දේශීය නර්ථනයේ රන් සලකුණ කියා හඳුන්වනු ලබන්නේ ආචාර්ය එස්. පණීභාරත මහතාය. ඔහුගේ උපන්ගම වන්නේ කෑගල්ල අල්ගම ප්රදේශයයි.මොහු ඉපදුනේ 1920 පෙබරවාරි 24 වනදායි.මොහු තම අත්තා වන අල්ගම සිරියා හා බාප්පා වන කිරිගණිතයා ගුරුන්නාන්සේලාගෙන් මලින්ම නැටුම් ඉගෙන ගත් පණීභාරත, පුංචිකිරා කෝන්පලේ ගුරුවරයාගෙන් හා මුද්දනාවේ ගුරුතුමා යන අයගෙන් බෙර වාදනයත්, තිබ්බටවාවේ පනික්කි ගුරුන්ගෙන් දවුල් වාදනයත්, මංගලතිරියේ සියදෝරිස් ගුරන්ගෙන් තම්මැට්ටම් වාදනයත් ඉගෙන ගත්තාය.රත්නාගල සිමා ගුරුන්ගෙන් බල්යාග ද වෙල්ගම පහතරට ගිරිතේරිස් ගරන්ගෙන් පහතරට නැටුම් ද ඉගෙන ගත්තා.පුංචි මහත්මයා ගුරුන්ගෙන් සබරගමු නැටුම්ද ඉගෙන ගත්තා.පණීභාරත ගායන ,වාදනය ,නර්තන ශිල්පියෙකු වූයේ මෙම ගුරුවරන්ගේ ශිල්ප හැදෑරීම නිසාය.
තවත් මොහුගේ මේ නිර්මාණ ශීලීත්වයට ජේ.ඩී.ඒ. පෙරේරා මහතාගෙන් ඉගෙන ගත් චිත්ර කලාවත් කොටහේනේ සාදිරිස් ගුරතමාගෙන් ඉගෙන ගත් සංගීත කලාවත් උපකාරී වුණා.මොහුට මේ දක්ෂතා නිසා අවස්ථාවන් රාශියක් ලැබණා.ඒවා නම් ගුවන් විදලි සංස්ථාව විවෘත කිරීමේ දි මගුබෙර වාදනය කළෙත් ඔහුයි. ඒ වගේම ජේ.ඩී.ඒ.පෙරේරා මහතාගේ බිරිඳ වන චන්ද්රලේඛා පෙරේරා මහත්මියගේ නර්තනයට බෙර වාදනය කරන්නෙකු ලෙස භාරතයට යාමට මෙතුමාට අවස්ථාවක් ලැබණි.ඒ වගේම එහිදී හමු වූ ගොපිතාන් මහතා ප්රදානය කළ ශිෂ්යත්වය හිමි වුයේය.
මොහුට ලැබුනු තනතුරු තානාන්තර පහත පරිදි වේ.
01.1948 භාරතයේ සිට ලංකාවට පැමිණ කොළඹ රාජකීය විස්යාලයේ ගුරුවරයෙකු ලෙස
02.මීරිගම ජ්යෙෂ්ඨ පාඨශාලාවේ නැටුම් ගුරුවරයා ලෙස
03.මීරිගම ගුරු අභ්යාස විද්යාලයේ කථිකාචාර්යයවරයෙකු ලෙස
04.රජයේ ලලිතකලායතනයේ විදුහල්පති වරයෙකු ලෙස
එතුමා සතු ගායන, වාදන,නර්ථන යන කොට්ඨාස තුනේ දියණුයට බෙහෙවින් මහෝපකාරී විය.රටේ විවිධ ස්ථාන වල කලායතන බිහිකරන්නටත් ඒවාට අවශ්ය උපදෙස් හා සොයා බැලීම් කරන්නටත් එතුමා පුරද වී සිටියා.පෞද්ගල්ක ගමන් බිමන් යාමේ දී පවා තොවිලයක්, ගම්මඩුවක්, කොහොඹා කංකාරියක් දුටු විට මදක් නැවතී ඒවායේ රස විඳින්නට එතුමා පුසුබට වුණේ නැහැ. 'නර්ථනයේ පියා' ලෙස එතුමා නර්තන කලාවට කළ මෙහෙය මෙතෙකැයි විස්තර කිරීම අපහසුය.දේශීය නර්ථනයේ රන් සළකුණ එතුමාය.
