ක්ෂුද්‍ර ජීවීන් හා රෝග
- උපතේදී සාමාන්‍යයෙන් මානවයා ක්ෂුද්‍ර ජීවීන් ගෙන් තොරය.
- එහෙත් අලුතින් උපත ලබන්නා, උපතේදී මවගේ යෝනි මාර්ගයේ සිටින ක්ෂුද්‍ර ජීවීන් සමඟ ස්පර්ශ වේ.
- සාමාන්‍යයෙන් ඔවුන් Lactobacilli වේ.
- ඔවුන් ළඳරුවාගේ අන්ත්‍රයේ ඝනාවාසී වේ.
- උපතෙන් පසුව දේහය මත හා ඇතුළත අනෙක් ක්ෂුද්‍රජීවී ඝනාවාස ස්ථාපනය වීම ඇරඹේ.
- ඔවුන් මානව දේහයේ සාමාන්‍ය ක්ෂුද්‍ර ජීවී ගහනය නම් වේ.
- නිරෝගී මානව දේහ වල අභ්‍යන්තර පටක ක්ෂුද්‍ර ජීවීන් ගෙන් තොරය.
- මෙම ක්ෂුද්‍ර ජීවීන් ගෙන් කොටසක් සම මත ඝනාවාසිකරණය වේ.
- බහුතරයක් දේහය ඇතුළත ඝනාවාසීකරණය වේ.
- දේහය ඇතුළත ඝනාවාසීකරණය වන ක්ෂුද්‍ර ජීවීන් ඝනාවාසීකරණය වන ස්ථාන වනුයේ,
- නාසය
- උගුර
- ශ්වසන මාර්ගයේ ඉහළ ප්‍රදේශය
- ආන්ත්‍රික මාර්ගය
- මෞත්‍රලිංගික මාර්ගය වැනි ස්ථාන වල පෘෂ්ඨවල ආවරණයේ ය.
- සාමාන්‍යයෙන් මිනිස් දේහයේ දේහ සෛල 1*1013 ඇත.
- මිනිස් දේහයේ ඇති ක්ෂුද්‍ර ජීවී සෛල සංඛ්‍යාව 1*1014 පමණ වේ.
- මෙම ක්ෂුද්‍ර ජීවීන් ගෙන් වැඩි ප්‍රමාණයක් සාමාන්‍යයෙන් හානිකර නොවන හෝ වාසිදායක වේ.
- උදා: මහාන්ත්‍රයේ වෙසෙන Escherichia coli විසින් Salmonella typhi වැනි ව්‍යාධිජනක බැක්ටීරියා ඝනාවාසීකරණය වළක්වයි.
- එසේම මහා අන්ත්‍රය තුළ වූ E.coli විසින් විටමින් කේ හා සමහර විටමින් බී වර්ග සංස්ලේෂණය කරයි.
- එම විටමින් වර්ග රුධිර ධාරාවට අවශෝෂණය කර, අනතුරුව දේහ සෛල විසින් භාවිතා කරයි.
- මානව සෞඛ්‍ය කෙරෙහි හිතකර අන්දමින් බැක්ටීරියා භාවිතය පිළිබඳව මෑතකදී අධ්‍යනය කරන ලදී.
- එම හිතකර ක්ෂුද්‍ර ජීවී රෝපණ ප්‍රෝ බයොටික්ස් නම් වේ.
- එහි අදහස වනුයේ සජීවී බැක්ටීරියා රෝපණ යන්නයි.
- නිදසුනක් ලෙස යෝගට් මඟින් එම වාසිදායක ප්‍රතිඵල ලැබේ.
- යෝගට් පරිභෝජනය මඟින් ලැක්ටික් අම්ල බැක්ටීරියා ආහාර මාර්ගයට ඇතුළු වී Salmonella enterica මඟින් ඇති කරන පාචන තත්ත්ව මෙන්ම සාන්ද්‍රගත වීම වළක්වයි.
- මානව ක්ෂුද්‍ර ජීවී සමුදායේ බහුතරයක් හානිදායක නොවූවද සමහර තත්ත්ව යටතේ ඔවුන් මිනිස් දේහය සමඟ ඇති අන්තර් ක්‍රියා වෙනස් කර ගනිමින් ආසාදන තත්ත්ව ඇති කරයි.
