාජනයක් ඇත.
- මිදි පොකුරු ආකාර සෛල ගොනු සාදයි.
බැසිලස බැක්ටීරියා වල විවිධාකාර සෛල සැකසීම්
මොනො බැසිලස
ඩිප්ලො බැසිලස
- සෛල විභාජනයෙන් පසු යුගල ලෙස පවතී.
ස්ට්‍රෙප්ටො බැසිලස
- සෛල විභාජනයෙන් පසු දාම ලෙස පවතී.
සර්පිල හැඩැති බැක්ටීරියාවන් ගේ වෙනස් වූ සෛල සැකසුම්
- දඟර එකක් හෝ වැඩි සංඛ්‍යාවක් දරයි.
- කිසි විටෙක ඍජු නොවේ.
විබ්‍රියෝ
ස්පිරිල්ලුම්
- සර්පිලාකාරය.
- කස්කුරුප්පු ආකාර දැඩි දේහයකි.
ස්පයිරොකිටා
බැක්ටීරියා වල පෝෂණ විවිධත්වය:
පෝෂණ ක්‍රමය |
ශක්ති ප්‍රභවය |
කාබන් ප්‍රභවය |
නිදසුන |
ප්‍රභා ස්ව්‍යංපෝෂී |
ආලෝකය |
අකාබනික කාබන්(කාබන් ඩයොක්සයිඩ්) |
දම් සල්ෆර් බැක්ටීරියා
හරිත සල්ෆර් බැක්ටීරියා
|
ප්‍රභා විෂමපෝෂී |
ආලෝකය |
කාබනික කාබන් |
දම් සල්ෆර් නොවන බැක්ටීරියා
|
රසායනික ස්වයංපෝෂී |
අකාබනික රසායන ද්‍රව්‍ය |
අකාබනික කාබන් |
Nitrosomonas
Nitrobacter
Thiobacillus thiooxidans
|
රසායනික විෂමපෝෂී |
කාබනික රසායනික ද්‍රව්‍ය |
කාබනික කාබන් |
බොහෝ බැක්ටීරියා
|
ඔක්සිජන් ධාරණ හැකියාව මත බැක්ටීරියා වර්ගීකරණය:
කායික විද්‍යාත්මක කාණ්ඩය |
විස්තරය |
උදාහරණ |
අනිවාර්‍ය ස්වායු |
ඔක්සිජන් අවශ්‍ය ය.
ඔක්සිකාරක පොස්පර්‍යිලීකරණයෙන් ශක්තිය නිපදවා ගනී.
|
Acetobacter sp |
අනිවාර්‍ය නිර්වායු |
ඔක්සිජන් ඇති විට පැවතිය නොහැක.
පැසීම මඟින් ශක්තිය නිපදවා ගනී.
|
Clostridium sp |
වෛකල්පිත නිර්වායූ
|
ඔක්සිකාරක පොස්පරයිලීකරණයෙන් ශක්තිය නිපදවා ගනී.
පැසීම භාවිතයෙන්ද ශක්තිය නිපදවා ගනී.
ස්වායු මෙන්ම නිර්වායු පරිසර වලද ජීවත් විය හැක.
|
Escherichia coli |
ක්ෂුද්‍ර වාතකාමී |
වාතයේ ඇති ඔක්සිජන් සාන්ද්‍රණයට වඩා අඩු ඔක්සිජන් සාන්ද්‍රණයක්දී පමණක් ජීවත් වෙති.
|
Lactobacillus sp |
- සමහර බැක්ටීරියා වායුගෝලීය නයිට්‍රජන් තිර කරයි.
- නිදහස්වාසී නයිට්‍රජන් ප්‍රතිකාරක බැක්ටීරියා - Azotobacter
- සහජීවී නයිට්‍රජන් තිරකාරක බැක්ටීරියා - Rhizobuium
- බොහෝ බැක්ටීරියා ද්විඛණඩණය මඟින් අලිංගික ප්‍රජනනය සිදු කරයි.
- කලාතුරකින් කඩ කඩ වීම හා අංකුරණය දක්වයි.
- කලාතුරකින් මාදිලි දෙකක බැක්ටීරියා සංයුග්මනය යන ප්‍රජනන ක්‍රියාවලියේදී ප්‍රවේණික ද්‍රව්‍ය කොටස් හුවමාරු කර ගැනීම සිදු වේ.