ප්‍රතික්‍රියා කුටීරය
රසායනික නිෂ්පාදන කි්‍රයාවලියක ඉතාමත් වැදගත් ම ඒකකය ප්‍රතිකි්‍රයා කුටීරයයි. ප්‍රතිකි්‍රයා කුටීරය නිෂ්පාදන කි්‍රයාවලියට අදාළ රසායනික ප්‍රතිකි්‍රයා සිදු කිරීමට සුදුසු ආකාරයට නිර්මාණය කර ඇතග එසේම ප්‍රතික්‍රියා කුටීරය ආශ්‍රිත ව අමුද්‍රව්‍ය සංයෝග රැගෙන යන නළ පද්ධති, ප්‍රධාන ඵලය මෙන් ම අතරු ඵල ඉවත් කිරීමේ නළ පද්ධති හා තාප හුවමාරු කිරීම හා ප්‍රතික්‍රියා මිශ්‍රණය මිශ්‍ර කරමින් ඒකාකාර සංයුතියක් ප්‍රතික්‍රියා මාධ්‍ය තුළ පවත්වා ගැනීම ආදිය සඳහා විශේෂිත උපක්‍රම ද යොදාගෙන තිබේ.
ප්‍රතික්‍රියා කුටීරය තුළ වූ ප්‍රතික්‍රියාව සිදු වන මාධ්‍ය සංයුතිය පවත්වා ගැනීමට උෂ්ණත්වය ඒකාකාර ව මුළු මාධ්‍යය පුරා ම පවත්වා ගැනීමට මිශ්‍ර කිරීමේ ක්‍රියාවලිය ඉතාමත් ම වැදගත් අංගයක් වේ. එසේ ම මිශ්‍ර කිරීමේ ක්‍රියාවලියේ සාර්ථකත්වය රඳා පවතිනුයේ ඒ සඳහා යොදා ගනු ලබන ඒකකයේ ස්වභාවය මත බව ද එහි ස්වභාවය හා හැඩය තීරණය කිරීමේ දී ප්‍රතික්‍රියා මාධ්‍යයේ දුස්ස්‍රාවී ගුණය, ප්‍රතික්‍රියා කුටීරයේ විශාලත්වය වැදගත් වේ.
ඇතැම් ප්‍රතික්‍රියා තාප දායක නිසා ප්‍රතික්‍රියාව සිදු වෙත් ම ප්‍රතික්‍රියා මාධ්‍යයේ උෂ්ණත්වය වැඩි වීම සිදු වේ. උෂ්ණත්වය වැඩි වීම ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව වැඩි වීමට හේතුවක් වන බැවින් නිෂ්පාදන ක්‍රියාවලිය ප්‍රශස්ත ලෙස පවත්වා ගැනීමට මාධ්‍ය නියත උෂ්ණත්වයක පවත්වා ගැනීම ඉතා වැදගත් වේ. ඒ සඳහා ප්‍රතික්‍රියා කුටීරයෙන් තාපය ඉවත් කිරීමට ශීත ජලය ගලා යන නල පද්ධතියකින් සමන්විත සිසිලන ඒකකයක් භාවිත කළ හැකිය.
එමෙන් ම කාර්යක්ෂම ව තාපය ඉවත් කිරීමට නොහැකි වුවහොත් ප්‍රතික්‍රියා කුටීරය (ප්‍රසාරණය වීම නිසා) පිපිරී යෑම වැනි අවදානම් සහගත තත්ත්ව ඇති විය හැකිය. එසේ ම ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව වෙනස් වීම, අතුරු ප්‍රතික්‍රියා සිදු වීමේ ප්‍රවණතාවක් පැවතීම ආදී හේතු නිසා නිෂ්පාදන ක්‍රියාවලිය ආශ්‍රිතව විවිධ ගැටලූ ද ඇති විය හැකිය. උදාහරණයක් ලෙස බෝපාල්හි යුනියන් කාබයිට් ආයතනයේ සිදු වූ මෙතිල් අයිසොසයනයිඩ් නම් වූ මාරාන්තික විෂ රසායනික ද්‍රව්‍ය කාන්දු වීම නිසා සිදු වූ විනාශය පෙන්වා දිය හැකිය.
