ශ්‍රී ලංකාවේ ජාතික සංකේත

ශ්‍රී ලංකාවේ ජාතික සංකේත

ශ්‍රී ලංකාවේ  ජාතික සංකේත

ලෝකයේ ජීවත්වන ජාතීන් අතර විවිධ ආගම් අදහන විවිධ භාෂා කතා කරන ජනකොටස් ජීවත් වෙති . ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් , සිරිත් විරිත් , ආහාර පාන , ඇදහිලි විශ්වාස විවිධාකාර වෙන අතර  විශේෂයෙන්ම මෙම ජාතික සංකේත ලෝකයේ සෑම රටක්ම භාවිතා කරනු ලබන්නේ තම ජාතියේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහායි . එසේ ම මෙම ජාතික සංකේත තුලින් රටේ අබිමානය පිළිිබිඹුු කෙරේ .  අපේ රටේ භාවිතා වන ජාතික සංකේත වන්නේ ,

  1. ජාතික කොඩිය
  2. ජාතික පක්ෂියා
  3. ජාතික මැණික
  4. ජාතික පුෂ්පය
  5. ජාතික ගීය

යනාදිය යි .

1.ජාතික කොඩිය:- සිංහ කොඩිය
   

2. ජාතික පක්ෂියා :- වළිි කුකුළා
  

3. ජාතික මැණික:- නිල් මැණික
    

4. ජාතික පුෂ්පය:- නිල් මානෙල් මල

ජාතික ගීය , මෙම ජාතික සංකේත අතරින්  සමහර රටවල භාවිතා කරන අතර, තවත් සමහර රටවල භාවිතා වන්නේ මින් කීපයක් පමණි.සෑම රටක් සඳහාම ජාතික ගීයක් නිර්මාණය වී ඇත.  අපේ රටේ ජාතික ගීයේ නිර්මාතෘවරයා වූයේ ආනන්ද සමරකෝන් මහතා ය . මෙතුමා සුප‍්‍රකට ගායකයකු, වාදකයකු මෙන්ම ගීත නිබන්ධකයකු ද වෙයි . 1942 වසරේ දේශාභිමානී ගීතයක් ලෙස මුලින්ම ස්වර්ණා ද සිල්වා නැමැති ශිෂ්‍යාව තරගයක් සඳහා ගායනා කර ඇත .  

එහිදී මෙම ගීතය පළමු වන ස්ථානයට තේරී පත් වී තිබෙන අතර මෙම නමෝ නමෝ නැමැති ගීතය අපේ රටේ ජාතික ගීය ලෙස අනුමත කර මුල්ම වරට ශ‍්‍රී ලංකා ජාතික ගීය ලෙසින් 1949 පෙබරවාරි 04 දා ගායනා කරනු ලැබුවා ය .  1959 දී අපේ ජාතික ගීයේ මුල්ම පද පේළිය වූයේ නමෝ නමෝ මාතා යන්නයි. නමුත් මෙම පද පේළිය පිළිබඳව විවිධ අදහස් හා ගුණදොස්, විවේචන ඉදිරිපත් වූ හෙයින් මෙම වචන වල ඇති අක්ෂර ඝණ පිළිබඳ මතිමතාන්තර තිබූ නිසාත්, රටට අහිතකර යැයි විවිධ අදහස් මතු වූයෙන් ඒ වෙනුවට දැන් පවතින “ ශ‍්‍රී ලංකා මාතා ” යන පද යොදා නැවත සකස් කරන ලදී. අද භාවිතයේ ඇත්තේ එසේ සකස් කරගත් ජාතික ගීයයි. මේ ආකාරයෙන් වූ ජාතික ගීය ගායනය තුලින් අප රටේ අබිමානය මැනවින් විදහා දැක්වේ. 

 

ජනරජ ලාංඡනයක1972 මැයි 22 වන දින ශ‍්‍රී ලංකාව ජනරජයක් බවට පත්වීමෙන් පසු ජනරජ ලාංඡනයක් සකස් කිරීමට අදහස් පළවිය. ඒ සඳහා පත්කළ කමිටුවේ සාමාජිකයන් වූයේ , නිශ්ශංක විජේරත්න මහතා නන්ද දේව විජේසේකර මහතා ආචාර්ය සෙනරත් පරණවිතාන ශරීන්මැකී රත්වත්තේ මහතා එච්.ආර්. ප්‍රේමරත්න මහතාරෝලන්ඩ් සිල්වා යන පිරිස ය. එහි දී චිත‍්‍ර ශිල්පියෙකු වූ එස්.එම්. සෙනරත් මහතා විසින් අඳින ලද ලාංඡනය අපේ රටේ ජනරජ ලාංඡනය ලෙස සුදුසුයැයි මෙම කමිටුව විසින් තෝරා ගන්නා ලදී.

රාජ්‍ය ලාංඡනය 

මෙම ලාංඡනයේ ස්වරූපය පිළිබඳව අවධානය යොමු කිරීමේදී මෙහි මැද ජාතික සත්වයා වන සිංහයාගේ රූපය ඇත. සිංහයාගේ වටේට පලාපෙති සහිත මෝස්තරයක් ඇති කුඩා වෘත්තයකි. මේ වෘත්තයට පහළින් ඇත්තේ පුන් කළසකි. පුන් කළසේ දෙපැත්තේ වී කරල් දෙකක් විහිදී ඇති අතර පුන් කළසේ දෙපැත්තට වන්නට දකුණින් ඉරත් , වම්පසින් හදත් දක්වා තිබෙයි . මෙම සංකේත වලින් ගැඹුරු අර්ථයක් දනවන අතර ඉන් පිළඹිඹු වන අර්ථයන් වන්නේ

1.පුන් කළස - සෞභාග්‍ය

2.ධාන්‍ය කරල් - සශී‍්‍රකත්වය

3.නෙළුම් පෙති - පවිත‍්‍රත්වය

4.සිංහයා - එඩිතරබව

5.හිරු හා සඳුහිරු සඳු පවතින තාක් කල් ස්ථිර බව

6.ධර්ම චක‍්‍රයධර්මිෂ්ඨ බව හා සාධාරනත්වය

 යනාදී කරුණු මෙමගින් ලොවට කියා පායි.