ඉන්දියානු සභ්යත්වයේ මූලාරම්භය ලෙස සලකනු ලබන්නේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරයයි. ඉන්දු නදිය මුල් කරගෙන වර්ග සැතපුම් ලක්ෂ 5ක පමණ ප්රදේශයක මෙය පැතිර තිබී ඇත. මුල් කාලයේ මෙහි විසූවන් බට ලී, පන් හා මැටි යොදාගෙන සෑදු නිවාසවල ජීවත් වී අතර පසුකාලීනව ආරක්ෂිත නගර පවුරු සහිත නගර නිර්මාණය දක්වා ඔවුන් දියුණු වී ඇත. ක්රමානුකූලව සංවර්ධනය කරා පැමිණි ඔවුන් ආගමික අංශයෙන්ද සුවිශේෂි ස්ථානයක් හිමිකර ගනී. මොහෙන්දෝජාරෝ හා හරප්පා යන නගර දෙකේ සිදු කළ කැණීම්වලින් ක්රිඃපූ (5000-3000) අතර කාලයට අයත් නටබුන් රාශීයක් සොයාගෙන ඇත. හමු වී ඇති ප්රතිමා මූද්රා හා ගොඩනැගිලි අවශේෂ තුළින් එකල පැවති ආගමික විශ්වාස ඇදහිලි වන්දනා ක්රම ආදිය පිළිබඳව අවබෝධයක් ලබාගත හැකිය.ඒ අනූව ඉන්දු නිම්නයේ පැවති ඇදහිලි හා විශ්වාස මෙසේ දැකිවිය හැක.
ඉහත ඇදහිලි පිළබඳව සාකච්ඡා කිරීමේදි මව් දෙවගන පිදීම ඉන්දු නිම්න වැසියන්ගේ ජනප්රියම අංගය වූ බව පෙනේ. එමෙන්ම එය මුල්ම ආගමික සංකල්පය ලෙසද දැක්විය හැක. හමු වී ඇති ප්රතිමා අතර අර්ධ නිර්වස්ත්ර රූප මුල් තැනක් ගනී. සමහර ප්රතිමා හිස් වැසුමකින්ද, බඳ පටියකින්ද සැරසී ඇත. තවත් සමහර රූපවල දෙකකුල් පුළුල් කරගත් ස්ත්රි රූපයේ ගර්භාෂයෙන් කුඩා පැළයක් මතුව විහිදීි තිබේ. එම රූපයට ඔබ්බෙන් දෑකැත්තක් අතින් ගත් මිනිසෙකුගේ රූපයක්ද, අත් දෙක ඉහළට ඔසවාගෙන ඉඳගෙන සිටින ස්ත්රියකගේ රූපයක්ද දක්නට ලැබේ. මෙම රූපවලට අනූව මව් දෙවගන පිදීමෙන් ඉන්දු න්ම්න වැසියන් බලාපොරොත්තු වී ඇත්තේ සශි්රීකත්වය බව පැහැදිලි වේ. මව් දෙවගන ලෙසඔවුන් හඳුන්වා ඇත්තේද පෘථිවියයි. එය දෙවත්වයෙන් සලකා පුද පූජා පැවැත්වීමෙන් තමන්ගේ වගාබිම්වල සරුසාර බව ඔවුන් අපේක්ෂා කරන්නට ඇත.
ඉන්දු නිම්න වැසියන් පුරුෂ දෙවියක පිදූ බවටද ලැබී ඇති මූද්රාවලින් අනාවරණය වේ. යෝගි භාවනාවක යෙදෙන ආකාරයෙන් එය නිරූපිතය. එම දෙවියා දෙපසින් සතුන්ගේ රූපද දක්නට ලැබේ. ඇතා, කොටියා, රයිනෝ සිරස්, මී ගොනා ඒ අතර වේ. එමෙන්ම මූද්රාව අතේ කෙකාඩියක්ද දක්නට ලැබේ. නිශ්චිතවම මෙම දෙවියා කවරෙක්ද යන්න සඳහන් නොවුනද ඉන්දු නිම්න වැසියන් එම දෙවියන්ටද පුද පූජා පවත්වා ඇති බව පෙනේ.
ලිංග හා යෝනි වන්දනාවද ඉන්දු නිම්න වැසියන්ගේ තවත් ආගමික සංකල්පයකි. යෝනි හැඩයට හා ලිංග හැඩයට නිර්මාණය කරන ලද ගල් කැබලිවලට මෙම පූජාව පවත්වන්නට ඇති බව සිතිය හැක. යෝනි පූජාවෙන් මව් දෙවගනද, ලිංග පූජාවෙන් දෙවියකුද සංකේතවත් කර තිබේ. කෙසේ වුවද මෙම පූජාවෙන්ද අපේක්ෂා කර ඇත්තේ සශ්රීකත්වයයි. ගිනි දෙවියන් පිදීම, හිරු දෙවියන් වන්දනා කිරීමද, වෘක්ෂ වන්දනාවද ඉන්දු නිම්නයේ තවත් ආගමික සංකල්ප කිහිපයකි. ස්වභාවික වස්තූන් වන මේවාට පුද පූජා පැවැත්වීමෙන් කළගුණ සැලකීම හා තමන්ගේ ආරක්ෂාව බලාපොරොත්තු වන්නට ඇත. විශේෂයෙන් වෘක්ෂ වන්දනාව දෙයාකාරයකින් සිදු කර ඇත. ගස වටා බැම්මක් බැඳ ඇති මුද්රාවක් හමුව තිබීමෙන් පැහැදිලි වන්නේ තනි ගස්වලට පමණක් පූජාවන් සිදුකර ඇති බවයි. එසේම ගසක අතු අතර ඇති නග්න රූපයක්ද එයට වන්දනා කරන මිනිසෙකු සහිත මුද්රාද ලැබී ඇත. එයින් දෙවියන්ගේ වාසස්ථානයක් ලෙස සලකාද වෘක්ෂයට වන්දනාමාන කර ඇති බව පෙනේ.
මෙම ඇදහිලිවලට අමතරව ශ්රමණ සම්ප්රදාය ආරම්භ වී ඇත්තේ ඉන්දු නිමින ශිෂ්ටාචාරයෙනි. පාණ්ඬේගේ අදහසට අනූව යෝග භවෙනාවේ මූලාරම්භය සිදුව ඇත්තේද මොහෙන්දෝජාරෝ හරප්පා ශිෂ්ටාචාර මුල් කරගෙනය. චිත්ත ඒකග්රතාවය පිණිසද ඉන්දු නිම්න වැසියන් වැඩි උනන්දුවක් දක්වා තිබේ.