- ඔවුන් අවස්ථාවාදී ව්‍යාධිජනකයන් නම් වේ.
- උදා: මහාන්ත්‍රයේ වෙසෙන E.coli සාමාන්‍යයෙන් හානිදායක නොවූවද අනෙකුත් දේහ කොටස් වලට ඇතුළු වුවහොත් ආසාදන ඇති කරයි.
- (මුත්‍රාශය-මුත්‍ර මාර්ගය ආසාදනය)
- (පෙණහලු-පුප්පුශීය ආසාදනය)
ආසාදන රෝගවලට අදාල යෙදුම්
- ව්‍යාධිජනකයා-රෝගයක් හට ගැන්වීමට හැකි ක්ෂුද්‍ර ජීවියකු හෝ ජීවී නොවන(ප්‍රියෝන, වයිරස්) ආකාර
- ධාරකයා-ආසාදිත ව්‍යාධිජනකයාට තම දේහය මත හෝ තුළ ජීවත් වීමට හා ගුණනය වීමට පහසුකම් සපයන ජීවියා.
- ව්‍යාධිජනකතාව-ධාරකයා සතු ආරක්ෂණ යාන්ත්‍රණ මැඩ පවත්වා, ධාරකයා තුළ රෝගයක් හට ගැන්වීමට, ව්‍යාධිජනකයා සතු හැකියාව.
- පරපෝෂිතයා-වෙනත් ජීව්‍ය ජීවියකු මත හෝ තුළ ජීවත් වෙමින්, පෝවක හා අනෙකුත් සම්පත් ධාරකයාගෙන් ලබා ගන්නා ජීවියකු හෝ ජීවී නොවන ආකාරය.
ව්‍යාධිජනක ක්ෂුද්‍ර ජීවීන් ගේ ලාක්ෂණික
- ධාරක දේහයේ තත්ත්වයන්ට අනුරූපව ප්‍රශස්ත වර්ධන තත්ත්වයක් පැවතීම. (උදා:උෂ්ණත්වය)
- ධාරක ආරක්ෂක යාන්ත්‍රණ වලට විරුද්ධව ආරක්ෂා වීම සඳහා හා ධාරක සෛලවලට ඇලී සිටීම සඳහා ව්‍යුහයන් සහිත වීම.(උදා:කෝෂ්ඨ හා පිලයි)
ධූලක නිපදවීම.(අන්තඃධූලක හා බහිස්ධූලක)
අක්‍රමණතාව සඳහා එන්සයිම දැරීම.(පොස්පොලයිපේස්,ලෙසිතිනේස්,හයලුරොනිඩේස්)
- ධාරකයාගේ පරිවෘත්තිය ක්‍රියා වෙනස් කිරීමට සමත් DNase වැනි එන්සයිම දැරීම.
ප්‍රචණ්ඩතාව හා ප්‍රචණ්ඩතා සාධක
- ක්ෂුද්‍ර ජීවීන් විසින් ව්‍යාධිජනකතාව ප්‍රකාශ කරනුයේ ප්‍රචණ්ඩතාව මඟිනි.
- ප්‍රචණ්ඩත්වය යනු ව්‍යාධිජනකයාගේ ව්‍යාධිජනකත්වයේ ප්‍රමාණයයි.
- ව්‍යාධිජනකයන්,
- අධික ප්‍රචණ්ඩකාරී-පැපොල වයිරසය
- අඩු ප්‍රචණ්ඩකාරී
- ප්‍රචණ්ඩ නොවන ආකාර වේ.
ප්‍රචණ්ඩතා සාධක යනු,
ධාරකයා ආසාදනය කර රෝග ඇති කිරීමේ හැකියාව ව්‍යාධිජනකයාට ලබා දෙන, ව්‍යාධිජනකයකු සතු සුලු ජාන සංඛ්‍යාවකින් ප්‍රකාශ කරන සාධකයි.
- ධාරකයා හා ව්‍යාධිජනකයා අතර ඇති සම්බන්ධතාව ගතිකය; එනම් වෙනස් වන සුළුය.
- එනම් එකෙක් අනෙකාගේ කෘත්‍යයන් හා ක්‍රියාකාරීත්වයන් වෙනස් කරයි.