1954 දී බ්රිතාන්ය මහ රුජින ඉදිරියේ රඟ දැක්වූ ගොයම් කැපීමේ නැටුම අද සම්ප්රදයික නැටම බවට පත් වි ඇත.ඊට අමතරව නාරිලතා නැටුම, මොනර නැටුම, දඩයක්කාරයාගේ රංගනය ආදියත් එතුමා විසින් ඉදිරිපත් කළ බෙර සංධ්වනිත් විශේෂිත යි.කාළගෝළ, මහදැනමුත්තා, කෝච්චිය, පන් නෙළීම, පොරපොල් පිටිය, ග්රහ අපලය, ග්රහ බලය, සුරන් විස්කම් ආදී දේශීය ම්හුණුවරක් ගත් නිර්මාණ වේ.පොල්ගසේ වරුණ, ගම්මානේ මල් පිපිලා, සීගිරි අස්න, වැනි මුද්රා නාට්ය ශෛලියෙන් නිමවූ නාට්යයි. හස්ති කාන්ත මන්තරේ, වේසන්තර, සිරිසඟබෝ, හරිශ්චන්ද්ර යන නාට්යවල රංගන වින්යාසය නිර්මාණාත්මක ලෙස සකසා දෙමින් වේදිකා නාට්යත් සිකුර තරුව, කුරුල බැද්ද, අශෝකා වැනි චිත්රපටවල නර්තන නිර්මාණය කරමින් චිත්රපටියටත් සහභාගී වුණා. මේ සෑම ක්ෂේත්රයකම තම හැකියාව ප්රදර්ශනය කළා.
මෙතුමා වෙනුවෙන් ලැබුණු සම්මාන වනනේ, අනුස්මරණ උළෙලක් පැවැත්වුවා, 1991 සෞන්දර්ය අධ්යන ආයතනය මගින් පිරිනමන ලද ආචාර්යය උපාදීන්,1999 සබරගමුව විශ්වවිද්යාලය මගින් පිරිනමන ලද සාහිත්යශූරී උපාදියත්, 2002 ශ්රී ලංකා කලා මණ්ඩලය විසින් පිරිනමන ලද විශේෂ සම්මානයත්, 2003 පිරිනමන ලද විශේෂ සම්මානයත් එතුමාගේ උදාරතම සේවය අගය කිරීම සඳහා පුදනු ලබන උපාධි සම්මානයි.ඒවගේම එතුමාගේ නාමයට කළ විශිෂ්ට උපහාරය වන්නේ එවකට ජාතික නර්තන මුද්රා නාට්ය අනුමණ්ඩලය විසින් 2006 දී එතුමාගේ් ජන්ම දිනය වන පෙබරවාරි 24 ජාතික නර්තන ලෙස නම් කිරීමයි.
ලෝකය ම ජය ගනිමින්, එතුමාගේ් නම දසදෙස පතුරවමින්,එතුමාගේ සෙවණෙහි හැදුණු වැඩුණුසිසු දරු දැරියන්ගේ ශීර්ෂ ප්රණාමය එතුමා ලද උතුම් ම සම්මානයයි.තම ගෝලබාලයින් දිරිමත් කර ලෝකයට පිවිසීමට පාර පෙන්නුවා. මේ සද්භාවය මෙතුමාට ලැබුණේ එතුමාගේ ගුරුවරන්ගෙන් හා සමීපතමයන්ගෙනි.ඔවුන්ගේ ඇසුර හා ගුරුහරුකම් ඔහුගේ ජීවිතය ආලෝකයයි.
මේ ශ්රේෂ්ඨ මින්සා අප අතරින් වෙන්ව ගියේ 2006 පෙබරවාරි 20 දායි.