උසස්පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

python program key bord එක හරහා input ලබාගනනා ආකාරය සරලව.

යතුරු පුවරුවෙන් Input ලබා ගන්නා ආකාරය තේරුම් ගනිමු.

පයිතන් Code යොදාගෙන වැඩසහන් නිර්මාණයේදී Input ලබා දීමේදී වැඩසටහන භාවිතා කරන පුද්ගලයා හට ආදාන ලබාදිය හැකිවේ.

Input ලබා නොදෙන ප්‍රෝග්රැම් එකදි වැඩසටහන තුල ඇති විචල්‍ය අගයක් ආදානය ලෙස යොදාගැනේ. මෙහි ප්‍රෝග්රැම් එක භාවිතා කරන්න හට ආදාන ලබාදිය නොහැක.

මෙයට හේතුව කලින්ම input සියල්ලම ලබාදී භාෂා ක්‍රමලේඛකයා විසින් program එක Create කර තිබීමය.

මෙහිදී program එක Use කරන පුද්ගලයා හට program එක ක්‍රියාත්මක කරීම පමණක් සිදුකල හැකිය.

 

 In put (Key Word හදුනා ගනිමු.

program එකක් Use කරන පුද්ගලයා හට   input ලබා දී ඒ අනුව ක්‍රියාත්මක වන Python program එකක් සකස් කිරීමට  Input නම් රක්ෂිත පදය (Kye Word) භාවිතවේ.

මෙහි පොදු ආකෘතිය පිලිබදව අවබෝදයක් ලබා ගනිමු.

විචල්‍යයක්  =   input (“පණිවිඩයක්”)

විචල්‍යයේ Name එක සදහා ඕනෑම Word එකක් යොදා ගන්න පුළුවන්.

Input යනු රක්ෂිත පදය වන නිසා එය වෙනස් කිරීමකින් තොරව ඒ ආකාරයෙන්ම ලබාදීම සිදු කරන්න.

පණිවිඩයක් යන පදය සදහා අවශ්‍ය ඕනෑම Message එකක් සදහන් කල හැකිය එය උදෘත කොමා(“ ”) තුල සටහන් කිරීමට මතක තබාගන්න.

 

මෙහිදී ක්‍රියාත්මක වන ආකාරය පිලිබදව සරල අවබෝයක් ලබාගනිමු.

1 ප්‍රථමයෙන්ම විචල්‍යයට  Name එකක් ලබා දුන් පසුව.

2 පරිශීලකයා වෙන ලබා දෙන “Message” එක ලබා දෙන්න.

3 මෙය ක්‍රියාත්මක වන විට පරිශීලකයා විසින් යමක් සටහන් කර key Bord එකහි Enter එක ලබාදීමෙන් ආදානය ලබා දුන් විචාලයේ ගබඩාවේ.

4 පසුව එය අවශ්‍ය ලෙස භාවිතයට ගත හැකිය.

5 මෙහිදී input කරනු ලබන අගයක් වර්ණ පාලකයක් මගින් පරික්ෂා කර බලා වුවද ප්‍රතිදානය ලබාගත හැකිය.

 

අපි මීලගට බලමු Input කරන Number එකක් කොහොමද හදුනා ගන්නේ කියලා

 key bord එකින් input කරනු ලබන දෙයක් විචල්‍යයක් වෙත ලබා ගත හැකි වුවත් එහිදී ආදාන සියල්ල ස්ට්‍රීo ලෙස ලබා ගනී.

මෙහෙදී මෙහි දී සංඛ්‍යාත්මකව ගණනය කිරීමක් හෝ කොන්දේසියක් පරික්ෂා කිරීමකට හෝ මෙලෙස ලබා ගත් ආදාන යොදා ගත නොහැක.

මෙ නිසා ලබා ගන්නා input සංඛ්‍යා ලෙසම විචල්‍යයක තැම්පත් කල යුතුය.

 

මෙහිදී input Code වෙනස් වන අකාරය පිලිබදව සරල අවබෝදයක් ලබාගනිමු.

1 මෙහිදී පළමු පේලියේ input යන්නට කලින් වරහනක් යොදාගන්න  වරහනට පිටතින් ලියණු ලබන්නේ ආදානය වනු ලබන දත්ත වර්ගයයි.

2 මෙහිදී දත්ත වර්ගය ලෙස  (interger) ලෙස යොදා ගැනිමෙන්  ඉන්ටිජන් දත්ත මාදිලියට පරිවර්තය වෙයි.

3 එම නිසා  අනෙක් Code තුලදී එම දත්ත ගණනය කිරීමට හෝ වෙනත් සංඛ්‍යාත්මක කට යුත්තක් සදහා යොදා ගත හැකිය.

4 කොන්දේසි පරික්ෂා කිරීමේදී දත්තයක් සංඛ්‍යා මාදිලියට නොතිබේ නම් < =  >, > = < යන සංකේත යොදාගත නොහැකිය.

5 මෙහිදී සංකේත පරික්ෂා කිරීමට අදාල කේත සටහන් input සදහා යොදාගන්න interger හෝ සංඛ්‍යා සදහා

   යොදා ගන්න වෙනත් දත්ත මාදිලියකට හෝ පරිවර්ථනය කලයුතුය.

 

Key Bord  එක හරහා ඇතුළු කරනු ලබන ලකුණු කිහිපයක් එක් කර සාමාන්‍ය ප්‍රතිදානය කල හැකි වැඩසටහනක් නිර්මාණය කරන අකාරය.

වර්ණ පාලකය  ක්‍රියාත්මක කරන විට මෙන්ම පුනර්කරන (Loop) ක්‍රියාත්මක කරන විට key bord එක input ලබා ගෙන ඒ අනුව ප්‍රතිදානය

ලැබීමට සැලැස්විය හැකිය.

 

මෙම ලිපිය තුලින් python program key Word පිලිබදව සරල අවබෝදයක් ලබා ගත හැකිය.

ලිපියේ යම් දෝෂයක් ඇති නම් සමාවෙන්න. සුභ දවසක්.

 

 


ලිපිය නිර්මාණය කලේ,
නිරෝෂා මිහිරානි


MEMBER

අදාල තවත් ලිපි,



නිරෝෂා මිහිරානි

උසස්පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

අනෙකුත් ලිපි