- මෙවැනි සම්බන්ධතා වල අන්තඵලය රඳා පවතිනුයේ,
- ප්‍රචණ්ඩත්වය
- ධාරක ආරක්ෂක යාන්ත්‍රණ වල කාර්‍යක්ෂමතාව මතයි.
- ප්‍රචණ්ඩතා සාධක මඟින් ව්‍යාධිජනකතාව වැඩි දියුණු කරයි.
- එමඟින් ව්‍යාධිජනකයන්ට, ධාරක පටක ආක්‍රමණය කර, ඝනාවාසීකරණය වී සාමාන්‍ය දේහ ක්‍රියාකාරීත්වයට හානි පැමිණවීමට ඉඩ සලසයි.
- ව්‍යාධිජනකයින්, ව්‍යාධිජනකතාව ඇති කිරීමට ප්‍රධාන යාන්ත්‍රණ 2ක් දරයි.
1.ආක්‍රමණතාව
ආක්‍රමණතාව යනු
ධාරකයාගේ ආරක්ෂක යාන්ත්‍රණ අභිබවා යමින් ධාරක පටක ආක්‍රමණය කිරීමේ හා ඝනාවාසීකරණය සඳහා ගුණනය වීමේ හැකියාවයි.
- මේ සඳහා ව්‍යාධිජනකයන් විසින් නිපදවනු ලබන බහිඃසෛලීය එන්සයිම ගණනාවක් දායක වේ.
- පොස්පොලයිපේස්-සත්ත්ව සෛල පටල විනාශ කරර්‍යි.
- ලෙසිතිනේස්-සත්ත්ව සෛල පටලයේ ලිපිඩ වල ලෙසිතීන් සංරචකය ජල විච්ඡේදනය කරයි.
- හයලුරොනිඩේස්-සෛල සම්බන්ධ කරන බදාම ද්‍රව්‍ය වන හයලුරොනික් අම්ලය බිඳ දමමින් දේහ පටක විනාශ කරයි.
- ව්‍යාධිජනක ක්ෂුද්‍රජීවීන් අක්‍රීයව ධාරකයා තුළට ඇතුළු වේ.
- ඒ සඳහා,
- හමෙහි ඇතු තුවාල
- ශ්වසන
- ආමාශ ආන්ත්‍රික
- මෞත්‍රලිංගික මාර්ග වැනි ස්වාභාවික විවර හෝ විවිධ ප්‍රවේශන මාර්ග භාවිතා කරයි.
2.ධූලකජනකතාව
ධූලකජනකතාව යනු,
සෛල වල සාමාන්‍ය ක්‍රියාකාරීත්වයට බාධා පමුණුවන ධූලක නම් ජෛව රසායනික ද්‍රව්‍ය නිපදවීමට ඇති හැකියාවයි.
- මේවා ධාරකයා කෙරෙහි විෂ්ර්ර්ශ හානියක් සිදු කරන අතරම ජෛව විෂ ලෙසින් හැඳින් වේ.
- ආකාර දෙකකි.
1.අන්තඃධූලක
- ලිපොපොලිසැකරයිඩ වේ.
- ක්ෂුද්‍ර ජීවී සෛල වල කොටස් වේ.
- තාප්ස්ථායී ධූලක වේ.
- බැක්ටීරියාවන් මිය ගොස් බිත්ති බිඳී වෙන් වූ පසෙ මේ ධූලක නිදහස් වේ.
- ග්‍රෑම් ඍණ බැක්ටීරියාවන් විසින් පමණක් නිපදවයි.
- ව්‍යාධිජනක විශේෂය කුමක් වුවත් සියලුම අන්තඃධූලක එකම රෝග ලක්ෂණ පෙන්නුම් කරයි.
- එම රෝග ලක්ෂණ වනුයේ,
- සීතල
- උණ
- දුර්වලභාවය
- සාමාන්‍ය කැක්කුම්
උදා:Salmonella typhi ගේ සෛල බිත්ති වල ලිපොපොලිසැකරයිඩ
2.බහිෂ්ධූලක
- බැක්ටීරියා සෛලවල වර්ධනයේ හා පරිවෘත්තියේ කොටසක් ලෙස සෛල තුළ නිපද වේ.
