ගුත්තිල කාව්‍ය 3 කොටස - උසස්පෙළ සිංහල

ගුත්තිල කාව්‍ය 3 කොටස

ගුත්තිල කාව්‍යය කාලය සහ කතුවරයා

  • කාලය :

ක්‍රි.ව. 1450 – 1460 අතර කාලයේ දී කාව්‍ය රචනා වන්න ඇතැයි උගතුන්ගේ පිළිගැනීම යි.

  • කතුවරයා :

වෑත්තෑවේ හිමි

             

              ගුත්තිල කතුවරයාගේ නාමය කිසිඳු පොතක හෝ ඉතිහාසයෙහි හෝ සඳහන් නැති බව පළමුව ප්‍රකාශ කළ යුතුය. ගුත්තිල කාව්‍යයෙහි ද කොතැනකවත් කතුවරයාගේ නාමය සදහන් වී නොමැති බව සැළකිය යුතු ය. කොට්ටේ සාහිත්‍ය යුගයේ පහළ වු ගුරුකුල දෙකක් අතිශයින්ම සාහිත්‍ය නවෝදයට මඟ හෙළිකළ බව පිළිගැනෙ යි. එනම්, තොටගමුවේ ගුරු කුලය හා වීදාගම ගුරු කුලය මෙම ගුරු කුල දෙකටම ගැති නොවී ස්වාධීන මගක් ගත් ගුත්තිල කවියා ජනප්‍රවාදායේ වෑත්තෑවේ හිමි නමින් හැදින්වේ. එහෙත් අදාල ග්‍රන්ථයෙහි එය කළ කතුවරයාගේ නමක් සඳහන්ව නැත. කුරුණෑගල දිස්ත්‍රික්කයේ නොහොත් හත් කොරළයේ දඹදෙණි ප්‍රදේශයේ ඇති වෑත්තෑව ගමට සම්බන්ධ අයෙකු බව වෑත්තෑවේ හිමි යන්නේන් අදහස් වෙයි.

               මෙතුමා තොටගමුවේ ශ්‍රි රාහුල ස්වාමින්ගේ ශිෂ්‍යයෙකු බවත්, රාහුල හිමියන් සෙයින් ම බණ මඟ, කවි මඟ, ජෝතිශ්ශාස්ත්‍රය උගත් යතිවරයෙකු සේ ජනප්‍රවාදයෙහි ප්‍රසිද්ධව පැවතිණි. දඩබ්බර ගති පැවතුම් පැවති හෙයින්, ගුරු හිමියන් හා නෝක්කාඩුවෙන් සිටි බවත්, ගුත්තිල කාව්‍ය රචනා කොට රාහුල හිමියන්ට පිළිගන්වා අතුරුදහන් වු පසුව රහසිගතව ජිවත් වී ඇති හෙයින්, වැඩි තොරතුරක් සපයා ගැනිම අපහසු වෙයි.

              කොට්ටේ සාහිත්‍ය යුගයේ දී ජාතක කතා පාදක කර ගනිමින් ලිහවී ආ ප්‍රථම පද්‍ය කෘතිය තොටගමුවේ ශ්‍රි රාහුල හිමිපාණන් විසින් සත්තුභක්ත ජාතකය ඇසුරින් රචිත කාව්‍ය ශේඛරය වේ. ඉන් අනතුරුව ගුත්තිල ජාතකය ඇසුරින් ගුත්තිල කාව්‍ය රචනා වී තිබේ.

 

ගුත්තිල කාව්‍යයේ අන්තර්ගතය

       ගුත්තිල කාව්‍යයේහි එන්නේ පන්සිය පනස් ජාතක පොතේ 237 අංකය යටතේ එන ගුත්තිල ජාතක කතාවයි. එය පාලි ජාතකට්ඨ කථා පොතේ නම් දුක නිපාතයේ, දස වන සිඟාල වංශයේ, තුන් වන කතාව ලෙසින් සඳහන් වන්නේය.

       ගුත්තිල කාව්‍යයට වස්තුව වුයේ ගුත්තිල ජාතකය යි. ගුත්තිල ජාතකය මුලින්ම දක්නට ඇත්තේ බුද්දක නිකායට අයත් ජාතික පාලිය නම් ග්‍රන්ථයෙහිය.

       මේ සදහා එහි එනුයේ ගාථා 02 කි. මෙයට අදාල කතන්දරය ජාතකට්ඨ නථා නම් ග්‍රන්තයෙහි අඩංගුය. ජාතක පොතට ඇතුලත් වුයේ එයයි.

       වරෙක ගාන්ධර්ව කුලයෙහි උපන් බෝසත් වැඩිවිය පත්ව ශිල්ප ඉගෙන බඹදත් රජුගේ රාජ සභාවේහි ප්‍රධාන ගන්ධර්ව පදවියට පත්ව ම අඳ මා පිය දෙදෙනා ආරක්ෂා කරමින් ජිවත් විය. දිනක උදේනි පුරයෙහි සිට පැමිණි මූසිල නම් වෙනත් ගදඹකු තම නිවසට පැමිණ වීණා ශිල්පය උගන්වන ලෙස කළ පෙරැත්තය ඉවසු ගුත්තිල ඇදුරු, .තමා දත් ශිල්පයෙහි ඔහු ප්‍රගුණ කරවාලීය.

