සන්නිවේදනය හැදින්වීම....
* ඇරිස්ටෝටල්ට අනුව මිනිසා යනු සමාජ සත්වයෙකි. ඔහුට සන්නිවේදනය නොමැතිව ජීවත් විය නොහැකිය. සන්නිවේදනය යනු ක්රියාවලියකි. එමෙන්ම සන්නිවේදනය කිරීමේදී සන්නිවේදනය කරන්නකු හා එම සන්නිවේදනය ලබන්නකුද සිටින බැවින් සන්නිවේදනය ද්වී මාර්ගික ක්රියාවලියකි. ඇතැම් අවස්තාවලදී එකම පුද්ගලයකු තුල වුවද මෙම ද්වි මාර්ගික ක්රියාවලිය සිදු විය හැක.(අන්තර්වර්තී සන්නිවේදනය - මෙය සන්නිවේදන ආකාර යටතේ හදාරනු ලබයි.)
*එමෙන්ම සන්නිවේදනය ගතික ක්රියාවලියකි. එනම් නිරන්තරයෙන් පුද්ගලයාගෙන් පුද්ගලයාට අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වන ක්රියාවලියකි.
සන්නිවේදනයේ අභ්යන්තර කරුණු හැදෑරීමට ප්රථම සන්නිවේදනය යනු කුමක්ද යන්න සොයා බැලීම සන්නිවේදනය හැදෑරීමට ගන්නා සාර්ථක ප්රවේශයක් වේ. ඒ සදහා විවිධ විද්වතුන් විසින් ඉදිරිපත් කර ඇති නිර්වචන අධ්යනය කිරීම වැදගත්වේ.
සන්නිවේදනය යන්න ඉංග්රීසි භාෂාවෙන් "COMMUNICATION" ලෙස වන අතර එය නිර්මාණය වී ඇත්තේ "Communics"( ජනයා අතර රැදුණු ) "Communicare"( පොදු බවට පත් කිරීම)යන ලතින් වචන දෙක ඇසුරිනි. එහි අදහස නම් "කිසියම් අදහසක් ජනයා අතර පොදු බවට පත් කිරීම යන්නයි."
ජනමාධ්ය ප්රචලිත වීමත් සමග සන්නිවේදන විශය පිළිබඳ ලාංකේය උගතුන්ගේ අවධානය යොමු වූයේ 1960/1970 දශකයන් තුල සිටයි. විශ්වවිද්යාල මට්ටමින් පාඨමාලා බිහිවීමත් සමග සන්නිවේදනය යන වචනය ප්රචලිත විය. සිංහල භාෂාවේදී නිවේදනය යන නාම පදයට "සං " යන උපසර්ගය යෙදීමෙන් " වඩාත් හොදින් දැනුම් දීම" යන අර්ථය සන්නිවේදනය ට ලැබී ඇත.
සන්නිවේදනය යනු උගත් කුසලතාවකි. මිනිසා උපතින්ම සන්නිවේදන හැකියාව හිමි කරගත්තෙක් වුවද එම සන්නිවේදනය ප්රවර්ධනය කර ගැනීම සදහා පුරුදු පුහුණු නොවූයේ නම් සන්නිවේදන හැකියාව සාර්ථක නොවනු ඇත.
කුඩා කාලයේදී දරුවෙකු තමාගේ ජලය, කිරි, වැනි අවශ්යතාවයන් ඇඬීම මගින් අනිත් අය වෙත සන්නිවේදනය කර සපුරා ගනී. පසුව පොත් පත්තර, රූප , කතාන්දර, රූපවාහිනිය, ඇහුම්කන් දීම ආදිය මගින් තම සන්නිවේදනය දියුණු කර ගනි. පසුව කාර්යාලයේ හෝ සේවා ස්ථානය තුල හෝ වෙනත් ස්ථාන සමග මුසු වෙමින් වෘත්තීයමය වශයෙන් සන්නිවේදනය කිරීමට පටන් ගනී. මේ ආකාරයට ජීවිත කාලය පුරාම සන්නිවේදනය අත්යවශ්ය වේ.
සන්නිවේදනය විද්වතුන් විසින් සන්නිවේදනය ඕනෑම සමාජ සංවිධානයක ජීව රුධිරය ලෙස හදුන්වා ඇත. ශරීරයේ එක් කොටසකට රුධිරය ගමන් නොකලහොත් එහි ක්රියාකාරීත්වය අඩ පණ වන්නා සේම යම් කිසි සමාජ කොටසක් තුල සන්නිවේදනය මනා ලෙස සිදු නොවන විට එකී සමාජ සංස්ථාව අඩපණ වේ.
