සාමාන්‍ය පෙළ ඉතිහාසය විෂය නිර්දේශයේ සඳහන් සියලු සෙල්ලිපි (හා ග්රන්ථ)
සැලකිය යුතුයි :
- යම් සෙල්ලිපියක් පාටකින් දක්වා ඇත්නම් "එම පාටින්ම" දක්වා ඇති අනෙකුත් සෙල්ලිපි වල සඳහන් වන්නේ ද එම සෙල්ලිපිය ගැනමය.
- සෙල්ලිපි වල දකුණු පසින් පිටු අංකයක් සඳහන් වන අතර (නිල් පැහැයෙන්) ඒ සියල්ල 10 ශ්‍රේණිය ඉතිහාසය පෙළ පොතට අදාළ පිටු අංක වේ.
- දීපවංසය - ශ්‍රී ලංකාවේ පැරැණිතම සාහිත්‍ය මූලාශ්‍රය (ක්‍රි.ව. 4) 01
- මහාවංසය - ක්‍රිස්තු වර්ෂ 5 හෝ 6 වන සියවස 02
- සීහලට්ඨකථා මහාවංසය - දීපවංසය හා මහාවංසය ලිවීමට මෙම කෘති වල ආභාසය ලබාගෙන ඇත 02
- උත්තර විහාරට්ඨ කතා - දීපවංසය හා මහාවංසය ලිවීමට මෙම කෘති වල ආභාසය ලබාගෙන ඇත 02
- විනයට්ඨ කථා - දීපවංසය හා මහාවංසය ලිවීමට මෙම කෘති වල ආභාසය ලබාගෙන ඇත 02
- මහාවංස ටීකාව (වංසත්ථප්පකාසිනි) - මහාවංසයට ලියවුණු ටීකාව 02
- බෝධිවංසය - රජරට ශිෂ්ටාචාරයේ ඉතිහාසය හැදෑරීමේ දී වැදගත් වේ 02
- ධාතුවංසය - රජරට ශිෂ්ටාචාරයේ ඉතිහාසය හැදෑරීමේ දී වැදගත් වේ 02
- ථූපවංසය - රජරට ශිෂ්ටාචාරයේ ඉතිහාසය හැදෑරීමේ දී වැදගත් වේ 02
- පූජාවලිය - රජරට ශිෂ්ටාචාරයේ ඉතිහාසය හැදෑරීමේ දී වැදගත් වේ 02
- සද්ධර්මාලංකාරය - රජරට ශිෂ්ටාචාරයේ ඉතිහාසය හැදෑරීමේ දී වැදගත් වේ 02
- නිකාය සංග්‍රහය - මෙරට ශාසන ඉතිහාසය පිළිබඳ ලියවී ඇත (ගම්පොළ සිට කෝට්ටේ දක්වා ඉතිහාසයට වැදගත් ය) 02
- රාජාවලිය - දේශපාලන තොරතුරු ඇතුළත්ය (ගම්පොළ සිට කෝට්ටේ දක්වා ඉතිහාසයට වැදගත් ය) 02
- මයුර සන්දේශය - සන්දේශ කාව්‍ය (කෝට්ටේ සිට මහනුවර දක්වා ඉතිහාසය හැදෑරීමේ දී වැදගත් වේ) 02
- තිසර සන්දේශය - සන්දේශ කාව්‍ය (කෝට්ටේ සිට මහනුවර දක්වා ඉතිහාසය හැදෑරීමේ දී වැදගත් වේ) 02
- සැළලිහිණි සන්දේශය - සන්දේශ කාව්‍ය (කෝට්ටේ සිට මහනුවර දක්වා ඉතිහාසය හැදෑරීමේ දී වැදගත් වේ) 02
- පැරකුම්බා සිරිත - ප්රශස්ති කාව්‍ය (කෝට්ටේ සිට මහනුවර දක්වා ඉතිහාසය හැදෑරීමේ දී වැදගත් වේ) 02
- සීතාවක හටන - හටන් කාව්‍ය (කෝට්ටේ සිට මහනුවර දක්වා ඉතිහාසය හැදෑරීමේ දී වැදගත් වේ) 02
- කොන්ස්තන්තීනු හටන - හටන් කාව්‍ය (කෝට්ටේ සිට මහනුවර දක්වා ඉතිහාසය හැදෑරීමේ දී වැදගත් වේ) 02
