සාම්ප්‍රදායික යෙදුම් වලින් එකක් වන ප්‍රස්ථාව පිරුළු භාෂාව රසවත් කර ගැනීමට යොදා ගැනේ්. ප්‍රකාශ කිරීමට අපේක්ෂිත අදහසක් වඩාත් හොඳින් තහවරු කරගැනීම සඳහා ප්‍රස්ථාව පිරුළු යොදා ගැනේ. භාෂණයේදී මෙන්ම ලේඛනයේදී ද බහුල ව භාවිත වන මෙම යෙදුම් විශේෂය මගින් වචනාර්ථය ඉක්මවා යන පුළුල් අදහසක් ප්‍රකාශ කරයි.පහත දැක්වෙන්නේ ප්‍රස්තාව පිරුළු කිහිපයකි.
ගැරඩි මරා පව් ගන්නට එපා - අහිංසකයන්හට හිංසා පීඩා ආදිය නොකළයුතු බව
ගැහැනුන් බෝවේ කළගෙඩි වේලේ - කාන්තාවන් එකතුවන තැන වැඩක් නොකෙරෙන බව
ගොරවන තරමට වහිනනේ නෑළු - කියන තරමටම වැඩක් නොකෙරෙන බව
කිරෙන් බැද්දත් තිත්ත තිබබටු තිත්තමයි - කොපමණ යහපත් දේ කළත් දුදනාා වෙනස් කළ නොහැකි බව
කිරි පොවා සර්පයෙකු ඇති කළා වගේ - නරක ගති ඇති අයෙකුට උපකාරයක් කළත් අයහපත්ක්ම සිදුවන බව
කෑ මකුණත් එඑකයි නොකෑ මකුණත් එකයි - වැරදි කරුවන් හා නිවැරදි කරුවන් යන දෙදෙනාම සමානව සැලකීම
තිසා වැවේ සොරෙව්ව කැඩුවා වගේ - යමක් ඉතාමත් වේගයෙන් පැමිණීම පිළිබඳ කියවේ
තනි ගහ උයනක් වෙනනේ නැතිලු - තනි පුද්ගලයා කණ්ඩායමක් නොවන බව
නිතර දෙවේලේ දකින කුකුළාගේ කරමල සුදුලු - නිතරම දකින දෙයක අගය අඩු බව
දවල් තරු පෙනුනා වගේ - බලවත් වරදක් සිදුවීම
දැලි පිහියෙන් කරවිල කැපුවා වගේ - හොඳ දෙයක් පහත් කාර්යයකට යෙදවීම
පුස්ස බින්දා වගේ - ගත් උත්සාහයකින් කිසිම ඵල ප්‍රයෝජනයක් නොලැබීම
බඩේ බිජු තියාගෙන කතා කරනවා - හිතේ එක දෙයක් තියාගෙන කියද්දී වෙනත් දෙයක් කීම
තැල්ල බඳිනන බෙල්ල හෙව්වා වගේ - තද අමතක වීමක් සම්බන්දයෙන් යෙදේ
දවස පුරා දිය ඇඳ කළය බින්දා වගේ - හොඳ වැඩක් කර අන්තිමේදීී එහි වටිනාකම අහෝ්සිවන අන්දමේ දෙයක් කිරීම
දියෙන් උපන් ලුණු දියෙන් නැසෙන්නාසේ - තමන් විිසින් උපයා ගත් ධනය තමා විසින්ම විනාශ කරගැනීම
දාහට රන් සීයට දුන්නා වගේ - පාඩු සහිත වෙළදාමක් ගැන කියවේ
වඳුරු කිඹුලාට මඟුල් ජෝඩු කළා වගේ් - යමෙක් දැඩි ලෙස මුලාවට පත්කිරීම
වැද්දෝ ගෙවල් හදන්නා වගේ - කියනවා මිස නොකෙරෙන වැඩක් සම්බන්ධයෙන් කියවේ
ලෙඩ කපුටා වැල කනවා වගේ - වැඩක් කිරීමට කාලයක් ගතවීම
වැඩිසේනේ දෙබරටයි - උවමනාවට වඩා හිතවත් වීම රණ්ඩුවට හේතුවන බව
ළිඳේ සිටින මැඩියා වගේ - සුළු දැනුමක් ඇති තැනැත්තා
බල්ලගේ වැඩේ බූරුවා කළා වගේ - අනුන්ගේ වැඩක් කර අමාරුවේ වැටීම
රුපියල් අස්සේ අලුක්කාල් ගහන්න යනවා වගේ් - ලොක්කන්ගේ වැඩ විශාල අතරට ගොස් පොඩි අය සුළු වැඩකිරීමට යාම
රෙද්දේ් පමණට කබාය කපනු - පමණ දැනගෙන කටයුතු කළයුතු බව
තෝන් ලණුව දාගත්තා වගේ - තමාට අවශ්‍ය පරිදි වැඩ ගැනීම පිණිස අපායක් යෙදීම
මඩේ හිටවූ ඉන්න වගේ - ස්ථීර ප්‍රතිපත්තියක් නොමැතිි
රෝස මලෙත් නටුවේ කටුලු - යහපත් දෙයක පවා අයහපතක් ඇති බව
හොර බල්ලන්ට පොල් බෑයෙන් ගැහුවා වගේ - මෝඩ දඬුමක් දීම
හනුමා දර පලනවා වගේ - පිළිවෙළක් නැති වැඩක් කිරීම
දෙයියන්ගේ හාල් කැවිලා වගේ - හොඳක් නොවන ක්‍රියාවක් කිරිම නිසා සිහිය විකල් වීම
දුවන්නා වාලේ කෙට එළදෙන දිව්වා වගේ - කරන්නා වාලේ වැඩක් කිරීම
නටන්න බැරි මිනිහට පොළව ඇඳයිලු - තමාගේ් බැරිකම නොකියා තම අදක්ෂතාවන් වසා ගැනීමට කටයුතු කිරීම