ක්ෂුද්‍ර ජීව විද්‍යාව 05 - 13-වසර ජීව විද්‍යාව

ක්ෂුද්‍ර ජීව විද්‍යාව 05

මූලික පරීක්ෂණාගාර තාක්ෂණික ශිල්ප ක්‍රම

 

  • ක්ෂුද්‍ර ජීවීන් ගේ ජෛවරසායනික ගති ලක්ෂණ අධ්‍යනයට, රූප විද්‍යාව අධ්‍යනයට ඔවුන්ව කෘත්‍රිම මාධ්‍ය තුළ වගා කළ යුතුය.
  • අපවිත්‍ර නොවී අවශ්‍ය ක්ෂුද්‍ර ජීවීන් රෝපණයට අනුගමනය කළ යුතු, කෘත්‍රිම රෝපණ මාධ්‍ය සකස් කිරීම හා ජීවානුහරණ ක්‍රමවේදයන් වැනි තාක්ෂණයන් විද්‍යාගාර තුළ ඇත.

 

ජීවානුහරණ ක්‍රම:

 ජීවානුහරණය යනු, 

අන්තඃබීජාණු ද ඇතුළත්ව සියලු ආකාරයේ ක්ෂුද්‍ර ජීවීන් විනාශ කිරීමේ හා ඉවත් කිරීමේ ක්‍රමවේදයයි.

  • භෞතික හා රසායනික ලෙස ජීවානුහරණය ආකාර දෙකකි.

 

ජීවානුහරනයේ භෞතික ක්‍රම:

තෙත් තාප ජීවානුහරණය

  1. රෝපණ මාධ්‍ය
  2. තාප අස්ථායී (ඉහළ තාපයන්ට ඔරොත්තු නොදෙන) ප්‍රතිකාරක/තරල
  3. විවිධ පරීක්ෂණාගාර උපකරණ ජීවානුහරණයට භාවිතා කරයි.
  • අධික උෂ්ණත්ව හා පීඩන භාවිතා කරමින් ක්ෂුද්‍ර ජීවීන් ගේ ප්‍රෝටීන දුස්ස්වාභාවීකරණය කිරීම මෙහිදී සිදු වේ.

 

උදා:පීඩතාපකය

  • උෂ්ණත්වය සෙල්සියස් 121 වාෂ්ප
  • වායුගෝලීය පීඩනය 1 
  • යන තත්ත්ව යටතේ ජීවානුහරණය සිදු කරයි.
  • මේ තත්ත්වයන් මි.15ක් පවත්වාගෙන යාමෙන් ප්‍රියෝන හැර සියලුම ක්ෂුද්‍ර ජීවීන් හා ඔවුන් ගේ අන්තඃබීජාණු විනාශ වේ.
  • සම්පූර්ණ පෘෂ්ටයම හුමාලය සමඟ ගැටේ නම් මෙම ක්‍රමයෙන් වීදුරු උපකරණ ජීවානුහරණය කළ හැක.
  • ඊට අමතරව ඉහළ උෂ්ණත්වයට හා පීඩනයට ඔරොත්තු දිය හැකි,
  1. රෝපණ මාධ්‍ය
  2. සිරින්ජ
  3. ඉඳිකටු
  4. සෞඛ්‍ය ආරක්ෂක උපකරණ 

පීඩතාපක භාවිතයෙන් ජීවානුහරණය කළ හැක.

 

වියළි තාප ජීවානුහරණය

 

1.තාප කිරීම

  • වියළිතාප ජීවානුහරණයේ සරලම ක්‍රමයයි.
  • බන්සන් දැල්ල හෝ ස්ප්‍රීතු ලාම්පු දැල්ලෙන් අදාල උපකරණය රක්තතප්ත වන තුරු රත් කිරීම මෙහිදී සිදු වේ.
  • එවිට ක්ෂුද්‍ර ජීවීන් දැවී අළු බවට පත් වේ.
  • මෙමඟින් ජීවානුහරණය කරනුයේ,
  1. ආක්‍රමණ පුඩු
  2. ආක්‍රමණ කටු
  3. සැත

 

2.භස්මීකරණය

  • මේ සඳහා බහුල වශයෙන් භස්මීකරණ උඳුන් භාවිතා කරයි.
  • මෙහිදීද ක්ෂුද්‍ර ජීවීන් දැවී අළු බවට පත් වේ.
  • ආරෝග්‍යශාලා අපද්‍රව්‍ය ජීවානුහරණයට මේ ක්‍රමය භාවිතා කරයි.

