2 පාඩම, බුදු සිරිතේ අවසන් විසිපස් වසර (ඉගැන්වීම් උපකාරක කෙටි සටහන්)
- දෙව්දත් තෙරුන්ගේ වැරදි මග පෙන්වීම නිසා අජාසත් රජු විසින් තම පියා වන බිම්බිසාර රජු මරා මගධයේ රජ වූයේය.
- දෙව්දත් තෙරුන් බුදුරදුන් නැසීමට සිතා,
1. දුනුවායන් යැවුවේය.
2. ගිජ්ඣකූට පර්වතයේ සිට ගලක් පෙරලුවේය.
3. රා කල දහසක් පොවා නාලාගිරි ඇතු යැවුවේය.
4. නවක භික්ෂූන් 500ක් තම බසට හරවා ගනිමින් සංඝභේදය කළේය.
- බුදුරදුන් නිසා සිය ලාභ සත්කාර අඩු වනු දුටු අන්යාගමික් පිරිස් බුදුරදුන්ට නින්දා කිරීමට,
1. සුන්දරී පරිබ්රාජිකාව මරා දෙව්රම් වෙහෙර අසළ වළදැමූහ.
2. චිංචා නම් මානවිකාව ගැබිනියක මෙන් සරසා බුදුරදුන් ඉදිරියට යැවූහ.
- බුදුරදුන් අවසන් විසිපස් වසර තුලදී අසරණයන්ට පිහිට වෙමින් ඉමහත් සේවාවක් සැළසූ සේක.
උදා:-
1. කෙත පාලු වූ ගොවියාට පිහිට වීම.
2. දරුවන්ගෙන් සැලකිළි නොලත් මහලු බමුණාට පිහිට වීම.
3. මියගොස් සැඩොල් කුලයේ අංගවිකලව උපන් ආනන්ද නම් මසුරු සිටුවරයාට පිහිට වීම.
4. වරදට හසු වී දඬුවම් විඳීමට ගිය නිවැරදි ගොවියාට පිහිට වීම.
5. දන් දීම සඳහා ජාතිය හා ගෝත්රය විමසූ සුන්දරික භාර්ද්වාජ බමුණාව සුමගට ගැනීම.
6. ගැරඬියෙකුට හින්සා කරමින් සිටි දරුවන්ව ඉන් වළක්වා අවවාද කිරීම.
7. අදින්නපුබ්බක නම් මසුරු සිටානන්ගේ පුත් මට්ටකුණ්ඩලීට පිහිට වීම.
8. ඡත්ත නම් මානවක කුමාරයාට පිහිට වීම.
9. පූතිගත්ත තිස්ස තෙරුන්ට හා උදරාබාධයෙන් පෙළුණු භික්ෂුවට පිහිට වීම.
10. රජ්ජුමාලා, කුමාර කාශ්යප මාතාව, කිසා ගෝතමී, පටාචාරා වැනි අසරණ කාන්තාවන්ටද බුදුරදුන් පිහිට වූ සේක.
සප්ත අපරිහානීය ධර්ම,
1. නිතර එක්රැස්වීම.
2. සමගිව රැස්ව, සමගිව කටයුතු කොට සමගිව විසිර යාම.
3. නොපැනවූ නීති නොපැනවීම හා පැනවූ නීති කඩ නොකිරීම.
4. වැඩිහිටියන්ට ගරු බුහුමන් කිරීම.
5. කුල කුමරියන්ට ගරු කිරීම.
6. තම රාජ්යයේ හා පිටත පිහිටි පූජනීය ස්ථානවලට ගරු කිරීම.
7. ආගමික පූජ්ය පක්ෂයට පහසුකම් සැලසීම.
- බුදුරජාණන් වහන්සේ 45 වසරක් ලෝක සත්වයාගේ හිත සුව පිණිස කටයුතු කළ සේක.
- භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන අය සිව්වනක් පිරිස ලෙස හැඳින් වේ.