- ඉංග්‍රීසි හටන - හටන් කාව්‍ය (කෝට්ටේ සිට මහනුවර දක්වා ඉතිහාසය හැදෑරීමේ දී වැදගත් වේ) 02
- සිලප්පාදිකාරම් - දකුණු ඉන්දියාවේ දී රචිත පොත් (ශ්‍රී ලංකාව සම්බන්ධ විස්තර ඇත) 03
- මණිමේකලෛයි - දකුණු ඉන්දියාවේ දී රචිත පොත් (ශ්‍රී ලංකාව සම්බන්ධ විස්තර ඇත) 03
- පදිර්රුපත්තු - දකුණු ඉන්දියාවේ දී රචිත පොත් (ශ්‍රී ලංකාව සම්බන්ධ විස්තර ඇත) 03
- බෞද්ධ රාජධානි පිළිබඳ විස්තරය - චීන මූලාශ්‍රය (පාහියන් හිමි) (මෙරටට පැමිණ වාර්තා කළ අය) 03
- ඉබන් බතුතාගේ දේශාටන වාර්තාව - අරාබි මූලාශ්‍රය (මෙරටට පැමිණ වාර්තා කළ අය) 03
- රිබෙයිරෝගේ ලංකා ඉතිහාසය - පෘතුගීසි මූලාශ්‍රය (මෙරටට පැමිණ වාර්තා කළ අය) 03
- බැල්ඩියස් ගේ ලංකා පුරාවෘත්තය - ඕලන්ද මූලාශ්‍රය (මෙරටට පැමිණ වාර්තා කළ අය) 03
- එදා හෙළදිව (රොබට් නොක්ස්) - ඉංග්‍රීසි මූලාශ්‍රය (මෙරටට පැමිණ වාර්තා කළ අය) 03
- බ්රාහ්මීය ලිපි - මෙරට පැරණිම ශිලාලේඛන (භික්ෂූන්ට ලෙන් පිදීම ආදිය වාර්තා කර ඇත) 03
- කහපණ (පුරාණ,ධරණ) - මෙරටින් හමුවන පැරණිතම කාසි 04
- තඹ මස්ස - පොළොන්නරු යුගයේ භාවිතා වූ කාසි වර්ගයකි 04
- ඇතා හා ස්වස්තික කාසි - මෙරට භාවිත වූ කාසි 04
- ලක්ෂ්මි කාසි - මෙරට භාවිත වූ කාසි 04
- අක නම් රන් කාසි - මෙරට භාවිත වූ කාසි 04
- රෝම කාසි - මෙරටින් හමු වී ඇති විදේශ කාසි 04
- චීන කාසි - මෙරටින් හමු වී ඇති විදේශ කාසි 04
- ඉන්දියානු කාසි - මෙරටින් හමු වී ඇති විදේශ කාසි 04
- ඩිමුන්ඩෝ (අැරිස්ටෝටල්) - ග්‍රීක මූලාශ්‍රය (ලංකාවට නොපැමිණ වාර්තා කළ අය සහ ඔවුන්ගේ කෘති) 04
- ඉන්ඩිකා (මෙගස්තිනීස්) - ග්‍රීක මූලාශ්‍රය (ලංකාවට නොපැමිණ වාර්තා කළ අය සහ ඔවුන්ගේ කෘති) 04
- ඔනෙසික්‍රිටස් ගේ වාර්තා - ග්‍රීක මූලාශ්‍රය (ලංකාවට නොපැමිණ වාර්තා කළ අය සහ ඔවුන්ගේ කෘති) 04
- නැචුරලිස් හිස්ටෝරියා (ප්ලීනි) - රෝම මූලාශ්‍රය (ලංකාවට නොපැමිණ වාර්තා කළ අය සහ ඔවුන්ගේ කෘති) 04
- භූගෝල ශාස්ත්‍ර ප්‍රවේශය (ටොලමි) - රෝම මූලාශ්‍රය (ලංකාවට නොපැමිණ වාර්තා කළ අය සහ ඔවුන්ගේ කෘති) 04
- ලංකා සිතියම (ටොලමි) - රෝම මූලාශ්‍රය (ලංකාවට නොපැමිණ වාර්තා කළ අය සහ ඔවුන්ගේ කෘති) 04
- හියූං-සීයෑං භික්ෂුව ගේ දේශාටන වාර්තා කෘතිය - චීන මූලාශ්‍රය (ලංකාවට නොපැමිණ වාර්තා කළ අය සහ ඔවුන්ගේ කෘති) 04