 

3.උණුසුම් වායු ජීවානුහරණය

  • ඔක්සිකරණය මඟින් ක්ෂුද්‍ර ජීවීන් මරා දමයි.
  • වියළි වායු උඳුනක සෙල්සියස් 170 පමණ උෂ්ණත්වයක පැය දෙකක පමණ කාලයක් අදාල උපකරණ ජීවානුහරණය කිරීම මෙහිදී සිදුවේ.
  • මෙම ක්‍රමයෙන් ජීවානුහරනය කරනුයේ,
  1. පෙට්‍රි දීසි
  2. ප්ලාස්කු
  3. බීකර
  4. බෝතල්
  5. පිපෙට්ටු

 

4.තැම්බීම

  • මෙහිදී ශල්‍ය උපකරණ ආදිය සෙල්සියස් 100 වැනි උෂ්ණත්වයක තැම්බීම සිදු කරයි.
  • එයට හේතුව ජලයේ තාපාංකයේදී බොහෝ ක්ෂුද්‍රජීවීන් මිය යාමයි.

 

5.පෙර්‍රිම

  • පටල පෙරීම නිදසුනක් වේ.
  • ජීවානුහරණයට ඇති ද්‍රව්‍ය රික්තකයක් භාවිතා කරමින් පටලයක් හරහා ගමන් කරවයි.
  • පෙරහන හරහා තරලය ගමන් කරන අතරතුර ක්ෂුද්‍රජීවීහු පෙරහන තුල රැඳෙති.
  • මෙම පෙරහන් පටල වල මයික්‍රොමීටර 0.01-0.45 දක්වා වූ ප්‍රමාණ වල සිදුරු ඇත.
  • මෙම පෙරහන මඟින් සමහර විශාල ප්‍රෝටීන් අණු හා වයිරස් ද ඇතුළු සියලු ක්ෂුද්‍ර ජීවීන් පාහේ ඉවත් කළ හැකිය.
  • තාප සංවේදී(තාපයට එතරම් ඔරොත්තු නොදෙන) ද්‍රාවණ ජීවානුහරණයට බහුලව භාවිතා කරයි.
  • මෙම ක්‍රමයෙන් ජීවානුහරණය කරනුයේ,
  1. තාප සංවේදී එන්සයිම
  2. විටමින
  3. ප්‍රතිජීවක
  4. එන්නත් අන්තර්ගත ද්‍රාවණ
  5. සමහර රෝපණ මාධ්‍ය

 

6.පාරජම්බුල කිරණ

  • මෙහිදී සිදු කරනුයේ ක්ෂුද්‍රජීවීන් ඍජුවම පාරජම්බුල කිරණ වලට නිරාවරණය කිරීම හරහා ඔවුන් ගේ DNA වලට හානි සිදු කර ක්ෂුද්‍ර ජීවීන් මරා දැමීමයි.
  • මෙම ක්‍රමයේ ප්‍රධාන අවාසිය වන්නේ කඩදාසි,වීදුරු,රෙදි වැනි ආවරණ හා ඝන පෘෂ්ට හරහා විනිවිද නොයෑමයි.
  • එම නිසා ජීවානුහරණය කළ යුතු ද්‍රව්‍ය විකිරණයට ඍජුවම නිරාවරණය කළ යුතුය.
  • මෙම ක්‍රමය බහුලවම භාවිතා කරනුයේ ශල්‍යාගාර වැනි රෝහල් අවකාශ වල ඇති වාතය හා තවාන් ජීවානුහරණයටය.

