ප්‍රස්ථා පිරුළු 50 - 13-වසර සිංහල

ප්‍රස්ථා පිරුළු 50

  1. අශ්වයාට අං අවා වගේ :- පමණට වඩා උඩගු වීම
  2. අගේ ඉදන් කණ කනවා වගේ :- ළගින් ඇසුරු කරමින් සතුරුකම් කිරීම
  3. අනින ගොනා වැඩට හොදයි :- සැරවැර තිබුණ ද කාර්යය හොදින් කිරීම
  4. අතු කඩා මොර කන්නා වගේ :- විනාශ කරමින් ප්‍රයෝජන ගැනීම
  5. අත්තික්කා ගහේ මල් පිපුණා වගේ :- පුදුම සහගත යමක් සිදු වීම
  6. ආටා නාටිය කියවනවා වගේ :- මහා ගෝෂාවක් සිදු කිරීම
  7. ආඳාගේ පිට වගේ :- ස්ථිර ප්‍රතිපත්තියක් නොමැති වීම
  8. ආතාට අටු කොස් දුන්නා වගේ :- ප්‍රයෝජනයට ගත නොහැකි දෙයක් තෑගි කිරීම
  9. ඇගෙන් ඇටයක් ගියා වගේ :- බොහෝ අකමැත්තෙන් යමක් දීම
  10. ඇගිලි පහම එක වගේ ද :- එක හා සමාන නොවීම
  11. ඉබ්බා අහසින් ගියා වගේ :- තමන්ට නොගැලපෙන යමක් කර විනාශ වීම
  12. ඉහිරුණු කිරට අඩන්න එපා :- සිදු වූ දෙය පිලිබද දුක් වෙන්න එපා
  13. උඩින් මිතුරු යටින් සතුරු :-උඩින් හොද මුහුණ පෙන්නා යටින් සතුරුකම් කිරීම
  14. එක මල්ලේ ලුණු කාලා වගේ :- එක සමාන පිරිසක් පිළිබද කීම
  15. එළිපත්ත උඩ ඉන්න බල්ලා වගේ :- නිශ්චිත තීරණය නොගෙන සිටීම
  16. එකට කෑවත් බොක්ක වෙනස් :- එකට වාසය කලද වාසියේ දී වෙනස් වීම
  17. කළු නික සොයන්නා වගේ :- ඉතා අමාරු දෙයක් සෙවීම
  18. කළුවා මාරපන් ගියා වගේ:- විමසීමෙන් තොර ව කටයුතු කිරීම
  19. කවට කමින් ඇස් රතුවෙනවා :- සෙල්ලම ලෙල්ල ම වීම
  20. කිඹුලා කිරි මැටි ගිලින්නා වගේ :- කෑම වල රස පිළිබද නොසිතා ගිල දැමීම
  21. කිරි ගහට ඇන්නා වගේ :- හරියට ම හරි ගිය දෙයක්
  22. කිරි මුහුදට හඳ පෑව්වා වගේ :- වඩාත් සතුටු වීම
  23. කිරියි පැණියි වගේ :- ඉතා හොදින් ගැළපීම
  24. කුරුල්ලන්ට වැට බන්දා වගේ :- අසාර්ථක ලෙස වැඩ කිරීම
  25. කොස් ඇති තැනමලු බතුත් :- යමක් කමක් ඇති අයට වාසි ලැබීම
  26. බක තපස් රකින්නා වගේ :- බොරු සීලයක් රැකීම
  27. ගිය ලූලා මහ එකාලු :- නැති වූ දෙයක් අගය කිරීමේ දී යෙදේ
  28. ගුරුන්ටත් අකුරු වරදී :- ඉතා  දක්ෂයින්ට ද වැඩ වරදී
  29. ගෝනි නැති ව කරෙන් යනවා වගේ :- බොරුවෙන් චාටුවෙන් රවටා ගැනීම
  30. තට්ටු කරන්නාට දොර ඇරේ :- උත්සහ වන්තයා ජය ගනී
  31. දවල් තරු පෙනිලා වගේ :- බලවත් වරදක් මුලාවක් සිදුවීම
  32. දාහට අරන් සියයට දුන්නා වගේ :- පාඩු ගෙන දෙන වෙළෙදාම
  33. දිමි කූඩුව ඇවිස්සුවා වගේ :- බලවත් වූ කැලඹීමක් ඇති කිරීම
  34. දිය යටින් ගින්දර ගිනියනවා වගේ :- මිත්‍ර වී සිට යටි උගුල් ඇටවීම
  35. දී කිරට බළලුත් සාක්කිලු :- වාසි ඇති තැනට කවුරුත් හිතවත් වීම
  36. දේසේ හැටියට වාසේ :- තැනට සුදුසු ලෙස වැඩ කටයුතු සිදු කිරීම
  37. පිස්සිගේ පලා මල්ල වගේ :- කිසි පිළිවෙළට නොමැති වීම
  38. යොත් මැරිල්ලක් :- අසරණාධාර ගනුදෙනුවක් කිරීම
  39. හොදට නොහොදට දෙකට කටම ය :- හෙදට නරකට දෙකට ම කට මුල් වීම
  40. හොර බල්ලට පොල් බෑයෙන් ගැහුවා වගේ :- මෝඩ දඩුවමක් දීම
  41. හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ :- ඇත්ත සගවා බොරු කීම
  42. හොස්ස ළගින් මැස්සට වත් යන්න බෑ වගේ :- සුළු දේකට පවා කේන්ති යාම
  43. ළගින් ගියොත් ඇහැක් නෑ :- කපටි පුද්ගලයින්
  44. ළිදක් කපා උල්පත් දැක්කා වගේ :- මහන්සියෙන් ප්‍රථිපල ලැබීම
  45. ලිදේ සිටින මැඩියා වගේ :- සුළු දනුමක් ඇති තැනැත්තා
  46. අටුව කඩා පුටුව හැදුවා වගේ :- වටිනා දෙය විනාශ කිරීම
  47. ආඩි හත් දෙනාගේ කැද හැලිය වගේ:-එක සමාන කපටි පුද්ගලයින් වාසය කිරීම
  48. පරංගියා කෝට්ටේ ගියා වගේ :- කෙටි මාර්ගයක් තිබිය දී දුර මාර්ගයකින් යෑම
  49. පුන්සදෙත් කැළලක් නැද්ද :- මෙලොව වරදක් නැති කෙනෙක් නැත
  50. ජාඩියට මූඩිය වගේ :- හොදින් ගැලපෙන අය