1.OXFORD ශබ්ද කෝෂයට අනුව සන්නිවේදනය යනු භාෂණය ලේඛනය හෝ සංඥා මාර්ගයෙන්, අදහස්, තොරතුරු, ඉදිරිපත් කිරීම හෝ හුවමාරු කර ගැනීම සන්නිවේදනය බවයි. යනුවෙනි.
2Wikipeedia ශශබ්දකෝෂයට අනුව සන්නිවේදනය යනු භාශාව, පිංතූර, සංඥා, ලේඛනය ඇසුරින් පණිවිඩය, තොරතුරු, අදහස්, සිතුවිලි, හුවමාරු කර ගැනීම සන්නිවේදනය ලෙසයි.
සන්නිවේදනයේ පියා වූ විල්බර් ශ්රාම්ට අනුව. සන්නිවේදනය යනු" තොරතුරු ගැබ්වූ සංඥාවක් මගින් දෙපාර්ශවයක් අතර එක සමාන මානසිකත්වයක් ඇති කිරීම සන්නිවේදනය බවයි"
තවදුරටත් විල්බර්ශ්රාම් පවසන්නේ,
"මිනිසා ඔවුනොවුන් අතර සම්බන්ධ වන ආකාරය ගැන අවධානය යොමු කරමු. මිනිසා කිසියම් සමාජයකට හෝ සංවිධානයයකට සම්බන්ධ වන ආකාරයත්, එනිසාවෙන් එකිනෙකාට අන්යොන්ය වශයෙන් බලපාන ආකාරයත්, අන්යෝන්ය වශයෙන් තොරතුරු හුවමාරු කර ගන්නා ආකාරයත්, විනෝදාස්වාදය ලබා ගන්නා ආකාරයත්, ලබා දෙන ආකාරයත් යන සියල්ල සන්නිවේදනය බවයි.
මෙහිදී විල්බර් ශ්රාම්ට අනුව සන්නිවේදනය අඛණ්ඩ ක්රියාවලියක් වන අතර ද්වී මාර්ගික වේ.එනම් ඔහු පවසන ආකාරයට සන්නිවේදනය හා සම්බන්ධ පාර්ශ්ව දෙකක් සිටී. ඒ සන්නිවේදකයා හා ග්රාහකයාාා වන අතර සන්නිවේකයා කිසියම් මාධ්යක් හරහා පණිවුඩයක් යොමු කල විට ග්රාහකයා තුලද සන්නිවේකයා තුල වූ මානසිකත්වය ඒ ආකාරයෙන් ම ඇති විය යුතු යැයි පවසයි. මෙම අඛණ්ඩ ක්රියාවලිය තුල එක් අවස්තාවක සන්නිවේදකයා ග්රාහකයා වන අතර,අනිත් අවස්තාවේ ග්රාහකයා සන්නිවේදකයාද වේ.මෙහිදී සන්නිවේදනයේ "බලපෑම" පිලිබඳ අවධානය යොමු කර තිබීම විශේශත්වයකි.
SHanon weewer(ශැනොන් වීවර්)ට අනුව සන්නිවේදනය යනු "යම් තැනක නිර්මාණය කල පණිවුඩයක් තවත් තැනක ඒ ආකාරයෙන්ම ප්රති නිර්මාණය කිරීම සන්නිවේදනය බවයි." ශැනොන් වීවර් යනු ගණිතය පිලිබඳ විද්වතුන්වූ අතර මෙම නිර්වචනය සන්නිවේදනයේ ගණිතමය සමීකරණයක් ලෙස ද හදුන්වා ඇත. මෙම නිර්වචනය විද්යාත්මක ප්රවේශයකින් ඉදිරිපත් වීම විශේශත්වයකි.
මෙම නිර්වචනය තුලද සන්නිවේදනයේ මූලිකාංග කිහිපයක් ගැන දක්වා ඇත. මෙහි යම් තැනක නිර්මාණය කරන ලද යනු "සන්නිවේදකයායි". පණිවිඩය ප්රතිනිර්මාණය වන්නේ තවත් තැනක වන අතර ඒ "ග්රාහකයායි". එසේ ප්රතිනිර්මාණය වන්නේ පණිවිඩයයි. ශැනොන් වීවර් පවසන්නේ සන්නිවේදකයා සතු පණිවිඩය ග්රාහකයා තුල ඒ ආකාරයෙන්ම ප්රතිනිර්මාණය වියයුතු බවයි. මෙය එක්තරා දුරකට පිලිගත හැකි වුවද ඔහුගේ ප්රකාශය ප්රායෝගික නොවේ. පණිවිඩය සන්නිවේදකයා හා ග්රාහකයා තුල එක සමාන අයුරින්ප්රති නිර්මාණය වීමට නම් දෙදෙනාගෙව්ම අත්දැකීම් පසුතල සමාන වියයුතුය. එහෙත් සමාජයේ එක සමාන නොවන අතර එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස් වේ. මේ නිසාවෙන්ද සන්නිවේදන ඝෝෂා නිසාවෙන් පණිවිඩයයට භාදා වීමෙන්ද එක සමාන මානසිකත්වයක් දෙපාර්ශවය ක් අතර ඇති කිරීම ප්රායෝගිකව සිදු කිරීම අපහසුය.