- ෆර්නාඕ ඩී ක්වේරෝස් පියතුමාගේ ලංකාව පිළිබඳ ග්‍රන්ථය - පෘතුගීසි මූලාශ්‍රය (ලංකාවට නොපැමිණ වාර්තා කළ අය සහ ඔවුන්ගේ කෘති) 04
- පනාකඩුව තඹ සන්නස - පළමුවන විජයබාහු රජු සිත්නරුබිම බුදල්නා ට සැලකීම 05
- නිශ්ශංකමල්ල රජුගේ ගල්පොත සෙල්ලිපිය - ශිලාලේඛන (ගල්) 05
- ඇම්බැක්කේ දේවාලයේ දැව කණු වල ලියූ ලේඛන - දැව 05
- වල්ලිපුරම් රන්පත (වසභ රජු) - රන් තහඩු 05
- තිස්සමහාරාම වැව ඉදි කිරීම, කිරිඳි ඔය හරස්කොට අමුණක් බැදීම - ඉළනාග රජු 24
- ගනේකන්ද විහාරය, ගල්ලෙන විහාරය යන තැන්වල ගල් ගුහාවල බ්රාහ්මීය ලිපි - අවරණ (අමුණ) 24
- සුමනවාපිගාම - මහා වංශයේ සඳහන් වැව් ගම් 24
- විහාරවාපිගාම - මහා වංශයේ සඳහන් වැව් ගම් 24
- හුන්දරිවාපිගාම - මහා වංශයේ සඳහන් වැව් ගම් 24
- කඩහවාපිගාම - මහා වංශයේ සඳහන් වැව් ගම් 24
- ක්‍රිස්තු පූර්ව 250 දී රචිත බ්රාහ්මීය ලිපි - පුර කමත (නගරයේ ප්‍රධාන වාස්තු ශිල්පියා) 25
- පනාකඩුව තඹ සන්නස - අනුරාධපුරය 'නුරුපුර' ලෙස නම් කිරීම 25
- කළුදිය පොකුණ සෙල්ලිපිය (මාතලේ,දඹුල්ල) - මෙම විහාරයේ දාන සම්බන්ධ ගැටලු දස ගම් ඇත්තන් විසින් විසඳිය යුතු ය 28
- කොත්ගල්කන්දේ සෙල්ලිපිය (දඹුල්ල,කණ්ඩලම) (ක්‍රිස්තු පූර්ව 250) - තොට බොජක 31
- පෙරියපුලියන්කුලම සෙල්ලිපිය - සුමනගේ පවුලට අයත් ලෝහ වැඩ කළ "ගෘහපතියකුගේ" ලෙන් පූජාව 32
- සමන්තපාසාදිකාව (බුද්ධඝෝෂ හිමි) - ගමිකයන් ගෘහපතින් අතරින් පත් වූ කෙනෙකි 33
- කොරවක්ගල සෙල්ලිපිය (හම්බන්තොට,සිතුල්පව්ව) - ගමික සිව, ගමික සුමන, ගමික තිදනගේ ලෙන් පූජාව 33
- ඇඹුල්අඹේ සෙල්ලිපිය (මාතලේ) - පොචනි රජ (ප්‍රාචීන රජ හෙවත් නැගෙනහිර ප්‍රදේශයේ රජු) 36
- යටහලෙන සෙල්ලිපිය (කෑගල්ල) - දුහතර රජ 36
- සිතුල්පව්වේ සෙල්ලිපි - වේළුසුමන, ඵුස්සදේව, ථෙරපුත්තාභය, නන්දිමිත්ර පරුමකයින් ලෙස හැඳින්වීම 37
- වල්ලිපුරම් රන්පත - යාපනය (නකදිව) සෘෂිගිරි ඇමති පාලනය කළේය 38
- ක්‍රිස්තු වර්ෂ 9 වන සියවසේ ලියැවුණු සෙල්ලිපිය - එක්තැන්සමිය (විධායකය හා ව්‍යවස්ථාදායකය) 44
- බුද්ධන්නේහෙල සෙල්ලිපිය (අනුරාධපුරය) - "අප මෙතුවක් දෙනා අවුද්" වත්හිමියන් වහන්සේ වදාළ "එක්තැන්සමියෙන්" (ඉඩම් පූජාවක් ප්‍රකාශයට පත් කරනු පිණිස ලියැවී ඇත) 44