       මෙසේ අරඹන ගුත්තිල මූසිල කතා වෘත්තිය අපුර්වාකාරයට ලියවෙන්නේ වෑත්තෑවේ හිමියන් අතතින්ය.

       අවසානයේදි තම ඇඳුරු ජය  ශ්‍රියෙන් අභිෂේක ලබන විට මූසිලයා ලබන්නේ රැස්ව සිටි මහා ජනයාගේ උපහාසය යි. කථාව මෙසේ නිමාවන්නට එහි අන්තර්ගත කතා වෘත්තය පරිශිලනය කළ යුතුය.

 

ගුත්තිල කාව්‍යයේ ප්‍රතිභාව

        මේ කතා වස්තුව වෑත්තෑවේ හිමියන් පැදියට නගා ඇත්තේ සිතත් කනත් එක සේ පිනවා මනහර පද මාලාවකින් ප්‍රතිභාපුර්ණ කවියෙකු වු ඒ හිමියන් යොදා ගත් ශෛලීය ගන්ථ ශෛලීයක් ජන කවි ශෛලීයත් මනා ලෙස සංකලනය වීමෙන් සුකෝමලය. අර්ථවත්ය. ගීවත්ය.

       ගුත්තිලය සිංහල කාව්‍යවලියෙහි අලුත් මඟක් ගත් කාව්‍යයක් ලෙස 2 වන පැරකුම්බා රජ දවස පිහිට වු දඹදෙණි කතිකාවත් එක් තැනක මෙසේ සටහනක් ඇත.

                        කාව්‍ය නාටකා දී ගර්හිත විද්‍යා තමා නුගත යුතු අනුනුත් නූ ගැන්විය යුතු.

       එහෙත් වෑත්තවේ හිමි අනුන්ට ඉගැන්වීම කෙසේ වෙතත් තමන් නම් හොඳින් ඉගෙන අභ්‍යාස කොට ඇතැයි පෙනේ.

 

ගුත්තිල පණ්ඩිතයෝ

 

      මූසිල නිකම්ම නිකම් ශිල්පියෙක් වෙයි. ඹහු හා සාපේක්ෂව කරන කල්හි, ගුත්තිල බෝධිසත්ත්ව උත්තමයෙකි. අප බණ පොතින් අසා ඇති පරිද්දෙන් එබදු වුවෝ අසංඛ්‍ය කාල බෝසත්කම් පුරන්නෝය.

      යම් යම් හේතු කාරණ සිද්ධි කිහිපයක් නිසා, ඹහුට තම ගෝලයා හා, තමන් හදාළ, පුහුණු කළ ශිල්පයෙන් ම රජු ඉදිරියේ දෙව් මිනිසුන් ඉදිරියේ තරඟ වදින්නට සිදු වී ඇත. එදා ඹහු වාද පිටියට පිවිසෙන්නේ දෙදෙව් ලොවකට අදිපති ශක්‍ර දේවේන්ද්‍රයාගේ උදව් හා උපදෙස් මත මහත් වු අධිෂ්ඨානයෙනි. එහෙයින් ඹහු තුළ වාදය හා වාදනය පිලිබඳ හෝ ජයග්‍රහනය පිලිබඳ කිසිදු චකිතයක්ද නැත.

     ගුත්තිල බෝසතුන් වීනා තත් බිඳින්නේ, ඊට සුදුසු අවස්ථාව තීරනය කරන්නේ සක් දෙවිදුගේ උපදෙසිනි. නියමයෙනි. වරින් වර තත් සතම බිම හළ විට ම නොව, බමර තත සදත්ම විරුද්ද පාර්ශ්වකරුවා තරගයෙන ඉවතට විසි වෙයි. ජය, ගුත්තිල පණිඩිතයන්ගේ ද? ශක්‍රයාගේ ද? පූර්ව වාසනා මහිමයේ ද?

 

මූසිලගේ චරිතය

     මොහු පිළිබඳව පැවසීමේ දී මූසිලව අපට හමුවන්නේ ඹහු වෙළදුන් ඉදිරියේ වීණා වාදනයට පැමිණ වාඩි වු විටය. ඉන් පසුව ගුත්තිල හා කරන තරඟයේදී බරණැස් මහ රජු සිවුරඟ සේනා, මැති ඇමති ගණයා, ශක්‍රයා ඇතුළු දේව පිරිස, පුරවැසියෝ ඒ වන විටි රැස්ව උන්හ. එහිදි මූසිල පිළිබඳ තොරතුරු සැමට තේරුම් ගැනිමට හැකි වේ.

     වාදන තරඟයේදී මූසිල අසාර්ථක වන්නේ ශකුයාගේ උගුලට අසුව, ගුත්තිල සමඟ තරඟයට තත් කඩන්න යාමෙනි, තත් බිදින ශිල්ප ගුරුතුමා ඹහුට දී නැත, ඇත්තම කිවහොත් එබදු ශිල්ප දෙවියන් වෙත විනා, මිනිසුන් වෙත ඇත්තේම නැත.

     අවසානයේ බ්‍රහ්මදත්ත රජතුමා ඉතා ඉවසිල්ලේන් සාධාරණත්වයෙන් මූසිල ගාන්ධර්වයා රාජ සභාවෙන් ඉවතට යැව්වේය. මූසිල පෙන්වු ආත්ම ශක්තිය, අපට ආදර්ශයකි.

 





Rajitha Rangani
2022 07 04 10:43:17