අැමරිකානු නිදහස් සටන
ඇමරිකාව
1492 දී ක්රිස්ටෝපර් කොලොම්බස් දකුණු අැමරිකාවේ බහමාස් දූපත්වලට ගොඩ බටහ.
ජනපද පිහිටු වීමට හේතු...
- අාගමික නිදහස පතා නව ප්රදේශ සොයා යාම
යුරෝපයේ අැතිවුනු රෝමානු කතෝලික හා රෙපරමාදු කතෝලික ගැටුම් හේතුවෙන්
- ඉඩකඩම් අත්පත් කර ගනිමින් ජීවිතය සෙෘභාග්යවත් කර ගැනීමේ අපේක්ෂාව.
- ජාත්යන්තර කීර්තිය හා ධනය ලබා ගැනීමේ අපේක්ෂාව.
මේ හේතුවෙන් ස්පාඤ්ඤවරැන් හා පෘතුගීසීන් උතුරැ ඇමරිකානු ප්රදේශවලත්,බ්රිතාන්යයන් හා ප්රංශවරැන් දක්රණු ඇමරිකානු ප්රදේශවලත් ජනපද පිහිටවූහත
1607 සිට 1682 දක්වා බ්රිතාන්යයන් පිහිටවනු ලැබූ ජනපද...
- වර්ජිනියා-1607
- මැසචුසෙට්ස්
- නිව්යෝක්
- නිව් හැම්ෂෙයර්
- මේරිලන්ඩ්
- කනේක්ටිකට්
- රෝඩ් දිවයින
- ඩෙලවෙයාර්
- උතුරැ කැරොලිනා
- නිව් ජර්සි
- දකුනු කැරොලිනා
- පෙන්සිල්වේනියා-1682
පසුව 1733 දී ජෝජියා ජනපදය පිහිටුවීමත් සමග බ්රිතාන්යයන් අැමරිකාවේ ජනපද පිහිටුවීම අවසන් විය.
විවිධ පුද්ගලයන් හා සමාගම් මූලිකව මෙම ජනපද පිහිටවූ අතර මෙසේ ජනපදපිහිටු වීමේදී බ්රිතාන්ය රජයේ කොන්දේසිවලට යටත් වීමට ඔවුන්ට සිදු විය.
කොන්දේසි,
සෑම ජනපදයක්ම බ්රිතාන්ය අධීරාජ්යයේ ආධීපත්යය පිළිගත යුතුවිය.
මව් රටේ නීතිය ජනපදවලටද බලපැවැත්විය.
ජනපද පාලනය
- බ්රිතාන්ය මගින් පත්කරනු ලබන ආණ්ඩුකාර වරයෙකු හා පත්කරගනුලබන ව්යවස්ථාදායක සභාවක් මගින් ජනපද පරිපාලනය සිදු විය.
- මෙහිදී ජනපද හා මව් රට අතර අධීක දුර ප්රමාණය හා දුර්වල සන්නිවේදන සබදතා හේතුවෙන් ජනපද තරමක් ස්වාධීනව කටයුතු කලේය.
- එමෙන්ම 1763 තෙක්ම ජනපද කෙරෙහි බ්රිතාන්ය ප්රතිපත්තියද තරමක් ලිහිල් විය.
ජනපද ආරක්ෂාව
- ජනපද ආරම්භයේ පටන්ම ප්රංශ හා රතු ඉන්දියානු තර්ජන දැඩිව එල්ලව තිබිණ.
රතු ඉන්දියානුවෝ...
- ඇමරිකානු ප්රදේශවල මුල්පදිංචිකාරයන් වන ස්වදේශික ජනයා මේ නමින් හදුන්වයි.
- සම රතු පැහැයෙන් යුතු වීමත් මෙම භූමිය ඉන්දියාව යැයි කොලොම්බස් වරදවා වටහා ගැනීමත් නිසා මොවුන් රතු ඉන්දියානුවන් ලෙස නම් විය.