"කවරෙක්, කුමක්, කුමන මාධ්යකින්, කවර ප්රතිඵලයක් අපේක්ශාවෙන් කවරෙකුට කියයිද එය සන්නිවේදනය යි"
Who says?
What?
In which channel ?
To whom?.
With what iffect?.
-හැරල් ඩී ලැස්වෙල්-
20වන සියවසේදී සන්නිවේදනය පිලිබඳ උනන්දුවක් දැක්වූ හැරල් ඩී ලැස්වෙල් ගේ ආකෘතිය තුල පෙර සියලු නිර්වචනයන්ට සාපේක්ශව විස්තරාත්මක නිර්වචනයක් ඉදිරිපත් වී ඇත. මෙහිදී සන්නිවේදන මූලිකාංග 5ක් පිළිබඳ අවධානය යොමුකරයි.
කවරෙක් - සන්නිවේදකයා
කුමක් - පණිවිඩය
කුමන මාධ්යකින් - මාධ්ය
කවරෙකුට - ග්රාහකයා
කුමන අපේක්ෂාවෙන් - බලපෑම.
ලැස්වෙල් පවසන ආකාරයට සන්නිවේදනය යනු සන්නිවේදකයකු විසින් යම් කිසි පණිවිඩයයක් තෝරාගත් මාධ්යක් හරහා බලපෑමක් ඇති කිරීමේ අයුරින් ග්රාහකයකු වෙත යොමු කිරීම සන්නිවේදනය බවයි.
ලැස්වෙල් යනු දේශපාලන විද්වතෙකු වූ නිසාම ඔහුගේ නිර්වචන තුල "බලපෑම " පිළිබද අවධාරණය කිරීම විශේශත්වයකි.
ලැස්වෙල්ගේ ආකෘතිය විස්තර කිරීම සදහා මහාචාර්ය තිස්ස කාරියවසම් මහතා "ජන සන්නිවේදන ප්රවේශය" යන කෘතියේ යොදා ගත්බුදාහරණ වඩාත් යෝග්ය වේ
"අපේ ගමේ අප්පුහාමි නම් කසිප්පු පෙරන්නෙකි. නීති විරෝධී මත්ද්රව්ය ඇල්ලීමට පොලීසිය පැමිනේ. වාහනයෙන් යා හැක්කේ ටිකදුරකි. ඉතිරිය යා යුත්තේ පයිනි. බූට් සපත්තු සද්ද කරමින් පිලිකණු පිටිපස්සෙන් ගමන් කරන පොලිස්කාරයන් දැකෛවෙන් මෙන් දැන ගන්නා ගැමියෙක් හුන්නන්ගලට ගොඩ වැදී හූවක් තබයි. එපමණකි. අප්පුහාමි සැනෙකින් වෙලට දිව ගොස් කසිප්පු හැලිය ගිං ගග අයිනේ සගවා තබා නිවසට විත් හාන්සි වී සිටී. පොලීසියට සොයා ගැනීමට එහි කසිප්පුවක් නොමැත.
මේ සරලසූත්රයෙන් හැගෙන්නේ ගැමියෙක්ජීවත්ව සිටී. ඔහුට පැවසීමට පණිවුඩයක් ඇත. ඒ පණිවිඩය පවසන්නෙක්සිටී. සවසන මාධ්යක් තිබීමයි. මෙමගින් ලැස්වෙල් නිර්වචනය වඩාත් විස්තර වේ.
ඒ අනුව සන්නිවේදන නිර්වචන සලකා බැලීමේදී සන්නිවේදනය යනු "පුද්ගලයන් දෙදෙනෙකු හෝ කීප දෙනෙකු අතර භාෂනය, ලේඛනය, රූප, චිත්ර, ප්රස්ථාර, යොදා ගනිමින් හැගීම්, තොරතුරු, අදහස් කුසලතා, සම්ප්රේෂණය කර ගැනීමේ ද්වී මාර්ගික ගතික ක්රියාවලියයි. යනුවෙන් අර්ථවත් නිර්වචනයක් සකසා ගතහැක.
අංජලී කෞශල්යා
ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලය
මානවශාස්ත්ර හා සමාජ විද්යා පීඨය
ජන සන්නිවේදන අධ්යනාංශය.