- අනුරාධපුර සෙල්ලිපිය - 'කෙරෙළෑගම' නම් ඉඩම මහින්දාරාම නම් මෙහෙණි ආරාමය ට පිරිනැමීමට මැණික්ගමුවේ උදය සහ නිකවැල්ලේ සේන, සභාව නියෝජනය කිරීමට පැමිණ ඇත (සභාව යනු අධිකරණය යි) 44
- මැදිරිගිරියේ සෙල්ලිපිය - මැදිරිගිරියේ ඇත්වෙහෙර නම් වූ පඨානගරයකට දෙවන සේන රජුගේ අණින් පිරිනැමූ ඉඩමේ නීතිමය කටයුතු කිරීමට 'මහලේ කස්බා' පැමිණ ඇත 45
- වල්ලිපුරම් රන්පත - සෘෂිගිරි ඇමති පියංගුකතිස්ස විහාරය ඉදිකිරීම 46
- බුත්සරණ - හේන්, 'සෙහෙන්' ලෙස හැඳින්වීම 47
- උම්මග්ග ජාතකය - හේන්, 'සේන්' ලෙස හැඳින්වීම 47
- පිටිබිම් - සෙල්ලිපි වල 'හේන්' හැඳින්වූ ආකාරය 47
- සද්ධර්මරත්නාවලිය - 'නවදැලිසේන' යන්න සඳහන් වීම 48
- නිශ්ශංකමල්ල රජුගේ සෙල්ලිපි - මෙතුමා කැති අඩ, කෙටූ කනබ අය යන බදු අහෝසි කළේ ය 49
- හතරවන කාශ්‍යප රජතුමාගේ සෙල්ලිපි - 'කිරිගෙරි' යන පදය 50
- නාගපබ්බ විහාරයේ මහාමේරු ගල - ගෘහණියක් කිරි දෝවනය කරන කැටයමක් 50
- ඇත්වෙහෙර පඨානඝරයේ සෙල්ලිපිය (පොලොන්නරුව, මැදිරිගිරිය) - ස්වභාවිකව මියගිය සතුන්ගේ මස් පමනක් ආහාරයට ගත යුතුය 50
- මුතුගල්ල සෙල්ලිපිය - මජ්ඣිම නම් කම්මල්කරු ගැන සඳහන් ය. (මෙම ලිපිය පොලොන්නරුවේ පිහිටා ඇත) 50
- මණ්ඩගල සෙල්ලිපිය (හම්බන්තොට) - තුලදර සුමන නම් රන්කරු ගැන සඳහන් ය. 50
- වේගිරිය දේවාල සෙල්ලිපිය (මහනුවර) - දටික සුමන නම් ඇත්දත් ශිල්පියා ගැන සඳහන් ය. 50
- වෙහෙරකෙම සෙල්ලිපිය (හම්බන්තොට) - තතවය (නූල් කටින්නා) 51
- මණ්ඩගල සෙල්ලිපිය (හම්බන්තොට) - සුමන නම් "වෙළෙන්දෙකු" ගල්ගුහාවක් පූජා කිරීම 51
- වෙහෙකෙම සෙල්ලිපිය - රෙදි වියා වෙළඳාම් කළ අයගේ සංවිධානයක් භික්ෂූන්ට ලෙන් පූජා කිරීම 51
- හෝපිටිගම ටැම් ලිපිය (සොරබොර වැව ටැම් ලිපිය, බදුලු ටැම් ලිපිය) - iv උදය රජුට අයත් අතර වෙළෙඳපොළවල් පාලනය සම්බන්ධ තොරතුරු ඇත 51
- බෝවත්තේගල සෙල්ලිපිය (දකුණු පළාත) - කබොජ මහ පුගිය 53
- මැදගම පුරාණ විහාර සෙල්ලිපිය (කුරුණෑගල) - තිස්ස නම් නැට්ටුවෙකු ගැන සඳහන් ය. (ඔහුගේ බිරිඳ පරුමකලු කෙනෙකි) 53
- නැට්ටුකන්ද සෙල්ලිපිය - ලපන තිස්ස නම් සිත්තරුවෙක් ගැන සඳහන් ය. (මොහුගේ පුතා වන සංජය කවියෙකි) 54