 

ජීවානුහරණයෙහි රසායනික ක්‍රම.

මෙහිදී භාවිතා කරනු ලබන රසායනික කාරක මඟින් ක්ෂුද්‍රජීවී ගහනය ආරක්ෂිත මට්ටමකට අඩු කිරීම හෝ රෝගකාරකයන් ගේ වර්ධක ආකාර ඉවත් කිරීම සිදු කරයි.

 

1.එතිලීන් ඔක්සයිඩ්

  • අන්තඃබීජාණු හා ක්ෂුද්‍රජීවීන් මරා දමයි.
  • ඉහළ විනිවිද යාමේ හැකියාවක් ඇත.
  • රෝහල් ඇඳන් වල මෙට්ට ජීවානුහරණයට භාවිතා කරයි.

 

2.ක්ලෝරීන් ඩයොක්සයිඩ්

  • Bacillus anthracis හි අන්තඃබීජාණ්ඪ් වලින් දූෂිත වූ, ආවරණය වූ ගොඩනැඟිලි සහිත ප්‍රදේශ දුම් ගැසීමට භාවිතා කරයි.
  • ක්ලෝරිනීකරණයට පෙර ජලය පිරියම් කිරීමේදී භාවිතා කරයි.

 

 

පැස්ටරීකරණය

  • මෙහි අභිමථාර්ත වන්නේ,
  1. ව්‍යාධිජනක ක්ෂුද්‍රජීවීන් ඉවත් කිරීම
  2. ක්ෂුද්‍ර ජීවීන් සංඛ්‍යාව අඩු කර ශීතකරණ තත්ත්ව යටතේ කිරිවල ගුණාත්මක භාවය දිගුකාලීනව පවත්වා ගැනීම.

 

  • මෙය ක්‍රම දෙකකි.

 

1.අධි උෂ්ණත්ව-කෙටිකාලීන (HTST)

  • සෙල්සියස් 72 උෂ්ණත්වය යටතේ තත්ත්පර 15ක කාලයක් පවත්වා ගනී.

 

2.අඩු උෂ්ණත්ව-දිගු කාලීන(LTLT)

  • සෙල්සියස් 63 උෂ්ණත්වය යටතේ මිනිත්තු 30ක කාලයක් පවත්වා ගැනීම.

 

  • ඉතා ඉහළ උෂ්ණත්වයට(UHT) ලක් කිරීමෙන් ද කිරි ජීවානුහරණය කළ හැක.
  • වේගයෙන් විදෙමින් පැතිරෙන හුමාලයෙන් සෙල්සියස් 140ක උෂ්ණත්වය යටතේ තත්ත්පර 5කට අඩු කාලයක් කිරි රත් කරයි.
  • මෙම කිරි ශීතකරණයෙන් බැහැරව ඉතා දිගු කාලයක් පවත්වා ගත හැක.

 

මෙයද භෞතික ක්‍රමයකි.

 

රෝපණ මාධ්‍ය සකස් කිරීම

 

  • පස, ජලය, වාතය යනු ක්ෂුද්‍රජීවීන් ගේ ස්වාභාවික වාසස්ථානයන් ය.
  • ඒවායේ පැවතියදී ක්ෂුද්‍ර ජීවීන් අධ්‍යනය කළ නොහැකිය.
  • එම නිසා ඔවුන් ගේ වර්ධනයට හා ප්‍රජනනයට අවශ්‍ය තත්ත්ව කෘත්‍රිමව සකසා දී ඔවුන්ව පරීක්ෂණාගාර තුළට රැගෙන ආ යුතුය.
  • ඒ සඳහා රෝපණ මාධ්‍ය භාවිතා කරනු ලබයි.
  • රෝපණ මාධ්‍යවල වගා කළ නොහැකි ක්ෂුද්‍ර ජීවීන් ද ඇත.
  • සමහර ක්ෂුද්‍ර ජීවීන් ඕනෑම රෝපණ මාධ්‍යක වගා කළ හැකිය.
  • සමහර ක්ෂුද්‍ර ජීවීන් වගා කිරීමට විශේෂිත මාධ්‍ය අවශ්‍ය වේ.