- සිය අඹ උයන බුදුරදුන්ට පූජා කළ අම්බපාලී නම් නගර ශෝභිනිය බුදු බණ අසා රහත් ඵලයට පත් වූවාය.
- බුදුරදුන් සිය 45 වන අවසන් වස් කාලය බේලුව නම් ගමේ ගත කළ සේක.
- පරිනිර්වාණ සමයේ බුදුරදුන්ට වැළඳුනු ලෝහිත පක්ඛන්දිකා රෝගය උන්වහන්සේ අධීෂ්ඨාන බලයෙන් යටපත් කරගත් සේක.
- දිනක් ආනන්ද තෙරුන් ඇමතූ බුදුරදුන් සිය ශරීරය දිරාපත්ව ඇති බවත්, තමන් වහන්සේ වටහාගත් ධර්මය ගුරුමුෂ්ඨි නොතබා දේශනා කොට ඇති බවත්, සිය ඇවෑමෙන් පසු ධර්මය සරණ කොටගෙන ජීවත් වන්නැයි වදාළහ.
- බුදුරදුන් පිරිනිවන්පානා බව ඇසූ ධම්මාරාම තෙරණුවෝ බුදුන් ජීවමානව සිටියදීම රහත් වීමට සිතා කළ වෑයම බුදුරදුන්ගේ ප්රශංසාවට ලක් විය.
- සැරියුත් මුගලන් දෙනමගේ භෂ්මාවශේෂ තැන්පත් කොට චෛත්ය ඉදිකරවීම තුලින් පිදිය යුත්තන් පිදීම පිළිබඳව ශ්රේෂ්ඨ ආදර්ශයක් බුද්ධ චරිතය තුලින් ගත හැකිය.
- ඡන්ද, චිත්ත, වීරිය, වීමංසා යන සතර ඍද්ධිපාද වැඩූ බුදුවරයෙකුට අවශ්යනම් ආයු කල්පයක් වැඩ වාසය කළ හැකි බව වදාළ මුත් බුදුරදුන් චාපාල චේතියේදී ආයු සංස්කාරය අත්හැරීමට පෙර එසේ ආයු කල්පයක් වැඩ වාසය කරන්නැයි ආරාධනා කිරීමට අනඳ තෙරුන්ට කල්පනා නොවීය.
සටහන:-
සතර ඍද්ධිපාද
ඍද්ධීන් ලැබීමට උපකාර වන ධර්මයන් ඍද්ධිපාද නමින් හැඳින් වේ.
1. ඡන්ද ඍද්ධිපාදය - ඍද්ධිය ලබාගැනීමට ඇති බලවත් කැමැත්ත.
2. චිත්ත ඍද්ධිපාදය - වෙනස් නොවන සුලු අතිශය ප්රභල සිත.
3. වීරිය ඍද්ධිපාදය - සම්යග්ප්රධාන වීර්ය හෙවත් අත්නොහරින තදබල වීර්ය.
4. වීමංසා ඍද්ධිපාදය - ස්කන්ධ ආදී ගැඹුරු ධර්මයන් තේරුම් ගැනීමට සමත් ප්රඥ්ඥාව.
- විශාලා මහනුවර කූඨාගාර ශාලාවට භික්ෂූන් රැස් කරවූ බුදුරදුන් තථාගතයන් වහන්සේ තව තුන් මසකින් පිරිනිවන් පානා බව පවසා “සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුලුය. නොපමාව කුසල් දහම් හි යෙදෙන්න“යැයි වදාළහ.
- විශාලා මහනුවරින් නික්ම, භණ්ඩ ග්රාමයට වැඩම කළ බුදුරදුන් එහි සිටි භික්ෂූන්ට සීල, සමාධි, ප්රඥ්ඥා යන ත්රිශික්ෂාවේ අනුසස් වදාළ සේක.
