ශ්‍රී ලංකාවේ ඓතිහාසික වාරි තාක්ෂණය - සාමාන්‍යපෙළ ඉතිහාසය

ශ්‍රී ලංකාවේ ඓතිහාසික වාරි තාක්ෂණය

 

ඉතිහාසයයේ ශ්‍රී ලංකාවේ ජිවත් රජ දරුවන් විසින් වැසි දිය පොළවට නොලැබෙන කළ වකවානුවේ දී ප්‍රයෝජනයට ගැනීම සදහා ජලය එක් රැස් කර තබා ගැනීමට මේ ආකාරයේ වැව් නිර්මාණය කර ඇත. ඔවුන්එය නිර්මාණය කිරීමේ දී ඒ සදහා දියුණු තාක්ෂණික ක්‍රම රාශියක් බාවිතා ඇත.   

1.වැව් බැම්ම

වැව් බැම්ම වැවක් තුළ ජලය රඳවා තබාගන්නේ වැව්බැම්ම මගින්. වැවක් සෑදීමේදී ලබාගන්නා පස්වලින් වැව් බැම්ම ගොඩනංවනු ලබයි. වැව පතුලේ සිට පළල්ව පටන් ගෙන ඉහළට එන විට ක‍්‍රමයෙන් පළලින් අඩුවන ආකාරයට මෙය ඉදිකරයි. වැව් බැම්ම සකස් කිරීමේදී ඒ තුළ කුහර ඇති නොවීමට වාරි ශිල්පීන් කටයුතු කර ඇත. ඒවා තුළින් ජලය කාන්දු වීම එයට හේතුවයි. එහෙයින් වැව් බැම්ම මනාව ශක්තිමත් වීමට අලි ඇතුන් ලවා පාගවා සවිමත් කරනු ලැබී ය. රළ පහර අධික තැන්වල වැව් බැම්මට කිරිමැටි යොදා සකස් කර තිබිණි.

2.වැව් තාවුල්ල

වැව් තාවුල්ල වැව් බැම්ම නොමැති ව, ක‍්‍රමයෙන් උසින් වැඩිවන ප‍්‍රදේශය වැව් තාවුල්ලයි. මෙය ස්වභාවික පොළොවයි. මුහුදේ වෙරළ මෙන් වැවට අයත් වෙරළ ලෙස වැව් තාවුල්ල හැඳින්විය හැකිය. මෙහි ප‍්‍රධාන කාර්යය වන්නේ, ගොඩබිම සිට පැමිණෙන කුණු රොඩු වැවට පැමිණීම වැළැක්වීමයි. දෙණිකඩමෙය වැව් තාවුල්ල තුළම ඇති කොටසකි. වැවෙන් ගොඩබිම දෙසට නෙරා තිබෙන, දෙපැත්තෙන් ජලය, ගලායන මඳක් පහත්වූ බිම් ප‍්‍රදේශයකි. ගවයන් වැනි සතුන් වැඩිපුර ගැවසෙන මෙහි විවිධ පලා සහ ඖෂධ වර්ගද දැකගත හැකියි.

3.රළ පනාව(රළ පැන්නුම)  

රැළ පනාව විශාල වැව්වල ඇතිවන දිය රැළි මගින් වැව් බැම්මට සිදුවන හානිය අවම කර ගැනීමට යොදා ඇති උපක‍්‍රමය රැළපනාව යනුවෙන් හඳුන්වයි. මේ සඳහා වැව් පතුලේ සිට ඉහළට කළුගල් ඇතිරීම හෝ පඩි දැමීම සිදුකරයි.

 

4.වාන් දොරටුව

වාන වැවකට දරා සිටිය හැකි ජල ධාරිතාවට වඩා වැඩි ප‍්‍රමාණයක් ජලය එකතු වුවහොත් එම වැඩි ජලය පිටකිරීම සඳහා ඉදිකර ඇති ස්ථානය වාන යනුවෙන් හඳුන්වයි. වැවක වාන් දමන ජලය ආරක්ෂිත ව තවත් ප‍්‍රදේශයකට ගෙන යාමට වානට පහළින් ඇළක් ඉදිකර ඇත.