 

රෝපණ මාධ්‍යයක් යනු,

පරීක්ෂණාගාර තත්ත්ව යටතේ

ක්ෂුද්‍රජීවීන් ගේ වර්ධනයට අත්‍යවශ්‍ය වන

පෝෂණය

රැඳී සිටීම සපයා දෙන

පෝෂණ ද්‍රව්‍ය වේ.

 

 

ක්ෂුද්‍ර ජීවීන් රෝපණයට,

  1. අවශ්‍ය පෝෂක
  2. ප්‍රමාණවත් තෙතමනය
  3. උචිත පී එච් අගය රෝපණ මාධ්‍ය තුළ තිබිය යුතුය.
  • පළමුව කිසිම ක්ෂුද්‍ර ජීවියකු අඩංගු නොවන පරිදි මෙම රෝපණ මාධ්‍ය ජීවානුහරණය කළ යුතුය.

 

පෝෂ්‍ය ඒගාර්

  • බැක්‍ටීරියා වර්ධනයට භාවිතා කරනු ලබන රෝපණ මාධ්‍යයකි.
  • මෙය සෑදීමට,
  1. පෙප්ටෝන
  2. මාංශ නිස්සාරකය
  3. සෝඩියම් ක්ලෝරයිඩ්
  4. ඒගාර්
  5. ආස්‍රැත ජලය භාවිතා කරයි.
  • අවසන් පී එච් අගය 7.2

 

අර්තාපල් ඩෙක්ස්ට්‍රෝස් ඒගාර්

  • දිලීර වර්ධනයට සුලභව භාවිතා කරයි.
  • මෙය සෑදීමට,
  1. අර්තාපල්
  2. ග්ලූකෝස්
  3. ඒගාර්
  4. ආස්‍රැත ජලය භාවිතා කරයි.
  • අවසන් පී එච් අගය 5.6

 

  • මෙහිදී ඒගාර්, ඝනීකාරායක් ලෙස භාවිතා කරයි.
  • සෙල්සියස් 40ට අඩු උෂ්ණත්වයේදී ඒගාර් ඝනීකරණය වේ.
  • සාමාන්‍යයෙන් මෙම ඝන රෝපණ මාධ්‍ය අඩංගු වන්නේ පෙට්‍රි දීසි හෝ පරීක්ෂණ නළ තුළය.

 

  • බොහෝ ක්ෂුද්‍ර ජිවීන් ආලෝක අන්වීක්ෂය භාවිතයෙන් නිරීක්ෂණය කිරීමේදී අවර්ණව දර්ශනය වේ.
  • එම නිසා ඔවුන් නිරීක්ෂණය කිරීමට ඔවුන් ගේ නියැදි සැකසිය යුතුය.
  • ඒ සඳහා ඩයි භාවිතා කර ක්ෂුද්‍ර ජීවීන් වර්ණ ගැන්වීම බහුලව භාවිතා කෙරේ

 

  • වර්ණ ගැන්වීමට පෙර ක්ෂුද්‍රජීවීන්ව වීදුරු කදාවට තිර කිරීම (ඇලවීම) සිදු කළ යුතුය.
  • මෙහි මූලික අරමුණ වන්නේ ක්ෂුද්‍රජීවියා මුලුමනින්ම ඉස්මතු කර දැක්වීම මඟින් සෛල හැඩය, සෛල සැකැස්ම. මූලික ව්‍යුහ දෘශ්‍යමාන වීමට සැලැස්වීමයි.
  • විද්‍යාගාරයේදී බහුලවම භාවිතා වන ඩයි වර්ග වනුයේ,
  1. මෙතිලින් බ්ලූ
  2. ක්‍රිස්ටල් වයලට්
  3. සැෆ්‍රනින්