- සෛල ඊරණයෙන් පසු ඒවා බාහිර පරිසරයට ස්‍රාවය හෝ නිදහස් වීම සිදු වේ.
- ප්‍රෝටීන වේ.
- වැඩි ප්‍රමානයක් එන්සයිම වේ.
- ඒවායේ උත්ප්‍රේරක ස්වභාවය අනුව ඉතා සුළු ප්‍රමාණයක් වුවද අතිශයින් හානිකරය.
- තාප අස්ථායී වේ.
- ජලයේ තැම්බීමෙන් අක්‍රිය වේ.
- බහුතරය ග්‍රෑම් ධන බැක්ටීරියා මඟින් ද සුළු ප්‍රමාණයක් ග්‍රෑම් ඍණ බැක්ටීරියා මඟින් ද නිපදවේ.
- ආකාර 3 කි.
1.නියුරොටොක්සින්-සාමාන්‍ය ස්නායු ආවේග සන්නයනට බාධා කරයි.
උදා:Clostridium tetani මතින් නිපදවන විෂ.
2.එන්ටරොටොක්සින්-ආමාශ ආන්ත්‍රික මාර්ගයේ සෛල අසාමාන්‍ය ආකාරයට උත්තේජනය කරයි.
උදා: Vibrio cholerae මඟින් නිපදවන ධූලක.
3.සයිටොටොක්සින්-එන්සයිම මඟින් පහර දී ධාරක සෛල විනාශ කරයි.
උදා:Corynebacterium diptheriae නිපදවන ධූලක
මිනිසාට ක්ෂුද්‍ර ජීවීන් මඟින් වැලඳෙන රෝග පාලන ක්‍රම
ප්‍රතිනාශක හා ව්‍යාසාධක භාවිතය
- ආසාදන වැළැක්වීම සඳහා ක්ෂුද්‍ර ජීවීන් මරා දමන හෝ ක්ෂුද්‍රජීවී ගහනය අඩු කිරීමට භාවිතා කරනු ලබන රසායනික ද්‍රව්‍ය වේ.
- සාමාන්‍යයෙන් දියර ලෙස ඇත.
- මේවායේ සඵලතාවය රඳා පවතින සාධක වනුයේ,
- ඒවාට විවෘත වන කාලය
- උෂ්ණත්වය
- සාන්ද්‍රණය
- කාබනික ද්‍රව්‍ය වල පැවතීම
- සමහර ක්ෂුද්‍රජීවීන් සඳහා ඵලදායී නොවේ.
- ඒ සඳහා නිදසුන් වනුයේ,
- පෝලියෝ වයිරසය
- ක්ෂයරෝග බැක්ටීරියාව
- බැක්ටීරි බීජාණු
- දිලීර
ප්‍රතිනාශක
- මිනිස් දේහයට ආරක්ෂාකාරීව ඍජුවම යෙදිය හැක.
- උදා:
- එතිල් මධ්‍යසාරය
- අයිසොප්‍රොපනෝල්
- ක්ලෝරසයිලනෝල්
ව්‍යාසාධක
- ශල්‍යගාර, දෙවුම් බේසම්, මුළුතැංඑයි මතුපිටවල්, කානු වැනි අජීවී පෘෂ්ඨ විෂබීජ නාශනයට භාවිතා කරයි.
- උදා:
- ෆීනෝල
- හයිපොක්ලෝරයිට්
ප්‍රතිජීවක භාවිතය
- ඇතම් විට ආසාදනයකින් දේහය ආරක්ෂා කර ගැනීමට හෝ රෝගය මැඩ පවත්වා ගැනීමට දේහ ආරක්ෂණ යාන්ත්‍රණ අපොහොසත් වේ.
- එවිට ප්‍රතික්ෂුද්‍රජීවී ඖෂධ අඩංගු රසායනික චිකිත්සක වලින් ප්‍රතිකාර කරයි.
- ප්‍රතික්ෂුද්‍රජීවී ද්‍රව මඟින් ධාරක සෛල වලට හානි සිදු නොකරමින් ක්ෂුද්‍රජීවීන් මරා දැමීම හෝ වර්ධනයට බාධා පැමිනවීම සිදු කරයි.