- පරිසරය හා සබැදිව සාමකාමී දිවියක් ගත කල රතු ඉන්දියානුවන්ගේ නිජබිම් යටත්කරගනිමින් යුරෝපීයන් ජනපද පිහිටවූහ.
1756-1763 බ්රිතාන්යයන් හා ප්රංශවරැන් අතර පැවති සත් අවුරැදු යුද්ධය නිමා වීමත් සමග ඇමරිකානු ජනපදවලට තිබූ ප්රංශ තර්ජනයත් රතු ඉන්දියානු තරජනයත් නිමා විය.
මේ සමග ඇමරිකානුවන්ට තවත් බ්රිතාන්යයේ සහයක් අවශ්ය නොවිණි.
෴ විප්ලවය ෴
ආදර්ශපාඨය-''නියෝජිතයන් නැත්නම් බදුත් නැත''
(ඇමරිකානු නියෝජිතයන්ගෙන් තොර බ්රිතාන්ය පාර්ලිමේන්තුව විසින් ඇමරිකාවට බදු පැනවීමට විරැද්දව නිර්මාණය විය.)
විප්ලවයට හේතු...
- බ්රිතාන්ය නිපදවන භාණ්ඩ ඇමරිකන් ජනපද වල නිපදවීම තහනම් වීම.
- ඇමරිකානුවන් නිපදවන දුම්කොළ, සීනි, කපු, මී ඉටි, තිරිඟු, තඹ වැනි දෑ බ්රිතාන්යයට පමණක් ලබාදිය යුතු වීම.
- එසේ නම් කොට තිබු භාණ්ඩ හැර වෙනත් ද්රව්ය වෙනත් රටවලට අපනයනය කළ හැකි වූයේ බ්රිතාන්යය හරහා වීම.
- නිෂ්පාදනය අතින් ඇමරිකානු ජනපද මව් රට බ්රිතාන්යය සමග තරග නොකළ යුතු වීම.
- සත් අවුරැදු යුද්ධයට වැය වූ ධනය යලි ඉපයීමේ අරමුණින් බ්රිතාන්යයන් හදුන්වාදුන් නව බදුවර්ග.
සීනිපනත
මුදල් නෝට්ටු පනත
මුද්දර පනත
- බ්රිතාන්යය මැදිහත් වීම අඩු පාලනයකට ජානපදිකයන් හුරැව සිටීම.
- ජානපදිකයන්ගේ සිතුම් පැතුම් බ්රිතාන්යය රජය අවබෝධකරගෙන නොසිටීම.
- ජනපද වාසීන්ගේ සාධාරණ සටන් මර්ධනය කිරීමට බ්රිතාන්යය රජය යොමු වීම.
- ජනපදවාසීන් තුළ නිදහස පිළිබද ඇතිවූ උනන්දුව
නිදහස් සටන
1763-
- නව බදුවලට විරැද්දව උද්ඝෝෂණ ඇතිවිය.
- මුද්දර පනතට වඩාත්ම විරැද්දතාවයක් එල්ල විය.
- බ්රිතාන්ය භාණ්ඩ වර්ජනයක් ඇතිවිය.
1767-
- ටවුන්සෙන්ඩ් පනත් හෙවත් තීරැබදු පැනවීම.(වීදුරු, ඊයම්, කඩදාසි හා තේ වැනි භාණ්ඩවලට)
- බොස්ටන් හි සිදුවුණ ගැටුමකින් ජානපදිකයන් පස් දෙනෙකු මියයාම.
1770-
- බ්රිතාන්යය රජය විසින් පැනවූ තේ බද්ද හැර සෙසු බදු සියල්ල අහෝසි කිරීම.
1773-
- බ්රිතාන්යය රජය විසින් ඇමරිකාවට තේ සැපයීම එක් ආයතනයකට පැවරීම හේතුවෙන් ගැටුම් ඇතිවීම.
- බොස්ටන් තේ සාදය
1773 දෙසැම්බර් 16 - බොස්ටන් තේ සාදය.