- මහඇලගමුවේ ගල්ගුහා ලිපිය (අනුරාධපුර) - තිස්සරක්ඛිත තෙරුන්ගේ අතෙවසික පුස්ස නැමැත්තෙකු ගැන සඳහන් වේ 55
- හැලඹගල සෙල්ලිපිය (කුරුණෑගල) - 'වසවසික' යන පදය ('වස් වසන' යන්න එහි තේරුම යි) 56
- කොතලකීඹියාවේ සෙල්ලිපිය (කුරුණෑගල) - 'වසවසික සහඨක' (කඨින චීවරය) (උත්තිය නම් වූ තෙරුන් වහන්සේ කෙනෙකුගේ ඥාතීන් කඨින චීවරයක් පූජා කළ බව සඳහන් වේ) 56
- අභයගිරි විහාරයෙන් සොයාගත් සෙල්ලිපිය - දෙමළ ජාතික භික්ෂූන් වහන්සේ කෙනෙක් ගැන සඳහන්ය 60
- අම්පාර දිස්ත්‍රික්කයේ සෙල්ලිපිය - දෙමළ ජාතික පුරුෂයෙකු සමඟ විවාහ වූ සිංහල කාන්තාවක් ගැන සඳහන්ය 60
- හතරවන කාශ්‍යප රජතුමාගේ සෙල්ලිපිය - දෙමළ අධිකාරි 'පාඬිරද්' නැමැත්තෙකු පිළිබඳ සඳහන් ය 60
- වෙස්සගිරිය සෙල්ලිපිය - 'සතර් රියනක් දියට් හිඳවු දියකැට පහන්' යනුවෙන් යෙදුමක් තිබීම 67
- ගොඩවාය සෙල්ලිපිය (අම්බලන්තොට) - මෙම විහාරය අසල පිහිටා තිබූ වරායකින් එකතු කළ බදු මෙම වෙහෙරට පුජා කර ඇත 81
- සිතුල්පව්ව සෙල්ලිපිය (පළමුවන ගජබාහු රජු) - ඒ ප්‍රදේශයේ පැවති මහා විනිශ්චය ශාලාවෙන් ලැබෙන දඩ මුදල් සිතුල්පව්ව විහාරයේ වැඩ සිටි භික්ෂූන් ගේ සිව්පසය වෙනුවෙන් පූජා කළ බව සඳහන්ය 81
- කොණ්ඩවට්ටවාන් ටැම් ලිපිය - නිසි කාලෙට සීසෑම නොකරන පුද්ගලයන්ට කලං පහක දඩයක් නියම කිරීම 82
- අනුරාධපුර වෙස්සගිරියේ සෙල්ලිපිය (හතරවන මහින්ද රජු) - වැව් වලින් ගොවිතැන් කරන කුඹුරුවල සිහිනැටි වී මිස මුං ඇට වැපිරීම නොකළ යුතු බව සඳහන්ය 82
- මාඝාත නීතිය (අමණ්ඩ ගාමිණී අභය රජු) - කිසිදු සතෙකු නොමැරිය යුතු බවට වන නීතිය 83
- මිහින්තලා පුවරු ලිපිය (හතරවන මිහිඳු රජු) - මීහරකුන්, එළ හරකුන් සහ එළුවන් ඝාතනය කරන්නන්ට මරණ දඩුවම පැනවීම 83
- නිශ්ශංකමල්ල රජතුමා - ජලාශවල ජීවත්වන පක්ෂින් නොමැරිය යුතු බවට නීතියක් පැනවීම 83
- වේවැල්කැටිය සෙල්ලිපිය (හතරවන මිහිඳු රජු) - සොරකම් කිරීම, මිනීමැරීම ආදියට දෙන දඬුවම් විස්තර කිරීම 83
- වෙස්සගිරියෙන් සොයාගත් සෙල්ලිපිය - වීරාංකුර නම් පන්සලක භික්ෂූන් වහන්සේලාට හතරවන කාශ්‍යප රජතුමා විසින් රන් කලං දෙසීයක් පූජා කළ බව ප්‍රකාශයට පත් කිරීම 84
- ලාහුගල නිල්ගිරි සෑය සෙල්ලිපිය - චූලසීවලී නම් මහරැජිනක් ගැන සඳහන්ය 85
