13-වසර දේශපාලන විද්‍යාව

මාර්කස් වාදය

 

මාර්කස් වාදයේ පදනම වනුයේ ශ්‍රමය පිළිබද වටිනාකම් න්‍යායයි.මෙම න්‍යාය ඉදිරිපත් කරනු ලැබුවේ සම්භාව්‍ය ආර්ථික විද්වතුන් විසින් ධනවාදී ආර්ථික චින්තනය යටතේය.මෙම න්‍යාය මගින් අදහස් වනුයේ භාණ්ඩයක නිෂ්පාදන පිරිවැය සම්පුර්ණයෙන්ම තීරණය වන්නේ ඒ සදහා වැය කරනු ලබන ශ්‍රමය හා එහි වටිනාකම වූ වැටුප අනුවය.

කාල්මාක්ස් හා ෆෙඩ්රික් එංගල්ස් විසින් ධනවාදය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කරන ලද මාර්කස් වාදයේ හරය වුයේ ස්ව අභිමාර්ථය සදහා කටයුතු කරන නිෂ්පාදන සම්පත් හිමි ධනවතුන් විසින් කම්කරුවන්ගේ අතිරික්ත ශ්‍රමය ලාභ වශයෙන් සුරා ගන්නා බවත්,එම නිසා ඉතා සුළු පිරිසක් අතර ධනය සංකේන්ද්‍රණය වන අතර එම නිසාම ශ්‍රමය විස්ථාපනය වී ශ්‍රම අත්රික්තයක් ඇති වී, දිළිදුකම ඇති වන අතර ඊට එරෙහිව කම්කරුවන් නැගී සිටීමෙන් කම්කරුවන් හා නිෂ්පාදන සම්පත් හිමි ධනපතීන් අතර අරගලයක් ඇති වන අතරම එම අරගලයෙන් කම්කරුවන් ජයග්‍රහණය කර නිෂ්පාදන වාසි ලබා ගන්නා බවත්ය.මෙම ක්‍රියාවලිය කාල්මාක්ස් කම්කරු විප්ලවය නමින් හැදින්නුවේය.

කාල්මාක්ස් හා එංගල්ස් විසින් එක්ව ඉදිරිපත් කරන ලද කොමියුනිස්ට් ප්‍රකාශනයේ  හා දාස් කැපිටාල් යන ග්‍රන්ථයේ මාක්ස් වාදය පිළිබද චින්තනය ඉදිරිපත් කර ඇත.මාක්ස්ගේ චින්තනය කෙරෙහි විවිධ දර්ශන වල හා චින්තන වල බලපෑම ලැබී ඇත.ඒවා නම්,

1.හේගල්ගේ දර්ශනය හා චින්තනය

2.ෆෙයාබර්ත්ගේ ස්වභාවික චින්තනය පිළිබද දර්ශනය

කාල්මාක්ස්ගේ අරමුණ වුයේ නුතන සමාජයේ ක්‍රියාත්මක වන ආර්ථික චලනය පිළිබද න්‍යාය හෙළි කිරීම බව විචාරකයන් පෙන්වා දෙයි.මිනිස් බලය හා සාමුහික ප්‍රයත්නය තුලින් තමන් ජිවත් වන සමාජය වෙනස් කල හැකි බව කාල්මාක්ස්ගේ විශ්වාසය විය.එම නිසා සමස්ත මානව ඉතිහාසයේ පදනම මිනිසාගේ භෞතික ක්‍රියාකාරකම් බව මාක්ස් අවධාරණය කළේය.එමෙන්ම එම පදනම වෙනස් කල හැකි බලවේගය වනුයේ ද මිනිසාමය බව කාල්මාක්ස් ප්‍රකශ කරන ලදී.

මාක්ස් වාදයේ හරය ප්‍රධාන අංශ 04 කින් සමන්විත වේ.එනම්,

1.ද්වි ඝට්ටනාත්මක භෞතික වාදය

2.ඉතිහාසය පිළිබද ආර්ථික අර්ථ කථනය

3.ධනවාදී අර්ථ ක්‍රමය පිළිබද විශ්ලේෂණය

4.සමාජවාදයට කැපවීම

දැන් අප ඉහත සදහන් අංශ වෙන වෙනම සලකා බලමු.

1.ද්වි ඝට්ටනාත්මක භෞතික වාදය

මාක්ස්වාදී දාර්ශනිකයන් සලකන්නේ ද්වි ඝට්ටනාත්මක භෞතික වාදයයි.නමුදු මාක්ස් විසින් ලිය පල කරන ලද ලිපි ලේඛන වල ද්වි ඝට්ටනාත්මක භෞතික වාදය සදහන් නොවේ.මෙය පාර භෞතික සංකල්පයක් වේ.ද්වි ඝට්ටනාත්මක ක්‍රියාවලියට අනුව සමස්ත ලෝකය ක්‍රමානුකුලව වෙනස් වී අවසානයේ ස්වයං අවබෝධ තත්වයට පත් වේ.හේගල් විසින් මිට සම්බන්ධ ක්‍රියාවලිය ප්‍රවාදය,ප්‍රතිවාදය සහ සහවාදය ලෙස විස්තර කර ඇත.