1773දී බ්රිතාන්ය පැනවු පනතකින් ඇමෙරිකානු ජනපද වලට තේ සැපයීම පිළිබඳ අයිතිය එක් සමාගමකට පැවරිණ. මේ නිසා ඇමෙරිකානු වෙළෙදුන්ගේ සම්ප්රදායික තේ වෙළඳාමට පහර වැදුණි. මෙමගින් කුපිත වු ජනපදවාසීන් බ්රිතාන්ය වෙළෙඳ සමාගමේ තේ ගොඩබෑම සඳහා අවහිර කළහ. 1773 දෙසැම්බර් 16 වන දින බොස්ටන් වරායේ නවතා තිබු තේ නැවකට රතු ඉන්වෙදියානුවන් සේ වෙස්වලාගෙන ඇතුළු වු බොස්ටන් වැසියෝ එහි තිබු තේ පෙට්ටි 342ක් මුහුදට විසි කළහ. බොස්ටන් තේ සාදය නමින් ප්රසිද්ධ මෙම සිදුවීම ඇමෙරිකානු විප්ලවයේ ආරම්භය ලෙස සැළකේ. මෙයට ප්රතිචාර වශයෙන් තේවල වන්දිය ගෙවන තෙක් බොස්ටන් වරාය වසාදැමීමට බ්රිතාන්යයෝ කටයුතු කළහ.
1774-
- පිලඩෙල්පියා සම්මේලනය( ඇමෙරිකානු විප්ලවීය ඉතිහාසයේ ප්රථම මහද්වීපික සම්මේලනය)ජනපද 12 ක නියෝජිතයන් සහභාගී විය.
1775-
- ඇමරිකාවේ ලෙක්සින්ටන් නගරයේ අවි ගැටුමකින් මරණ රැසක් සිදු විය.
- ජානපදිකයන් මහද්වීපික හමුදාවක් ලෙස ඒකරාශී විය.අණදෙන නිලධාරී ලෙස ජෝර්ජ් වොෂින්ටන් පත් විය.
1776 ජූලි 04- ඇමරිකන් නිදහස් ප්රකාශය(ජනපද ඒකාබද්ද නියෝජන සභාව මගින්)
උපතින්ම මිනිසා සතු අහිමිකළ නොහැකි අයිතිවාසිකම් රැසක් ඇති බවත්, ඒවා ආරක්ෂා කර ගැනීමට මිනිසා ආණ්ඩු පිහිටුවන බවත්, ඇමෙරිකාව යනු බ්රිතාන්ය අධිරාජ්යයෙන් වෙන්වු නිදහස් රටක් බව ප්රකාශයට පත්විය.
-එතැන් සිට වසර ගනනක් ඇමරිකාව හා බ්රිතාන්ය අතර යුද්ධ පැවතිනි-
1783-
- පැරිස් සාම ගිවිසුම(ඇමෙරිකාව නිදහස් ස්වාධින රටක් ලෙස පිළිගන්නා ලදි)
1789-
- නව ව්යවස්ථාවක් ඇමෙරිකානු ජනපදවාසීන් විසින් සම්මත කරගත් අතර එහි ප්රථම ජනාධිපතිවරයා ලෙස ජෝර්ජ් වොෂීන්ටන් පත්වීම.
ඇමරිකානු නිදහස් සටනේ ප්රතිඵල
- ඇමෙරිකා එක්සත් ජනපදය නමින් ස්වාධින රාජ්යයක් බිහිවීම
- සමස්ත මානව සංහතියට නිදහස පෙන්වා දුන් අවස්ථාවක් වීම
- ලොව පුරා මුලික මිනිස් අයිතිවාසිකම් පිළිබද උනන්දුවක් ඇතිවීම
- ලෝකයේ ප්රථම ලිඛිත සංධිය ආණ්ඩුක්රම ව්යවස්ථාව බිහිවීම.
෴තවත් ලිපියකින් හමු වෙමු෴