5.පෝටා වැව්

පෝටා වැටිය කුඩා වැව්වල මෙය දැකගත නොහැකිය. විශාල වැව්වල පමණක් පිහිටා තිබෙන මෙය කුල්ලක හැඩයෙන් යුක්තය. වැවට ජලය ගලා ඒමේදී ජලය සමග එන කුණු රොඩු හා මඩ වැවට ඒම වැළැක්වීම මෙයින් සිදුකෙරෙයි.

6.සොරොව්ව

සොරොව්ව වැවක ජලය පිටකරන ස්ථානය සොරොව්වයි. සමහර විට වැවක සොරොව් කීපයක්ම තිබෙන අවස්ථාද දැකගත හැකියි. දිය සොරොව්ව සහ මඩ සොරොව්ව යනුවෙන් ප‍්‍රධාන සොරොව් වර්ග 2 ක් ඇත. වැව් බැම්ම මත සිටගත් පුද්ගලයෙකුට ජලය ගලාබසින ශබ්දය හැර ජලය පිටවන ස්ථානයක් දැකගත නොහැකිවීම යන අර්ථයෙන් එය සොරොව්ව යනුවෙන් නම් කර ඇත.

වැව් පතුලකිරිමැටි යොදා තද කිරීමෙන් වැවක පතුල නිමවා ඇත. වැව් පතුලෙන් යටට ජලයට කාන්දුවීම වැලැක්වීම එහි අරමුණයි. වැවෙන් ජලය පිටතට ගෙනයන ඇළ මාර්ග පිහිටා ඇත්තේ වැව් පතුලට මඳක් ඉහළින් වැවක ජලය ඉවත් කිරීමේදී වැවේ තිබෙන ජලය සියල්ල පිටතට නොයාමට ඇළ මාර්ග එසේ ඉදිකර ඇත. අධික උෂ්ණත්වයෙන් වැව් පතුල ආරක්ෂා කර ගැනීමත් එහි එක අරමුණක්.

7.බිසෝ කොටුව  

දියකැට පහණමෙය බිසෝකොටුව තුළ පිහිටා ඇති, වැවෙන් මුදාහරිනු ලබන ජලය ප‍්‍රමාණය මැන ගැනීමට යොදා ගන්නා උපකරණයක්. සිලින්ඩරාකාර ගල් කණුවක් වන මෙය ටිකින් ටික ඉහළට ඔසවන විට පිටවන ජලය ප‍්‍රමාණය වැඩිවේ. දියකැට පහණ ජල “මාණය” ලෙස ද හැඳින්වෙයි.බිසෝකොටුව පුරාණ ලංකාවේ වැව්වල රැස්කරගත් ජලය පාලනයකින් යුක්තව මුදාහැරීමට සොරොව් වර්ග තුනක් යොදාගෙන තිබෙන බව පුරාවිද්‍යාත්මක සාහිත්‍ය සහ ශිලාලිපි වලින් සාධක හමුවෙයි.                              

බිසෝ කොටු සොරොව්ව, රජ්මොහොල් සොරොව්ව සහ කැට සොරොව්ව යනුවෙන් හැඳින් වූ එම තුන් වර්ගයෙන් බිසෝකොටුව අපේ රටේ වාරිකර්මාන්තයේ විශිෂ්ඨතම නිර්මාණය ලෙස හැඳින්විය හැකිය. වැව්කණ්ඩියට ඇතුළතින් වැව දෙසට වන්නට හතරැස් හෝ ආයත චතුරාශ‍්‍රාකාරව ළිඳක ස්වරූපයෙන් මෙය ඉදිකර තිබුණු බැවින් එයට සොරොව් ළිඳ යනුවෙන්ද ව්‍යවහාර කෙරෙයි.  වැවේ ජලය පාලනයකට ලක්කර බාහිර ඇළ මාර්ග වෙත මුදාහැරීම මේවා ඉදිකිරීමේ අරමුණ විය. මේ ආකාරයෙන් සලකා බැලීමේ දී ශ්‍රී ලංකාව තුල දියුණු තාක්ෂණික ක්‍රම බාවිතා කර වැව් නිර්මාණය කර ඇති බව මෙයින් ගම්‍ය මාන වේ.