 

2.ඉතිහාසය පිළිබද ආර්ථික අර්ථ කථනය

ඉතිහාසය පිළිබද ආර්ථික අර්ථ කථනය පිළිබද මාක්ස්ගේ දේශපාලන ආර්ථිකය පිළිබද විවේචන නමැති ග්‍රන්ථයේ සදහන් වේ.ඒ අනුව මාක්ස් ප්‍රකශ කලේ නිෂ්පාදන ක්‍රියාවලියේ නිරතවන මිනිසුන් අතර සමාජ සම්බන්ධතා ඇති වන්නේ එම නිෂ්පාදන ක්‍රියාවලියේ ස්වභාවය අනුවය යන්නය.මාක්ස් විසින් සමාජ ඉතිහාසය යුග කිහිපයකට බෙදා දක්වන ලදී.

1.වහල් යුගය

2.වැඩවසම් යුගය

3.වෙළද යුගය

4.කාර්මික ධනවාදී යුගය

මෙම යුගවල පැවති නිෂ්පාදන ක්‍රම අනුව උසස් සහ පහත් වශයෙන් පන්ති බිහි වූ බවත්,නිෂ්පාදන සම්පත් වල හිමිකම අනුව ප්‍රබල හා දුබල වශයෙන් සමාජ ස්තර ක්‍රියාත්මක වූ බවත්,මෙම පන්ති අතර ඇතිවන ගැටුම පන්ති ගැටුම වශයෙන් සැලකිය හැකි බවත් මාක්ස් අවධාරණය කළේය.එමෙන්ම කොමියුනිස්ට් ප්‍රකාශනයේ ද සදහන් කර ඇත්තේ මිනිස් සමාජයේ ඉතිහාසය වනාහි පන්ති සටන් පිළිබද ඉතිහාසය ලෙසය.

 

3.ධනවාදී අර්ථ ක්‍රමය පිළිබද විශ්ලේෂණය

මෙය කරුණු 3 ක් යටතේ පැහැදිලි කර ඇත.ඒවා නම්,

1.අතිරික්ත ශ්‍රම වටිනාකම් න්‍යාය

2.ප්‍රාග්ධන රාශිකරණය

3.පරත්වාරෝපණය සහ පන්ති සටන පිළිබද අදහස්

            අතිරික්ත ශ්‍රම වටිනාකම් සංකල්පය මාක්ස්වාදී ආර්ථික විග්‍රහයේ මුලික පදනම වේ.මාක්ස්ට අනුව ශ්‍රමයේ වටිනාකම කොටස් දෙකකි.

1.භාවිත වටිනාකම

2.හුවමාරු වටිනාකම

ප්‍රාග්ධන රාශිකරණයෙන් අදහස් වනුයේ නිෂ්පාදකයන් අතිරික්ත ශ්‍රම වටිනාකම් තුලින් ලාභ උපාය ගෙන එම ලාභ මගින් ප්‍රාග්ධනය සම්පාදනය කර ගන්නා බවත්ය.මෙහි ප්‍රතිඵලය වනුයේ ආර්ථිකයේ සේවා වියුක්තිය වැඩි වීමයි.

පරත්වාරෝපණය යනු සමාජයේ පන්ති වල පවතින යාන්ත්‍රික ස්වභාවය නිසා පුද්ගලයන් මානව ගති ලක්ෂණ වලින් ඉවත්වීමයි.මෙම ක්‍රියාවලියේ අවසන් ප්‍රතිඵලය වනුයේ පන්ති සටන හෙවත් පන්ති ගැටුම ඇති වී ධනවාදය බිද වැටීමයි.

 

උසස් පෙළ
ආර්ථික විද්‍යාව
(සිද්ධාන්ත/පුනරීක්ෂණ)
තනි හෝ කණ්ඩායම් පන්ති
071-7556342(කොළඹ/ගම්පහ අවට පමණි)

(විශ්ව විද්‍යාල සිසුවෙකු විසින් මෙහෙයවයි)

 

 

 

 

 

 

 

 

 


ලිපිය නිර්මාණය කලේ,
S
Samith Alwis


TOP MEMBER

අදාල තවත් ලිපි,



Samith Alwis

13-වසර දේශපාලන විද්‍යාව

අනෙකුත් ලිපි