මී මැසි පාලනය සදහා ස්ථානයක් තෝරා ගැනීම
මී මැසි පාලනය පොල් වගාව යටතේ හා කෘෂි බෝග වගාව යටතේ ආරම්භ කල හැකි සාර්ථක ව්‍යාපාරයකි. මේ සදහා මී පැණි ලබා ගැනීමට ගෝචර ශාක ඇති ප්‍රදේශ තෝරා ගත යුතුය. එයින් ප්‍රධානතම ඒවා නම් ගම් ගස,රබර්,පොල්,ගම්මී,මොර,වීර,පළු,කුඹුක්,අරළු,බුළු,දිවුල්,සියඹලා,බුරුත,කෝන්,මිල්ල,නැදුන්,බොර,බීරිය,කඩදවුල,ගම්මාලු,දමිනි ආදි ශාකය.මෙම ශාක එක් වර්ගයක් හෝ වර්ග කිහිපයක් ඇති ප්‍රදේශයක් තෝරා ගැනීමෙන් සාර්ථක ප්‍රතිඵල බලාපොරොත්තු විය හැකි වේ. තවද අවුරුද්දේ වැඩි කාලයක් නොකඩවා ගෝචර කර ගැනීමට ඇති ගස් වලින් හෙබි ප්‍රදේශයක් වීමද වැදගත්ය. පරාග ලබා ගැනීමේ දී ඉතා වැදගත් වන්නේ පොල් ගසය. එය අවුරුද්ද මුළුල්ලේ ම මල් හට ගන්නා එකම ශාකය වන බැවින් පොල් වගාව ආශ්‍රිතව මී මැස්සන් ඇති කිරීමෙන් සාර්ථක බලාපොරොත්තු තැබිය හැකිය. අතුරු නිශ්පාදනයෙහි ලා පොල් ගස වැදගත් වේ. එබැවින් පොල් මිශ්‍ර හෝ රබර් මිශ්‍ර කැලෑ ප්‍රදේශ ප්‍රතිඵලදායක ප්‍රදේශ ලෙස හැදින්විය හැකිය. ගෝචර ශාක පිලිබදව අවබෝධයක් නොමැති අයෙකුට ඒ සදහා හොදම මිම්ම වන්නේ ස්වභාවිකවම මී මැස්සන් වාසය කරන ප්‍රදේශ තෝරා ගැනීමයි. තවද තෝරා ගන්නා ගෝචර ශාක වලින් උපරිම ප්‍රයෝජන ගත හැක්කේ මී මැස්සාට පහසුවෙන් පියාසර කල හැකි දුර ප්‍රමාණයක ඒවා පිහිටිය හොත් පමණි. එබැවින් ඒ පිලිබදවද විමසිලිමත් විය යුතුය. බාධක නොමැතිව ගෝචර ශාකය වෙත කෙලින්ම පියාසර කිරීමට හැකි ප්‍රදේශ හා ස්ථාන තෝරා ගැනීමටත් එය උපරිම වශයෙන් මීටර 200කට සීමා කිරිමටත් වග බලා ගත යුතුය. ස්වභාවික ලෙස මීමැස්සා ප්‍රිය කරන්නේ අඩ අදුරු සිසිල් ප්‍රදේශ බැවින් ඇල දොල ආශ්රිත ප්‍රදේශ මී මැසි පාලනය සදහා තෝරා ගත යුතුය. තවද රසායනික වර්ග බහුලව භාවිතා කරනු ලබන ප්‍රදේශ මී මැස්සාට අහිතකර බැවින් එම ප්‍රදේශවල ජනපද පිහිටුවීමෙන් වැලකී සිටිය යුතුය.
මී මැසි වර්ග
මී මැසි ගණයට අයත් මී මැසි වර්ග තුනක් ලංකාවේ දක්නට ලැබේ. බඹරා,දඩුවැල් මැස්සා, සහ මී හැස්සා මේ වර්ග තුනය. මීට අමතරව සුළු පැණි ප්‍රමාණයක් නිපදවන කණ මී මැස්සා ද වේ. එලි මහනේ පිහිටි උස් ගස්, තලා හෝ උස් ගොඩනැගිලි වාසස්ථාන කර ගන්නා බඹරා ලොකු මී මැස්සෙකි. විශාල ප්‍රමාණයක් නිපදවයි. බඹර පැණිද මී පැණි බව අමතක නොකල යුතුයි. හුදෙක් එලි මහනේ තනි වදයක් බදින හා තැනින් තැන කලින් කලට සංක්‍රමණය වීමේ ස්වභාවික ගති පැවතුම් ඇති බැවින් ගෘහස්ථ බඹරුන් ඇති කල නොහැක. එසේම බඹර පැණි වල ඇති ජලය නිසා මත්වන සුළු නිසා බඹර පැණි අගයෙන් වැඩි යැයි සැලකුවද එය ගුණයෙන් වැඩි පැණි වර්ගයක් ලෙස සැලකේ. දඩුවැල් මැස්සාද බඹරා මෙන් කලින් කල තැනින් තැන සංක්‍රමණය වන්නෙකි. අඩ අදුරු ස්ථාන වල පිහිටි පහත් අතු පතර තනි වදයක් බැද ගනී. එය කුඩා වදයකි. මෙම පැණි උසස් පැණි වර්ගයක් ලෙස සැලකුවද ලබා ගත හැකි පැණි ප්‍රමාණය ඉතා සුළුය. අප ඇති කරන මී මැස්සන් ඉහත සදහන් මී මැසි වර්ග දෙකට හාත්පසින්ම වෙනස්ය. ඔවුන් වෙනස්ම ජීවන රටාවක් ගත කරන සතෙකි සම්පූර්ණයෙන්ම අදුරු ස්ථාන ප්‍රිය කරන මෙම කෘමියා එක් ස්ථානයක බොහෝ කාලයක් රැදි සිටි. එකිනෙකට සමාන්තරව ක්රමාණුකූලව වද කිහිපයක් ගොඩ නගයි. ගස් බෙන,තුඹස්,ගස් වැටි හෝ එවැනි ඉඩ පහසුකම් ඇති අදුරු ස්ථාන වල තම ජනපද පිහිටුවා ගනී. මෙම ජීවන රටාව නිසාම මෙම මීමැස්සා ගෘහස්තව ඇති කිරිමට හැකි වී ඇත. මී මැසි ගණයට අයත් නොවුවද කණ මී මැස්සාද සුළු පැණි ප්‍රමාණයක් නිපදවන වැදගත් කෘමියෙකි. පැණි නිපදවීමේලා ආර්ථික වටිනාකමක් නොමැති වුවද බෝග පරාගණයෙහිලා ඉතා වැදගත් කෘමියෙකු බව අමතක නොකල යුතුය.