ප්‍රතික්‍රියා කුටීරය තුළට අමුද්‍රව්‍ය එවිය යුතු අනුපිළිවෙළ, අමුද්‍රව්‍ය ගලා ඒමේ වේගය, සිසිල් කිරීමේ හෝ රත් කිරීමේ ශීඝ්‍රතාව, ප්‍රතික්‍රියා කුටීරය පිරවිය යුතු ප්‍රමාණය හා ප්‍රධාන ඵල හා අතුරු ඵල ඉවත් කිරීමේ ශීඝ්‍රතාව පිළිබඳ ඉතා හොද අවධානයකින් සිටිය යුතුය.
නිෂ්පාදන ක්‍ර්‍රියාවලියක් නිතරම ප්‍රශස්ත තත්ත්ව යටතේ සිදු කරයි. නිෂ්පාදිතයේ තිබිය යුතු ගුණාංග මත හා ඒ සඳහා වූ නිෂ්පාදන වියදම අවම වන ආකාරය මත ප්‍රශස්ත තත්ත්වය තීරණය කරයි. එම තත්ත්ව නිෂ්පාදන ක්‍රියාවලිය කාර්යකෂම කිරීමටත් සමස්ත ක්‍රියාවලියේ ඵලදායිතාව වැඩි කිරීමටත් ඉවහල් වේ.
උදාහරණයක් ලෙස උෂ්ණත්වය වැඩි කරන විට ප්‍රතික්‍රියාව වේගවත් ය. නමුත් වැඩි උෂ්ණත්වයන් නඩත්තු කිරීම සඳහා වැඩි තාපයක් සැපයිය යුතු බැවින් බල ශක්තිය සඳහා වූ පිරිවැය වැඩි වීමෙන් නිෂ්පාදනයේ මිල වැඩි විය හැකි ය. එසේ ම අඩු උෂ්ණත්වයේ දී ප්‍රතික්‍රියාව සිදු කරන විට බල ශක්තිය සඳහා පිරිවැය අඩු වුව ද එලෙස ම උෂ්ණත්වය අඩු වන විට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව ද අඩු වන බැවින් ප්‍රතික්‍රියාවේ කාර්යකෂමතාව අඩු වීම සිදු වේ. මේ නිසා ප්‍රමිතියෙන් යුක්ත නිෂ්පාදනයන්ට අවශ්‍ය පිරිවැයක් පවතින පරිදි නිෂ්පාදන කි්‍රයාවලියේ තත්වයන් (උෂ්ණත්වය, පීඩනය, නිෂ්පාදන ධාරිතාව) කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් වේ. )
නිෂ්පාදන ක්‍රියාවලිය ආශ්‍රිත ව ප්‍රධාන රසායනික අමුද්‍රව්‍යවලට අමතර ව ඇතැම් විට ප්‍රතික්‍රියාව වේගවත් කිරීමට උත්ප්‍රේරක යොදා ගනී. ඇතැම් අවස්ථාවල දී උත්ප්‍රේරකයේ කිය්‍රාකාරීත්වය තව දුරටත් වැඩි දියුණු කරන උත්ප්‍රේරක වර්ධක යොදා ගනී. නිදසුනක් ලෙස ඇමෝනියා නිෂ්පාදනයේ දි උත්ප්‍රේරක වර්ධක ලෙසට K2O හා Al2O3 යොදා ගනී. උත්ප්‍රේරක වර්ධක යනු උත්ප්‍රේරකයක් නොවේ.
නිෂ්පාදන ක්‍රියාවලියක් සැලසුම් කිරීමේ දී අනතුරු සිදු වීම වැළැක්වීම සඳහා පියවර ගැනීම ඉතා වැදගත් පියවරක් වේ. මේ නිසා නිෂ්පාදනාගාර ආශ්‍රිත ව සෑම ක්‍රියාකාරීත්වයක් ම නිසි ලෙසට නියාමනය කිරීම හා නිරීකෂණය කිරීම ඉතා වැදගත් වේ. එසේම නිෂ්පාදන ක්‍රියාවලි මගින් පරිසරයට සිදු වන හානිය අවම වන පරිදි ඒවා සැලසුම් කිරීම ද ඉතා වැදගත් වේ.
නිෂ්පාදන ක්‍රියාවලිය අවසානයේ නිපදවන ලද නව රසායනික සංයෝගයේ සංශුද්ධතාව හා ගුණාත්මක බව පිළිබඳ තත්ව වාර්තාව විවිධ වැඩකටයුතු සඳහා වැදගත් වේ. මෙම ගුණාංග මැනීමට විවිධ ශිල්ප ක්‍රම භාවිතා කරයි.