සාම්ප්රදායික යෙදුම් යනුවෙන් හදුන්වනනේ භාෂාව රසවත් කරගැනීමටත් ප්රාණවත් කර ගැනීමටත් පාඨක අවධානය යොමු කර ගැනීමටත් හැකි වන පරිදි භාෂාවක යොදාගන්නා සාම්ප්රදායික යෙදුම් ප්රස්තාව පිරුළු, ආප්තෝපදේශ හා රූඪි හෙවත් ඉඟිවැකි ආදී වශයෙන් දැක්විය හැකිය. පහත දැක්වෙන්නේ මෙම සාම්ප්රදායික යෙදුම් තුන පිළිබදව කෙටි විස්තරයක් හා ඒවාට උදාහරණයි.
01.ප්රස්තාව පිරුළු
ප්රස්තාව පිරුළු යනුවෙන් හදුන්වන්නේ අවස්ථාවට උචිත කියමන්ය. මේවා නිර්මාණය කර ඇත්තේ අතීතයේ ජීවත් වූ ගැමියන් විසිනි. ප්රකාශ කිරීමට අපේක්ෂිත අදහස් වඩා හොඳින් තහවුරු කරගැනීම සඳහා ප්රස්තාව පිරුළු යොදා ගැනේ. භාෂණයේදීත් ලේඛනයේදීත් බහුලව භාවිත වන මෙම යෙදුම් විශේෂය මගින් වචනාර්ථය ඉක්මවා යන පුළුල් අදහසක් ප්රකාශ කරයි.ප්රස්තාව පිරුළු වලට උදාහරණ කිහිපයක් පහත දැක්වේ. ඒවා නම්,
01.ගඟට ඉනි කැපුවා වගේ - උත්සාහය නිෂ්ඵල වීම.
02.අහසට ඉනිමං බැන්දා වගේ - නිෂ්ඵල ක්රියාවක් සිදුකිරීම.
03.බක තපස් රැක්කා වගේ - බොරු ශීලයක යෙදීම.
04.පරංගියා කොට්ටේ ගියා වගේ - කෙටි මගක් තිබියදී දිගු මගකින් යාම
05.නිකිණි සොයන්නට ගියා වගේ - සොයාගැනීමට අපහසු දෙයක් සොයා ගැනීමට උත්සාහ කිරීම.
06.කිරි ගහට ඇන්නා වගේ - ස්ථීරවම ප්රතිඵල ලැබීම.
07.මඩේ හිටවූ ඉන්න වගේ - ස්ථීර ප්රතිපත්තියක් නොමැති මිනිසුන් ගැන කීමේදී
08.බළලුන් ලවා කොස් ඇට බාවගන්නවා වගේ - අනුන් ලවා කපටි වැඩ කරවා ගැනීම
09.පිස්සිගේ පලා මල්ල වගේ - කිසි පිළිවෙළකට නැති
10.මීයට පිම්බා වගේ - දැඩි නිහඬතාවක් ගැන කීමේදී
11.අලි මදිවට හරක් - එක කරදරයක් මදිවට තවත් කරදරයක් පැමිණීම.
12.අනින ගොනා වැඩට හොදයි - සැරවැර තිබුණත් කාර්යය හොදහැටි කිරීම.
13.ඉබ්බාට පැරදුණු හාවා වගේ - තමන් ගැන අධිතක්සේරුවක් කර ගනිමින් විනාශයට පත්වීම.
14.අතු කඩා මොර කන්නා සේ - විනාශයක් කරමින් යම්දෙයක් ප්රයෝජනයට ගැනීම.
15.අඟේ ඉදන් කන කනවා වගේ - ළඟින් ඇසුරු කරමින් සතුරු වැඩ කිරීම.
02.ආප්තෝපදේශ ආප්තෝපදේශ යනුවෙන් හදුන්වන්නේසමාජයේ ජීවත්වන බහුශ්රැතපුද්ගලයන් විසින් අනෙක් පුද්ගලයන්ටලබා දෙන උපදේශයන්ය.යම් අවවාදයක් ලබා දෙන පුද්ගලයා තමන් ලබා දෙන අවවාදය පිළිපැදිය යුතුය. වචනාර්ථය අභිබවා වෙනත් අර්ථයක් ප්රකාශ වීම, රූඪි වල ඇති විශේෂත්වයයි. පහත දැක්වෙන්නේ ආප්තෝපදේශවලට උදාහරණ කිහිපයකි. 01.පෙරළෙන ගලේ පාසි නො බැදේ. 02.ඉවසීමෙන් සැනසීම ලැබේ. 03..පිරුණු කළේ දිය නො සැලකේ. 04.උඩ පැන්නොත් බිම වැටේ. 05.ගින්නක් නැතිව දුමක් නො ගනී. 06.පනින්න පෙර සිතා බලනු. 07.උගතමනා ශිල්පයමයි මතු රැකෙනා. 08.දිලිසෙන සියල්ල රත්තරං නො වේ. 09.ඔවා දෙනු පර හට - තමා සම්මතයෙහි පිහිටා සිට (ලෝකෝපකාරය) 10.අවිගත්තෝ අවියෙන් ම නසිති. 11.හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ. 12.ගොඩැල්ලේ තරම දැනගෙන ළිඳ කපනු බොරැල්ලේ තරම දැනගෙන උඩ පනිනු කඩුල්ලේ තරම දැනගෙන වැට බඳිනු තමන්ගේ තරම දැනගෙන කල් අරිනු (ජනකවි) 13.අගුරු කිරෙන් සේදුවත් සුදු නොවේ 03.රූඪි හෙවත් ඉඟිවැකි ඉඟිවැකි හෙවත් රූඪි සාම්ප්රදායික යෙදුම් වලින් එකකි. භාවිත කෙරෙන වචනවලට ප්රකටව ලෙනෙන අර්ථවලට ඉඳුරා ම වෙනස් අර්ථයක් ධ්වනිත වන ලෙස යොදන භාෂාත්මක යෙදුම් රූඪි නම් වේ.වචනාර්ථය අභිබවා වෙනත් අර්ථයක් පුකාශ වීම, රූඪී වල ඇති විශේෂත්වයයි. පහත දැක්වෙන්නේ ඉඟිවැකිවලට උදාහරණ කිහිපයකි. 01.සායම ගියා - නම්බුව විනාශ වීම 02.නහින දෙහින කාලේ - යමක් කර කියා ගත නොහැකි කාලය 03.කරල පැහිලා - යහපත් කාලයක් උදාවෙලා 04.මුරුංගා අත්තේ තැබීම - බොරු වර්ණනා කිරීම. 05.සුදු ළූණු පොඩි කිරීම - අනුන් මුලා කිරීම. 06.කිඹුල් කඳුළු හෙළීම - බොරවට ඇඬීම. 07.දෙහි කපනවා - දොස් පැවරීම. 08.අං ඒම - අහංකාර වීම. 09.අකුල් හෙළීම - බාධා කිරීම. 10.පණට පණ මෙන් - ඉතා හිතවත් ලෙස