- බැක්ටීරියාවන්ට එරෙහිව ක්‍රියා කරන ඵලදායී ප්‍රතික්ෂුද්‍රජීවී ද්‍රව්‍ය ප්‍රතිජීවක නම් වේ.
- පුළුල් පරාසයක බැක්ටීරි විශේෂ වලට එරෙහිව ක්‍රියා කරන ඒවා පුළුල් පරාස ප්‍රතිජීවක නම් වේ.
- සුවිශේෂ බැක්ටීරි කාණ්ඩයක් මත පමණක් ක්‍රියා කරන ඒවා පටු පරාස ප්‍රතිජීවක නම් වේ.
- ප්‍රතිජීවක විවිධාකාර ක්‍රියාකාරීත්වයන් පෙන්නුම් කරයි.
- සෛල බිත්ති සංස්ලේෂණය නිශේධනය-පෙනිසිලින්
- ප්‍රෝටීන් සඃස්ලේෂණය නිශේධනය-එරිත්‍රොමයිසින් හා ටෙට්‍රාසයික්ලින්
- ප්ලාස්ම පටල කඩා බිඳ දැමීම-ඩැප්ටොමයිසින්
- DNA/RNA සංස්ලේෂණය නිශේධනය-රිෆැම්පින්
ප්‍රරතිශක්තිකරණය:එන්නත්
එන්නතක් යනු,
ප්‍රතිශක්තිය ප්‍රේරණයට භාවිතා කරන
දුර්වල කරන ලද ක්ෂුද්‍ර ජීවීන් හෝ
ඉතා කුඩා ක්ෂුද්‍ර ජීවී කොටස් අඩංගු
අවලම්බනයකි.
- වයිරස මඟින් ඇති කරනු ලබන රෝග පාලනයට වෙනත් ක්‍රම නැති නිසා එන්නත් නිතර භාවිතා කරයි.
- එන්නත් ආකාර කීපයක් ඇත.
1.අඩපණ කරන ලද ජීවී එන්නත්
- ඉතා පරීක්ෂාකාරීව ව්‍යාධිජනකතාව පාලනය කරන ලද ජීවය ක්ෂුද්‍ර ජීවීන් අඩංගු වේ.
- සැබෑ ආසාදනය අනුකරණය කරයි.
- ධාරකයා තුළ ව්‍යාධිජනකයා සක්‍රියව පවතී.
- එම නිසා ජීවිතාන්තය දක්වා පවතින ප්‍රතිශක්තියක් සපයයි.
- බොහෝ විට ද්විතීයික ප්‍රතිශක්තිකරණයක් අවශ්‍ය නොවේ.
- උදා:
- සරම්ප
- කම්මුල්ගාය
- රුබෙල්ලා
- පැපොල
2.අක්‍රිය කරන ලද එන්නත්
- අක්‍රිය කරන ලද හෝ මරණ ලද ව්‍යාධිජනක ක්ෂුද්‍රජීවීන් අඩංගු වේ.
- ද්විතීයික මාත්‍රාවන් නැවත නැවත ලබා ගත යුතුය.
- උදා:
- ජලභීතිකාව
- ඉන්ෆ්ලුවෙන්සා
- පෝලියෝ
- කොලෙරාව
3.උප ඒකක එන්නත්
- ප්‍රතිග්‍රාහකයාගේ ප්‍රතිශක්තිය ප්‍රේරණය කළ හැකි ප්‍රතිදේහජනක ඛණ්ඩ පමණක් අඩංගු වේ.
- ටොක්සොයිඩ් එන්නත් මේ සඳහා නිදසුනකි.
- ව්‍යාධිජනකයාගෙන් මූලාරම්භ වූ අක්‍රිය කරන ලද ධූලකාභ අඩංගු වේ.
- ධූලකාභ එන්නත් භාවිතා කරනු ලබන රොග වනුයේ ගලපටලය, පිටගැස්ම ආදියයි.
- ජාන ඉංජිනේරු විද්‍යාව මඟින් නිපදවනු ලබන උප ඒකක එන්නතක් වනුයේ හෙපටයිටිස් බී එන්නතයි.
- ද්විතීයික මාත්‍රා ලබා ගත යුතුය.