උසස්පෙළ සිංහල

ගුත්තිල කාව්‍ය 1 කොටස

කෝට්ටේ යුගය

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

             

සිංහල සාහිත්‍ය වංශ කතාවෙහි ගම්පොළ රාජධානිය බිඳවැටිමත් සමග ඇරඹි කෝට්ටේ යුගය ක්‍රි.ව. 1412 සිට 1580 දක්වා කාලයකට විහිදි යයි. කෝට්ටේ යුගය සිංහල සාහිත්‍යයේ ස්වර්ණමය යුගය වශයෙන් විරුදාවලි ලබන්නේ මේ යුගයේ බිහි වු සිංහලයේ විශිෂ්ට කෘති නිසා ය. ඵනම් 6 වන පැරකුම් රාජ්‍ය පාලනයෙහි දැක්වු විශිෂ්ටත්වකුය යි.  පැරකුම් නිරිදුන් සාහිත්‍යධරයෙක්ද, උගතෙක්ද, ගත්කරුවෙකුද විය. මේ යුගය තුල ගිහි පැවදි උගතුන් සහ ඔවුන් විසින් ජාතියට දායාද කල පද්‍ය ග්‍රන්ථ රාශියක් එකල දක්නට ලැබෙයි. ස්වංපෝෂිත අර්ථ ක්‍රමයක්ද, ස්ථාවර දේශපාලනයක්ද, මෙසමය තුල දක්නට ලැබිි ය. 

          සම්භාව්‍ය සාහිත්‍යක් බිහිවිමට ප්‍රධාන කරුණක් නම් මේ යුගයේ තිබු ශාසනික හා ආගමික අධ්‍යාපනයේ ප්‍රබෝධයයි. යුගයේ ප්‍රධාන මූලායතන 02 කි

  • උතුර මූල මුලායතනය (ග්‍රාමවාසි නිකාය) - රාහුල හිමි
  • මහනෙත් පාමුල මූලායතනය (විදාගම ආරණ්‍ය වාසී) - විදාගම මහා මෛත්‍රි හිමි

 

මේ යුගයේ දී වර්තමාන විශ්ව විද්‍යාලයීය මට්ටමේ උසස් අධ්‍යාපනය ආයතන කිහිපයක්ම විය.

1.පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙන

2.වීදාගම ඝානානන්ද පිරිවෙන

3.කෑරගල පද්මාවති පිරිවෙන

4.තොටගමුවේ විජයභා පිරිවෙන

5.දෙව්නුවර තිලක පිරිවෙන

            කෝට්ටේ යුගය යනු ගද්‍ය රචනය අභිබවා පද්‍ය ඉස්මතු වු යුගය කි. මෙරට ශාසනික ඉතිහාසයේ පෙර නොවු විරූ අයුරින් භික්ෂුන් වහන්සේ ලෞකික තේමා මුල් කොට ගෙන රචනා කරනයේ යෙදුණේය. දෙවියන් යදින්නට උත්සහ ගත් අවස්ථාවක් ලෙස කොට්ටේ යුගයේ රාජ කාන්තාවකට දරුවෙකු සැමියෙකු ලබා දෙන ලෙස දෙවියනගෙන් යාචනා කරමින් පරෙවිය හා සැළලිහිණිය රචනා කිරිම දැකගත හැකිය.

           කවියෙන් බණක් අසන්නට උඩකුලය දේවිය කළ ඇරයුමෙන් කාව්‍යශේකරය රචනා කරන ලදී. පවුල් සංස්ථාවේ ගැටලු පිළිබදව භික්ෂුන් වහන්සේ තුළ තිබු අත්දැකීම් ඉවහල් කරගෙන සාර්ථක නිර්මාණයකට යොමු වී ඇත. කෝට්ටේ යුගයේ දී සිංහල සාහිත්‍යයට නව සාහිත්‍යාංග ඇතුඵ විය. ඒවා නම් ස්තෝත්‍ර කවි (පැරකුම්භා සිරිත) ශතක කාව්‍ය (කවි 100 එළුසිලෝ ශතකය) පෙන්වා දිමට හැකිය.

