ප්‍රතිජීවක හා ප්‍රතිශක්තිකරණ එන්නත්


ප්‍රතිජීවක 

  • 9 ශ්‍රේණියේදී ඔයාලට බැක්ටීරියාවන්ට විරුද්ධව ක්‍රියාකරන ප්‍රතිජීවක වර්ග 4 කුත් දිලීර වලට විරුද්ධව ක්‍රියා කරන ප්‍රතිජීවක වර්ග 1 කුත් මතක තබා ගැනීමට සිදුවනවා.
  • ප්‍රතිජීවක වලදී ඔයාලට මතක තියාගන්න අපහසු කොටසක් කෙටි ක්‍රමයකින් හදුන්වාදෙන්න තමයි මේ උත්සහය.
  • බැක්ටීරියවන්ට විරුද්ධ ප්‍රතිජීවක  4 මතක තබා ගන්නා ආකාරය. ඒක මතක තබා ගන්නේ ඉංග්‍රීසි භාෂාවේ එන ඉතාම සරල වචනයක් වන TAPE (ටේප් ) කියන වචනයෙන්.දැන් අපි බලමු මේ එක් එක් අකුරෙන් කියවෙන ප්‍රතිජීවක වර්ග 4 මොනවද කියලා.
  • T - ටෙට්‍රාසයික්ලීන් 
  • A- ඇමොක්සිසිලීන් 
  • P- පෙනිසිලීන් 
  • E- එරිත්‍රොමයිසීන් 
  • ඔය විදියට. මම හිතනවා ඔයාලට මේක ඉතා පහසු කෙටි ක්‍රමයක් කියලා.
  • ඊළගට අපි බලමු මොකක්ද දිලීර කියන කෙනාට විරුද්ධ ප්‍රතිජීවකය කියලා. ඒ තමා - ග්‍රීසියෝෆුල්වීන් 

ප්‍රතිශක්තිකරණ එන්නත් 

ප්‍රතිශක්තිකරණ එන්නත් නිපදවන්නේ නිපදවන්නේ අඩපණ කරන ලද හෝ මියගිය ක්ෂුද්‍ර ජීවීන් මගිනි.

1.අඩපණ කරන ලද ක්ෂුද්‍ර ජීවීන් මගින් නිපදවාගන්නා එන්නත්.

  • ඒක මතක තබා ගන්න කෙටි ක්‍රමය තමා පෝක්සරම කියන වචනය 
  • පෝ - පෝලියෝ
  • ක් - ක්ෂය රෝගය 
  • සරම - සරම්ප 

2. මියගිය ක්ෂුද්‍ර ජීවීන් යොදාගෙන නිපදවාගන්නා එන්නත්.

ඒක මතක තියාගන්න කෙටි ක්‍රමය තමා ICT කියන ඉංග්‍රීසි වචනය.

I- ඉන්ෆ්ලුවෙන්සා 

C- කොළරාව 

T- ටයිෆොයිඩ් 

3. විෂ හරණය(ඉවත් කරන ලද කියන අදහස) කරන ලද ක්ෂුද්‍ර ජීවීන් මගින් නිපදවන එන්නත් 

ඒක මතක තබා ගන්නේ ගලපිට යන වචනයෙන් 

ගල-ගලපටලය 

පිට-පිටගැස්ම 

4.ක්ෂුද්‍ර ජීවීන්ගේ කොටස් යොදා නිපදවන එන්නත් 

හෙපටයිටීස් බී සදහා දෙනු ලබන එන්නත්.

මෙම මතක තබා ගැනීමේ කෙටි ක්‍රම ඔබගේ යහලුවන් සදහාද ලබා දෙන්න.

ජීව වායු නිෂ්පාදනය 

යොදාගන්නා අමුද්‍රව්‍ය - ගොම , පිදුරු , හා ජලය අඩංගු මිශ්‍රණයක් 

එම ද්‍රව්‍ය මත ක්‍රියාකරන ක්ෂුද්‍ර ජීවියාගේ නම - මෙතනොකොකස් /මීතනෝකොකස් 

ජීව වායුවේ ප්‍රධාන වශයෙන් අන්තර්ගත වන වායුව - මීතේන් වායුව 

ජීව වායුව යොදාගැනෙන්නේ - බලශක්ති උත්පාදනය සදහා 

ක්ෂුද්‍ර ජීවීන් ජීවත් වන ස්ථාන 

  • ආන්තික පරිසර (අපට ජීවත් වීමට නොහැකි ක්ෂුද්‍ර ජීවින්ට පමණක් ජීවත් විය හැකි පරිසර )- උණු දිය උල්පත් , ලවණ වගුරු , පෙට්‍රල්, ඩීසල් 
  • මිනිසාගේ සම , මුඛය , දේහ මතුපිට හා අභයන්තරය 
  • එළවලු 
  • පලතුරු 
  • වායුගෝලයේ කිලෝමීටර් 6 ක් පමණ ඉහලින් ක්ෂුද්‍ර ජීවීන් බහුලව භාවිත වන කර්මාන්ත 
  • කිරි ආශ්‍රිත නිෂ්පාදන
  • ජීව වායු නිෂ්පාදනය 
  • ලෝහ නිස්සාරණය
  • ශාක කෙදි ආශ්‍රිත නිෂාදන 
  • මධ්‍යසාර නිෂ්පාදනය 
  • විනාකිරි නිෂ්පාදනය
  • බේකරි නිෂ්පාද්න 
  • විශේෂ කරුණු

යෝගට් නිෂ්පාදනය සිදුකිරීමේදී පලමුව අදික උෂ්නත්වයකට රත් කරන්නේ සාම්පලයේ ක්ෂුද්‍රජීවීන් විනාශ කිරීම සදහාය.

ශීතකරණයේ තැබීම සිදුකරන්නේ තවදුරටත් බැක්ටීරියා ක්‍රියාකාරීත්වය අඩාල කිරීමටය 

මෙහිදී මුහුම් ලෙස ස්ට්‍රෙප්ටොකොකස් , ලැක්ටොබැසිලස් වැනි බැක්ටීරියා මුහුම් ලෙස එකතු කරනු ලබයි.එසේ සිදු කරන්නේ කාබෝහයිඩ්‍රේට් වල අඩංගු ලැක්ටෝස් ලැක්ටික් අම්ලය බවට පත් කිරීම සඳහාය.

කර්මාන්ත සදහා ක්ෂුද්‍ර ජීවීන් යොදාගැනීමට හේතු 

ඉහළ වර්ධන වේගය හා වර්ධන සීග්‍රතාව 

විවිධ උපස්තර මත ක්‍රියා කිරීමේ හැකියාව 

නූතන ජාන තාක්ෂ්නයේදී බහුලව භාවිතා කල හැකි වීම.

මහා පරිමාණ කර්මාන්ත සදහා බලශක්තිය බොහෝ ලෙස අවශ්‍ය උවද ක්ෂුද්‍ර ජීවීන් යොදාගන්නේ නම් බලශක්තිය මහා පරිමාණයෙන් අවශ්‍ය නොවීම.

ක්ෂුද්‍ර ජීවීන් බොහෝමයක් පරිසරයෙන් ඉතා අඩු මුදලකට නොමිලේම ලබාගත හැකි වීම.