GPS තාක්ෂණය යනු වර්තමානයේ ගුවන්, නාවික, ගොඩබිම් ප්‍රවාහන කටයුතු අතුළුව බහුවිධ අවශ්යාවන් සදහා නිවැරදි ව මග පෙන්වන හා නිවැරදිව නිරපේක්ෂ ස්ථානිය පිහිටීම පෙන්වන රේඩියෝ යාන්ත්‍රික පද්ධතියකි. ( Spse based radian navigation system ) මෙම පද්ධතියෙ උඩුගුවන් කක්ෂගත කොට ඇති චන්ද්‍රික 24 කින් සහ ඒ හා සමිබන්ධ භූමි මධ්‍යස්ථාන වලින් සමන්විත යාන්ත්‍රික පද්ධතියකි. එය මූලින්ම හදුන්වාදෙනු ලැබූයේ 1973 න් පසුව ඇමරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක දෙපාර්තමේන්තුව මගිනි. GPS උපකරණයක් මගින් ඕනෑම ස්ථානයක නිවැරදි පිහිටීම ආසන්නව ඉතාම නිවැරදිව හදුනාගත හැකිය. ඉහත දැක්වූ චන්ද්‍රිකා පද්ධතිය මගින් දවසේ පැය 24 පුරාම ඒකාකාරි ප්‍රවේගයකින් තොරතුරු සපය යි. GPS පද්ධතියක ප්‍රධාන කොටස් තුන කි.
1 අභ්‍යාවකාශ කොටස -
GPS සදහා තොරතුරු සපයන චන්ද්‍රිකා පද්ධතියක් පෘථිවිය වටා කක්ෂ 6 කින් ඒකාකාර ප්රවේගකින් ගමන් කරයි. මේවා සැතපුම් 12000 පමණ ඉහළින් කක්ෂගත කොට ඇත.
2 පාලක කොටස
මෙම කොටස ලෝකය වටා පිහිටුවා ඇති භූමි නිරීක්ෂණ මධ්‍යස්ථාන 5ක් සහ ග්රාහක ඇන්ටනා තුනක් සහ ප්‍රධාන පාලක මධ්‍යස්ථානයකින් සමන්විතය.
3 පරීශීලන කොටස ( User )
ලෝකය පුරා මෙම තාක්ෂණය භාවිතා කරන්නන් හට ඕනෑම ස්ථානයක නිරපේක්ෂ පිහිටීම මූහුදු මට්ටමේ සිට ඇති උස ආදී තොරතුරු ලබාදෙන කුඩා උපකරණය එම කොටසට අයත් වේ. පෘථිවිය වටා පිහිටි ඕනෑම ස්ථානයක පිහිටීම ආසන්න මීටර් 5 කට වඩා නිවරදි ව ලබාගත හැකිය. ඇමරිකාවේ දි නම් එය ආසන්න මීටරයකටත් වඩා නිවැරදිව ලබා ගත හැකිය. වර්තමානයේ අතේ ගෙන යා හැකි කුඩා උපකරණයක් බවට GPS උපකරණය පත්වීමත් එහි වෙළදපල මිල ගණන් අඩුවීමත් GPS භාවිතය ප්‍රචලිත වීමට හේතු වී ඇත.
භූගෝලීය තොරතුරු පද්ධතියක වැදගත්කම වර්ධනය වීමට බලපෑ සාධක. ( G.P.S )