           මේ සියලු සාහිත්‍ය දියුණුවන්නට එකල රජකම් කළ රජවරුන්ගේ දායකත්වය අති විශේෂය. සන්දේශ කාව්‍යන්ගේ රමණීයතම යුගය වශයෙන් සැළකෙන්නේද කෝට්ටේ යුගයම ය.

           රටේ අභ්‍යන්තර බලය පතා කෝල්ල කා ගැනීම් උතුරේ පැවති ද්‍රවිඩ සේනාව නිතර පිඩා පැමිණිවිම ආදි ගැටලු සහගත තත්වයන් හමුවේ නිමැවු ගම්පොළ යුගය මෙවන් දියුණු සහගත සාහිත්‍ය යුගයක් නොතිබුණි.

           6 වන පරාක්‍රමබාහු රජුගේ අභිෂේකයෙන් පසු පහතරට පැරණි ම රාජධානිය වු කෝට්ටේ රාජධානියෙහි නම නිර්මාණය වු ආකාරය පුංචි බණ්ඩා සන්නස්ගලයන්ගේ සිංහල සාහිත්‍ය වංශය කෘතියෙහි දැක්වෙන්නේ මෙසේ ය.

          “ ක්‍රි.ව. 1356 දී ගම්පොළ රජ පැමිණි 3 වන වික්‍රමබාහු රජු දින අලගක්කෝණාර ප්‍රභූ රජයා විසින් රාජධානියක් වශයෙන් මෙය ඉදි කළ බව සැලකෙයි. සතුරන්ට ලෙහෙසියෙන් ඇතුඵ වීමට නොහැකි පරිදි දෙපැත්තකින් කොටු කර මේ රාජධානි ඉදි කළ නිසා මෙය කොටුව කෝට්ටේ නමින් ව්‍යවහාරව ඇත.”

-සිංහල සාහිත්‍ය වංශය-

          කෝට්ටේ යුගය පිලිබදව කරුණු පිරික්සන විට කෝට්ටේ යුගය ඇරඹෙන්නේ 6 වන පරාකමබාහු රජුගේ පාලනයත් සමඟ ය. තවත් රජවරු ගණනාවකගේ පාලනයට ද කෝට්ටේ යුගය යටත් විය.

 

 

 

1451 සිට 1467 දක්වා 6 වන පැරකුම්බාවෝ කෝට්ටේ රාජ්‍යය විචාළෝය. කෝට්ටේ යුගයේ 6 වන පරාකමබාහු රජුට අමරව පාලන තන්ත්‍රයේ නියළුණු වෙනත් පාලකයන් මෙසේය.

 

  • 2 වන ජයබාහු - (ක්‍රි.ව. 1467 – 1472)
  • 6 වන බුවනෙකබාහු - (ක්‍රි.ව. 1472 – 1480)
  • 7 වන පණ්ඩිත පරාක්‍රමබාහු - (ක්‍රි.ව. 1480 – 1481)
  • 8 වන වීර  පරාක්‍රමබාහු - (ක්‍රි.ව. 1484 – 1508)
  • 9 වන ධර්ම පරාක්‍රමබාහු - (ක්‍රි.ව. 14508 – 1519)
  • 7 වන විජයබාහු - (ක්‍රි.ව. 1519 – 1521)
  • 7 වන බුවනෙකබාහු - (ක්‍රි.ව. 1521 – 1550)
  • දොන් ජුවන් ධර්මපාල - (ක්‍රි.ව. 1550 – 1597)

 

 

             මේ සියළු රජවරු කෝට්ටේ සාහිත්‍ය දියුණු කරන්නට මෙන්ම පාලන තන්ත්‍රය යහපත් ආකාරයෙන් පවත්වා ගැනීමට ඉවහල් වුවෝ ය.

            සාහිත්‍ය යුගයක් වශයෙන් කෝට්ටේ යුගය යනු සාහිත්‍යයේ රමණීයම යුගයකි. එකී සාහිත්‍ය දියුණුව කෙරෙහි කෝට්ටේ යුගය තුළ ශාස්ත්‍රිය ප්‍රබෝධයක් ඇති විමෙහි ලා එකල ඉගෙනීම සහ ඉගැන්වීමේ ක්‍රියාවලියේ යෙදුණු අධ්‍යාපනික ආයතන රැසක් බලපෑවේය.

