ඈත අතීතයේ සිටම මිනිසා සෑම විටම අලුත් දේ නිෂ්පාදනය කිරීමට උත්සහ කරන අතර නිර්මාණය කර ඇති දෑ නවීකරණය කරනු ලබයි.මෙහිදී සෑම විටම මිනිසාගේ හෝ සමාජයට පවතින ගැටළු වලට විසදුම් ලෙස මෙම නිර්මාණයන් සිදුකරන ආකාරය දැකගත හැකිය.එනම් මිට වසර මිලියන 1.5 කට පමණ පෙර විසු හෝමෝ ඉරෙක්ටස් මානවයා ගින්දර දල්වා ගැනීම සිදුකල ආකාරය පුදුම සහගතය.එනම් ගල් කැබලි 2ක් හෝ කෝටු කැබලි 2ක් එකිනෙක ඇතිල්ලීමෙන් ගිනි දැල්වීම සිදු කරන ලදී.
එදා පටන් අද දක්වාම මිනිසා අලුත් දේ නිර්මාණය කරනු ලබයි.එවැනි අවස්ථා කිහිපයක් මෙසේ දැකිවිය හැක.
ඉංජිනේරු තාක්ෂණවේදය යන්න සදහා නිශ්චිත එක් අර්ථකථනයක් නොවූවද විවිධ අර්ථකථන කිහිපයක් දැකිය හැකිය.ඉන් කිහිපයක් මෙසේය.
ඉංජිනේරු තාක්ෂණවේදය එදා සිට අද දක්වා වෙනස් වී ඇති ආකාරය අධ්‍යනය කිරීමේ පහසුවට යුග වලට බෙදා ඇත.
තාක්ෂණයේ භාවිතයන් පහත සංස්කෘතික පරිවර්තනය පදනම් කරගෙන යුග පහකට බෙදා ඇත
ගල් කැබලි,සත්ත්ව ඇට කැබලි හා දැව කොටස් යොදාගනිමින් ගල් ගුහාවන් වාසස්ථානය කරගත් දඩයම් කළ යුගයයි.
සතුන් හිලෑකරගනිමින් තම අවශ්‍යතා ඉටු කර ගත් අතර අහාර පිණිස හා ප්‍රවාහන අවශ්‍යතා සදහා සතුන් ඇතිකරන ලදී.
ස්ථිර වාසස්ථාන හා ජනාවාස පිහිටුවා ගත් අතර ධාන්‍ය වර්ග වගා කිරීම,එළුවන්,බැටළුවන්,ඌරන්,හරකුන් වැනි සතුන් ඇතිකිරීම සිදු විය.
කෘෂි නිෂ්පාදන වලට අමතරව කාර්මික නිෂ්පාදන බිහිවූ අතර ලෝහ උපාංගයන් එක්වූ යන්ත්‍ර සූත්‍ර දැකගත හැකි විය.
සන්නිවේදනයට වඩා වැදගත් ස්ථානයක් ලැබුණු යුගයකි.ගුවන්විදුලි,රුපවාහිනී,ජංගම දුරකථනය,පරිගණකය ආදිය වඩා දියුණු පහසුකම් සහිතව නිර්මාණය වූ යුගයකි.
නව තාක්ෂණික සොයාගැනීම් මත පදනම් වූ යුග වර්ගීකරණය නව තාක්ෂණික සොයාගැනීම් මත යුග නවයකට වර්ග කර ඇත.ඒවා නම්,
ගින්දර,ගල් ආයුධ,භාණ්ඩ ප්‍රවාහනයට සම්මලු
රෝදය,කෘෂි උපකරණ,සතුන් මගින් භාණ්ඩ ප්‍රවාහනය,කරත්ත,දුනු හා ලෝහ තුඩු යෙදු ඊතල
ආරුක්කු සහිත ගොඩනැගිලි,සෑදලය,වානේ ආයුධ
ලෝහ ආයුධ,යකඩ හා වළලු යෙදූ සෑදලය,කාලතුවක්කු,රුවල් හා හබල් නැව්
සුකොපබෝගී නැව්,තුවක්කු,වායු බැලුන්,යුධ නැව්
හුමාල එන්ජිම,දුම්රිය,සරල විදුලි ධාරාව
මෝටර් රථය,ගුවන් යානය,සබ්මැරීනය,න්‍යෂ්ටික බෝම්බ,යුධ ගුවන් යානා,ගුවන් විදුලි යන්ත්‍රය
පරිගණකය,රොකට්ටුව,අභ්‍යවකාශ යානා,පරිලෝකන තාක්ෂනය(Scanning Technology),සූර්ය පැනල,අභ්‍යවකාශ ෂටල
ක්ලෝන,නැනෝ තාක්ෂණය
18 වන සියවස තුළ එංගලන්තය කේන්ද්‍ර කරගනිමින් කාර්මික ක්ෂේත්‍රයේදී සිදුවූ පුළුල් පරිවර්තනය කාර්මික විප්ලවය ලෙස හදුන්වයි.ශ්‍රම දායකත්වය පමණක් යොදාගනිමින් සිදුකළ නිෂ්පාදනයන් වෙනුවට යන්ත්‍ර සූත්‍ර යොදාගැනීම තුළින් වඩා කාර්යක්ෂම නිෂ්පාදන ක්‍රමවේදයක් ලබාගැනීමට හැකි විය.මෙම කාර්මික විප්ලවයේ ප්‍රතිඵල ලෙස පහත නිර්මාණයන් දැක්විය හැක.