- රසවාහිනී නම් පැරණි සාහිත්‍ය කෘතිය - තම ස්වාමියා දුර රටක වෙළෙඳ කටයුතුවල නියැලී වසර 3 කින් නැවත පැමිණෙන තෙක් හුදකලාව සිටි කාන්තාවක් ගැන සඳහන් වේ 85
- රසවාහිනී නම් පැරණි සාහිත්‍ය කෘතිය - විහාරමහාදේවිය දූ පුතුන් නැති ජීවිතෙන් පලක් නැති බව පැවසීම 85
- සහස්සවත්ථුපකරණය - දියණිය සූප ශාස්ත්රයේ නිපුණ කරවීම දෙමව්පියන්ගේ වගකීමක් බව පැවසීම 85
- සද්ධර්මාලංකාරය - සාලිය කුමරුගේ බිරිඳ වූ අශෝකමාලා දුටුගැමුණු රජුගේ මාලිගයේ දී රසවත් ආහාර පිළියෙල කළ වග සඳහන් වීම 85
- දම්පිය අටුවා ගැටපදය - සූප ශාස්ත්රයේ දක්ෂ කාන්තාවන් මධුපාචිකා ලෙස හැඳින්වීය 85
- බ්රාහ්මණයාගම සෙල්ලිපිය (අනුරාධපුර) - පරුමකලු සමනා ගැන සඳහන්ය (මැය පරුමක නදික ගේ බිරිඳයි) 85
- කොක්ඇබේ පර්වත ලිපිය - තලතා ලක්ෂ්මී නම් කාන්තාව භාතියතිස්ස රජුගේ කාලයේ දී තම ධනයෙන් ශාසනික කටයුතු කිරීම 85
- තෝණිගල සෙල්ලිපිය (කීර්ති ශ්‍රී මේඝවර්ණාභය රජු) - වී, උඳු, මුං සහ තල ගැන සඳහන් වීම / භික්ෂූන්ට අතුරුපස ලෙස තල පූජා කිරීම 86
- සද්ධර්මරත්නාවලිය - දොළොස්වන සියවස වන විට ප්‍රභූන් අතර ජනප්‍රිය ආහාරයක් වූයේ සුවඳ ගිතෙලින් පිසූ මොණරමස් හා ඇල්හාලින් සෑදූ බත් ය 86
- දම්පිය අටුවා ගැටපදය - තිල සංගුලිකා (තලගුලි) 88
- සද්ධර්මාලංකාරය - 'සොඬල' යන පදය සඳහන් වේ 88
- පූජාවලිය - 'මාගේ දුවණියට කිරි කන්නට සරක් බානකුත් දුනමනා වේ දැ යි' යනුවෙන් සඳහන් වීම 88
- සද්ධර්මරත්නාවලිය - රස උළුකැඳ 88
- අනුරාධපුර පුවරු ලිපිය (හතරවන මිහිඳු රජු) - උස් ගොඩබිම් ඉඩම්වල කැලෑ නොකැපිය යුතු බව 89
- බුද්ධන්නෙහෙළ සෙල්ලිපිය (තුන්වන උදය රජු) - 'වල් වල දඬුපත් නොකපනු ඉසා' (කැලෑවල ගස්කොලන් නොකැපිය යුතු බව) 89
- කොණ්ඩවට්ටවාන් ටැම් ලිපිය (පස්වන කාශ්‍යප රජු) - ගස්කොළන් කළමනාකරණයේ දී රජය විසින් පනවා තිබෙන නීති රීතිවලට අනුව ක්‍රියා කළ යුතුය 89
- ගාල්ලේ ත්‍රිභාෂා සෙල්ලිපිය - චෙන් හෝ සෙන්පති චීන, පර්සියානු, දෙමළ භාෂාවලින් දෙවුන්දර දේවාලයේ පිහිට වූ ශිලා ලිපිය 102
- දැදිගම සෙල්ලිපිය - සිංහල සංගෙ මෙහෙය වූ කැකුලන්දල සිරිවර්ධන පතිරාජ ඇතුළු පිරිසට අභයදානය දීමට හයවන බුවනෙකබාහු රජු විසින් පිහිටවූ සෙල්ලිපිය 102