            එයිනිදු ඉතා ක්‍රියාකාරි ලෙස අධ්‍යාපනික කටයුතුවලට සම්බන්ධ පිරිවෙන් විද්‍යායතන කීපයක් මෙසේ දැක්විය හැකි ය. 

       

කොට්ටේ යුගයේ පැවති අධ්‍යාපනික ආයතන සියල්ල

  • තොටගමුවේ විජයබා පිරිවෙන
  • කෑරගල පද්මාවති පිරිවෙන
  • පැපිලියානේ සුනේත්‍රා දේවි පිරිවෙන
  • වීදාගම ඝනානන්ද පිරිවෙන
  • මුල් ගිරිගල ඉරුගල්කුල පිරිවෙන
  • ලංකා සෙනෙවිරක් පිරිවෙන
  • කැළණියේ රාජරත්න පිරිවෙන
  • එබරත්ගොඩ ධම්මරාජ පිරිවෙන
  • දෙවිනුවර තිලක (රත්නාවලි) පිරිවෙන
  • ශ්‍රි නිවස පිරිවෙන

 

කොට්ටේ යුගයේ රචිත පද්‍ය ග්‍රන්ථ

  • කුවේණි අස්න - උතුරු මුල මහතෙර
  • දහම් ගැට මාලාව - වීදාගම මෛත්‍රී හිමි
  • එළුසිලෝ ශතකය - කතෘ අඥානය
  • පරෙවි සංදේශය - තොටගමුවේ ශ්‍රි රාහුල හිමි
  • ලෝවැඩ සඟරාව - වීදාගම මෛත්‍රි හිමි
  • ගිරා සන්දේශය - කතෘ අඥානය
  • කෝකිල සන්දේශය - ඉරුගල්තිලක හිමි
  • බුදුගුණ අලංකාරය - වීදාගම මෛත්‍රි හිමි
  • කාව්‍යශේඛරය - තොටගමුවේ ශ්‍රි රාහුල හිමි
  • සැළලිහිණි සංදේශය - තොටගමුවේ ශ්‍රි රාහුල හිමි
  • හංස සංදේශය - වීදාගම මෛත්‍රි හිමි
  • ගුත්තිල කාව්‍ය - වෑත්තෑවේ හිමි

     

    කෝට්ටේ යුගයේ ග්‍රන්ථකරනයේ යෙදුණු ධර්ම ශාස්ත්‍රඥ පඩිවරු

        කෝට්ටේ යුගයේ ග්‍රන්ථකරණයේ නියලුණු ධර්ම ශාස්ත්‍රඥ පඬිවරුන් අතර වැඩි ප්‍රමාණයක් භික්ෂුන් වහන්සේලා ය.

        ප්‍රධාන වශයෙන්,

  • තොටගමුවේ ශ්‍රි රාහුල හිමි
  • වීදාගම මෛත්‍රි හිමි
  • වෑත්තෑවේ හිමි

 

 

 

 

 

 

 

 

 

 

 

 

මෙම පඬිවරුන්ට අමරව කොට්ටේ යුගයේ සාහිත්‍ය ස්වකීය නිර්මාණයන්ගෙන් ඒකාලෝක කළ සෙසු පඬිවරුන් මෙසේ වෙයි.

  • උතුරු මූල මහා තෙරිදු
  • මංගල මාහිමි
  • වීදාගම ශ්‍රි මෛත්‍රීය හිමියන්
  • කෑරගල වනරතන හිමි
  • රංමුංගොඩ දීපංකර මාහිමි
  • බුවනෙකබාහු හිමි
  • ගතාරා පිරුවන්පති
  • තිලක පිරුවන්පති
  • 6 වන පැරකුම්බා රජු
  • නර්නුර්තුනයා
  • රාමචන්ද්‍ර භාරතී

 


ලිපිය නිර්මාණය කලේ,
RASHINI RIDMA


SUPER ADMIN

අදාල තවත් ලිපි,



RASHINI RIDMA

උසස්පෙළ සිංහල

අනෙකුත් ලිපි