එංගලන්තය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වූ කාර්මික විප්ලවය ප්‍රංශය,ජර්මනිය සහ ඇමරිකාව වැනි රටවලට ව්‍යාප්ත වීමෙන් මෙම රටවල් සීඝ්‍ර සංවර්ධනයට එය හේතු සාදකයක් විය.
යුද්ධය සහ තාක්ෂණය අතර අනෝන්‍ය සම්බන්දතාවයක් පවතී.එනම් යුධ පාර්ශවකරුවන් සෑමවිටම උපරිම තාක්ෂනය භාවිතයෙන් යුධ ජයග්‍රහණය උදෙසා කටයුතු කරනු ලබයි.යුද්ධය නිම වීමෙන් පසු එම තාක්ෂණය මිනිසාගේ ප්‍රයෝජනය සදහා යොදාගනු ලබයි.දෙවන ලෝක යුද්ධයේදී එංගලන්තය,ඇමරිකාව හා ජර්මනිය එක් පාර්ශවයක් ලෙසද ජර්මනිය හා ජපානය අනෙක් පාර්ශවකරුවන් ලෙසද,පෙනී සිටින ලදී.එහිදී යුද්ධය සදහා මෝටර් රථ,නැව්,ගුවන්යානා,පරමාණු බලශක්ති හා යුධ තාක්ෂණය විශාල සංවර්ධනයක් සිදුවිය.ඉන්පසු යුද්ධය නිමවීමෙන් පසු දැඩි තරගකාරීත්වය සමගින් වඩා දියුණු රටවල් බවට මෙම රටවල් පත් විය.දෙවන ලෝක යුද්ධයේ සුවිශේෂී නිර්මාණ කිහිපයක් මෙසේය.
වැඩි ඉන්ධන ප්‍රමාණයක් ආරක්ෂිතව රැගෙන යා හැකි උපකරණයකි.මෙහි හැඩලයන් තුනක් ඇති නිසා එක් අයෙකුට හෝ දෙදෙනෙකුට පහසුවෙන් රැගෙන යා හැක.
විද්‍යුත් චුම්භකතරංග සම්ප්‍රේෂණය කර ආපසු ප්‍රතිග්‍රහණය කිරීමෙන් ආගන්තුක වස්තු හදුනාගනී.ගුවන්යානා හැසිරවීම හා ආගන්තුක වස්තුන් හදුනාගැනීමටද වර්තමානයේදී භාවිත වේ.
යුරේනියම් හා ප්ලූටෝනියම් වැනි විකිරණශීලි මුලද්‍රව්‍ය බිදවැටීමට සැලැස්වීමෙන් අධික ශක්තිය ප්‍රයෝජනයට ගැනීම මෙම තාක්ෂණයයි.
කාන්තාර වැනි ප්‍රදේශ වල ජලය සපයා ගැනීමේ අපහසුව හා ශිත රටවලදී ජලය හිම බවට පත්වීම ගැටළුවක් නිසා එයට පිලියමක් ලෙස වායුවෙන් සිසිල්වන එන්ජින් නිෂ්පාදනය දැකිය හැක.
බරින් අඩු ඉතා කුඩා සැහැල්ලු බවින් යුක්ත කාර්යක්‍ෂමතාවයෙන් ඉහළ එන්ජිමකි.
නව සොයාගැනීමක් තුළින් සමාජය තවත් එක් දිශාවකට වෙනස් කර ගැනීමට දායක වූ නිසා ඒවා හැරවුම් ලක්ෂ ලෙස හදුන්වයි.ඉන් කිහිපයක් මෙසේය.ගින්දර,රෝදය,ජල රෝදය,විදුලි බල්බය,දුරකථනය,මුද්‍රණ යන්ත්‍රය,ගුවන්යානා,ඉලෙක්ට්‍රොනික වෑල්වය,ට්‍රාන්සිස්ටරය,සංගෘහිත පරිපථය.
ආහාර රටාව වෙනස් කරගත් අතර ඉන් පසු විවිධ නිෂ්පාදනයන් සදහා දායක විය.
උදා:-ලෝහ නිෂ්පාදන,විදුලිය නිෂ්පාදනය
මෙය මෙසපොතේමියානුවන් විසින් සොයාගනු ලැබූ බව සදහන් වේ.වර්තමානයේ විවිධ ක්ෂේත්‍ර වලදී භාවිත වේ.
මිනිස් ශ්‍රමයෙන් සිදුකල කාර්යයන් පහසුවෙන් හා කාර්යක්ෂමව ඉටුකරගැනීම සදහා ජල රෝදයේ භ්‍රමණය යොදාගත් අතර ඉන්පසු ජල විදුලිය නිපදවීමට යොදාගත් තලබමනය දක්වා සංවර්ධනය වී ඇත.