සටහන:-
ත්රිශික්ෂා පිළිබඳව වැඩිදුර විස්තරයක් සඳහා 8 ශ්රේණිය 30 වන පාඩම වන “ත්රි ශික්ෂාව හැඳිනගනිමු“ සහ ඊට අදාල ඉගැන්වීම් උපකාරක කෙටි සටහන් බලන්න.
- ඉන්පසු භෝග නගරයට වැඩම කළ බුදුරදුන් එහි සිටි භික්ෂූන්ට “සතර මහා පදේස“ දේශනා කළ සේක.
සටහන:-
සතර මහා පදේස,
1. බුද්ධපදේස
2. මහාථේරාපදේස
3. සංඝථේරාපදේස
4. ඒකථේරාපදේස යනු සතර මහා පදේස වේ.
- අනතුරුව පාවා නුවරට වැඩම කළ බුදුරදුන් සිය අවසන් දානය ලෙස චුන්ද කර්මාර පුත්රයා විසින් පිළිගැන්වූ සූකර මද්දව නම් ආහාරය වැළඳීමෙන් ලෝහිත පක්ඛන්දිකා රෝගය යලි උත්සන්න විය.
- බුද්ධත්වයට පත්වූ පසු වැළඳූ ප්රථම දානය වන සුජාතා සිටු දියණියගේ කිරිපිඬු දානයත් චුන්ද කර්මාර පුත්රයාගේ අවසන් දානයත් සමාන ආනිසංස ඇති බව බුදුරදුන් විසින් වදාළහ.
- අතරමගදී බුදුරදුන්ගෙන් බණ ඇසූ පුක්කුස නම් මල්ල රජ දරුවා සිය රන්වන් පැහැ වස්ත්ර යුගලය බුදුරදුන්ට හා අනඳ හිමියන්ට පූජා කළේය.
- පිරිනිවන් මංචකයෙහි උතුරට හිස තබා වැඩහුන් බුදුරදුන් බුද්ධ පරිනිර්වාණයෙන් පසු දැක සංවේක උපදවාගත යුතු ස්ථාන 4ක් වදාළහ.
1. බුදුරදුන් උපත ලද ලුම්බිනිය.
2. බුද්ධත්වයට පත් වූ බුද්ධගයාව.
3. දම්සක් පැවතුම දේශනා කළ ඉසිපතනයේ මිගදාය.
4. පිරිනිවන් පා වදාළ කුසිනාරාව.
සටහන:-
බුද්ධ පරිනිර්වාණයෙන් පසු දැක සංවේග උපදවාගත යුතු ස්ථාන පිළිබඳව වැඩිදුර විස්තරයක් සඳහා 10 ශ්රේණිය 32 වන පාඩම වන “දඹදිව වන්දනීය ස්ථාන සතර“ සහ ඊට අදාල ඉගැන්වීම් උපකාරක කෙටි සටහන් බලන්න.
- බුදු සසුනේ අවසාන බුද්ධ ශ්රවකයා නම්, බුද්ධ පරිනිර්වාණයට මොහොතකට පෙර පැමිණ පැණයක් අසා පැවිදිව රහත් බාවයට පත් සුභද්ර රහතන් වහන්සේ ය.
- “මහනෙණි, මම දැන් ඔබ අමතමි, සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුලු වෙති. අප්රමාදීව කුසල් රැස් කරන්න.“ යන අර්ථයෙන් වදාළ “භන්දදානි භික්ඛවේ ආමන්තයාමි වෝ, වයධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේථ“ යන මෙය අවසන් බුද්ධ වචනයයි.
- වෙසක් පුන් පොහෝ දින රාත්රියේ මල්ල රජ දරුවන්ගේ උපවර්ථන සල් උයනේ වැඩ සිටියදී බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වදාළ සේක.
- මහා කාශ්යප මහ රහතන් වහන්සේ අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව මකුට බන්ධන නම් ස්ථානයේදී, සඳුන් දර සෑයක සක්විති රජෙකු ආදාහනය කරන ආකාරයට ශ්රී දේහයේ ආදාහන කටයුතු සිදුකෙරිණි.