01. ආදානය (Input): දත්ත සහ උපදෙස් පරිගණකයට ඇතුළු කිරීම.
02. දත්ත ආදානය කළ හැකි ආකාර (Data input methods): අතින් දත්ත ඇතුලු කිරීම (Manual Method) සහ ස්වයංක්‍රීයව දත්ත ආදානයයි (Automatic method)
03. ආදාන උපාංග (Input Devices) : යතුරු පුවරුව (Keyboard), මූසිකය (Mouse), සුපරීක්ෂකය / ස්කෑනරය (Scanner), වෙබ් කැමරාව (Web Camera), සංඛ්‍යාංක කැමරාව (Digital Camera), මයික්‍රෆෝනය (Microphone), තීරු කේත කියවනය (Bar Code Reader)
04. ප්‍රතිදානය (Output): පරිගණකය මගින් සකස් කළ තොරතුරු පිටතට ලබා දීම.
05. ප්‍රතිදානය කරනු ලබන තොරතුරු ලබා ගත හැකි ආකාර : මෘදු පිටපත් (Soft copies) සහ දෘඩ පිටපත් (Hard copies)
06. ප්‍රතිදාන උපාංග (Output Devices) : සංදර්ශකය / පරිගණක තිරය (Monitor / Computer Screen), ශබ්ද විකාශන යන්ත්‍රය (Speaker), මුද්‍රකය (Printer), බහුමාධ්‍ය ප්රක්ෂේපන යන්ත්‍රය (Multimedia projector)
07. දත්ත සැකසීම (Data processing) යනු: පරිගණකයට ආදානය කරනු ලබන දත්ත (Data), එහි මතකයේ ගබඩා කළ ක්‍රමලේඛනයක් (Program) යටතේ සකසා අර්ථවත් තොරතුරු (Information) බවට පත් කෙරේ.
08. තොරතුරු වල වටිනාකම (Value of information): අදාළත්වය මත රඳා පවතියි.
09. තොරතුරු පිළිබඳ ස්වර්ණමය න්‍යාය (The golden rule of information): තොරතුරු වල වටිනාකම එහි අදාළත්වය මත රඳා පවතියි. තොරතුරු නිර්මාණය කරන මොහොතේම හෝ ඒවා ලැබෙන මොහොතේම එයට වැඩි වටිනාකමක් ඇත. කාලය ශුන්‍ය ආසන්න වන අවස්ථාවේ දී තොරතුරු වල වටිනාකම උපරිම වේ. කාලය ගත වීමත් සමගම තොරතුරු වල වටිනාකම ක්‍රමයෙන් අඩුවී අවසානයේදී ඒවා දත්ත බවට නැවත පත්වේ.
10. පරිගණකයක් (Computer) යනු: දත්ත තොරතුරු බවට පත්කරන ඉලෙක්ට්‍රොනික උපකරණයකි.
11. පරිගණකයේ සුවිශේෂීතා: වේගවත්ය, නිරවද්‍යතාවය ඉහළයි, කර්යක්ෂමතාවය ඉහළයි, බහුකාර්ය වේ, තැන්පත් කිරීමේ සහ නැවත ලබා ගැනීමේ හැකියාව ඇත, බුද්ධිමත් නොවේ, හැඟීම් හා දැනීම් නැත.
12. තොරතුරු හා සන්නිවේදනය භාවිතා වන ක්ෂේත්‍ර : අධ්‍යාපන (Education), සෞඛ්‍ය (Health), සන්නිවේදන (Communication), ගමනාගමන (Transportation), මූල්‍ය (Finance) , බැංකු (Banking), පරිපාලන (Administration), කෘෂිකාර්මික (Agriculture), ආරක්ෂක (Security), ඉදිකිරීම් (Construction)
අධ්‍යාපන ක්ෂේත්රය (Education sector)
|
සෞඛ්‍ය ක්ෂේත්රය (Health sector)
|