විද්‍යුත් ශක්තිය,ආලෝක ශක්තිය බවට පරිවර්තනය කරමින් ලොව ප්‍රථම සුත්‍රිකා බල්බය 1880 දී තෝමස් අල්වා එඩිසන් විසින් සොයාගන්නා ලදී.
සන්නිවේදන ක්ෂේත්‍රයේ ප්‍රබල වෙනසක් ඇතිකිරීමට දායක වූ දුරකථනය 1876 දී ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල් විසින් සොයාගන්නා ලදී.
ක්‍රි.ව.1440 දී ජර්මන් ජාතික ජොහැන්නස් ගුටන්බර්ග් විසින් ප්‍රථම අකුරු ඇමිණිය හැකි මුද්‍රණ යන්ත්‍රය නිපදවන ලදී.
විවිධ අත්දැකීම් රාශියක් ලබාගනිමින් ලොව ප්‍රථම ගුවන් යානය විල්බට් ව්රයිට් හා ඔරුයිල් ව්රයිට් විසින් 1903 දී නිපදවන ලදී.
විදුලි සංඤාවක් වර්ධනය කරගනිමින් සන්නිවේදන ක්ෂේත්‍රය ප්‍රබල වෙනසක් ඇතිකර ගැනීමට වෙන් වූ මෙම ඉලෙක්ට්‍රොනික වෑල්වය 1094 දී එංගලන්ත ජාතික ජෝන් ඇම්බ්‍රෝස් ප්ලෙමින් විසින් නිපදවන ලදී.
ප්‍රමාණයෙන් කුඩා අඩු ජව ප්‍රමාණයකින් ක්‍රියාකරන ඉලෙක්ට්‍රොනික උපකරණ නිෂ්පාදනය කිරීමේ හැකියාව ලැබුණි.ට්‍රාන්සිස්ටරය ලොව ප්‍රථම වරට සොයාගන්නා ලද්දේ 1947 දී ඇමරිකානු ජාතික විලියම් ෂොක්ලි,ජෝන් බාඩින් හා වෝල්ටර් බට්‍රේන් යන විද්‍යාඥයින් තිදෙනා විසිනි.
ජර්මන් ජාතික වර්නෝ ජැබ්කෝ විසින් 1949 දී ලොව ප්‍රථම සංගෘහිත පරිපථය (ic) සොයාගන්නා ලදී.ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රයේ පෙරළිකාර වෙනසක් ඇති වීමට සෘජුවම දායක විය.
මිනිසා තම අවශ්‍යතා ඉටුකර ගැනීමේදී විවිධ ආකාරයෙන් තාක්ෂණය භාවිතා කරනු ලබයි.මෙම බලපෑම යහපත් මෙන්ම අයහපත් බලපෑම්ද ඇතිකරයි.
වෙළදපොල තුළ සැපයුම් බලවේග මත ලාභය අරමුණු කරගනිමින් මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරාලීම වානිජකරණය වේ.
මිනි අවශ්‍යතා හා උවමනාවන් ඉටුකරගැනීමට භාණ්ඩ හා සේවා කෙරෙහි ඉල්ලුමක් පවතී.මෙම ඉල්ලුම කෙරෙහි බලපාන සාධක කිහිපයකි.
මානව යහපත උදෙසා භාණ්ඩ හා සේවා බිහිකිරීම තාක්ෂණවේදී කළමනාකරණය වේ.කළමනාකරණය පහත ආකාරයට දැක්විය හැක
දේශීය කර්මාන්ත ආරම්භ වුයේ කිනම් කාලයකදැයි කිව නොහැකි වුවත් විජය රජු ඇතුළු පිරිස ශ්‍රී ලංකාවට ගොඩ බසින අවස්ථාවේ කුවේණි කපු කටිමින් සිටි බව ඉතිහාසයේ සදහන් වේ.ඉන් අදහස් වනුයේ ඒ කාලයේද නූල් යොදාගනිමින් රෙදි නිෂ්පාදන කර්මාන්ත තිබූ බවයි.ඉන්පසු දේශීය කර්මාන්ත සංවර්ධනය වී ඇති ආකාරයත් ඒවා වර්ගීකරණය කර ඇති ආකාරයත් මෙසේ දැක්විය හැක.
(මෙම වර්ගීකරණයට යොදවා ඇති ප්‍රාග්ධනය,පරිභෝජනය කරනු ලබන විදුලි ප්‍රමාණය යන සාධක සැලකිල්ලට ගෙන ඇත)
දේශීය කර්මාන්ත සංවර්ධනයට විවිධ උපක්‍රම භාවිතා කරනු ලබයි.එසේම විවිධ ක්ෂේත්‍රයන්හි සංවර්ධනය වෙනුවෙන් මේ වන විට දියුණු තාක්ෂණික ක්‍රමෝපායන් රාශියක් භාවිතා කරනු ලබයි.