නවීන කෘෂිතාක්ෂණික භාවිතයන්ගේ හිතකර හා අහිතකර තත්ත්වයන්
නවීන කෘෂිතාක්ෂණික භාවිතයන්ගේ හිතකර තත්ත්වයන්
කෘෂිතාක්ෂණික ක්‍රමය
|
හිතකර තත්ත්වය
|
01. පටක රෝපණය
|
- එක් මූලික පටකයකින් නිරෝගී ඒකාකාර පැළ විශාල සංඛ්‍යාවක් ඉක්මණින් ලබාගත හැකි වීම.
- විභාජක පටක රෝපණයෙන් ලබාගත් පටක රෝපිතයන් ගෙන් නොකඩවා නිරෝගී පැළ ලබා ගත හැකි වීම.
- උදා - වෛරස් රෝග කාරකයන්ගෙන් තොර නිපදවිය හැකිවීම.
- වසර පුරාම පැළ නිපදවිය හැකි වීම.
- පරීක්ෂණාගාර තුළ පැළ නිපදවන බැවින් දේශගුණික හෝ අහිතකර පරිසර තත්වයන්ගෙන් බාධා නොපැමිණේ.
- අවම ඉඩ ප්‍රමාණයක වැඩි පැළ සංඛ්‍යාවක් ලබා ගත හැකිවීම.
- ගබඩා කිරීම හා ප්‍රවාහනය පහසු වීම.
- නඩත්තු කළ යුතු මව් ශාක ප්‍රමාණය සීමිත වීම.
- ඕනෑම ශාකයක් ප්‍රචාරණය කිරීමට යොදාගත හැකි තාක්ෂණයක් වීම.
- ශාක වැඩි දියුණු කිරීමේ ක්‍රියාවලිය දිගටම කරගෙන යාමට හැකිවීම.
- වටිනා ජාන ප්ලාස්ම සංරක්ෂණය සදහා යොදාගත හැකිවීම.
- අන්තර්ජාතික වශයෙන් ගුණාත්මක පැළෑටි ප්‍රචාරක ද්‍රව්‍ය හුවමාරු කර ගැනීමට හැකිවීම.
|
02. ජාන තාක්ෂණය
|
- ආහාර නිශ්පාදනය වැඩි කිරීමට
- උෂ්ණත්වය, ලවණතාවය, ජල හිගය හා රෝග කාරක වැනි බාධාකාරී සාධක වලින් වළක්වා ගත හැකි වීම.
- ඒකීය භූමි ප්‍රමාණයකින් ලැබෙන ඵලදාව වැඩි කර ගැනීමට.
- ගුණාත්මක බවින් ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට.
- ජනගහණය වැඩිවීමත් සමග ආහාර අර්බුධය විසදීමට ඉක්මන් ඵලදාවක් ලබා ගැනීමට.
- පාරිසරික ගැටළු වලට විසදුමක් වීම.
- රෝග හා කෘමි හානි වලට ප්‍රතිරෝධී වීම.
- අධික වර්ධනයක් සහිත බෝග ලබා ගත හැකි වීම.
- එක් කාළයට පමණක් සීමා නොවූ ප්‍රභේධ ලබා ගැනීමට.
- නියං තත්ත්ව වලට ඔරොත්තු දෙන බෝග ශාක ප්‍රභේධ ලබා ගැනීමට.
- පසු අස්වනු හානි අවම බෝග ශාක ප්‍රභේධ ලබා ගැනීමට.
|
03. දෙමුහුම් බීජ භාවිතය
|
- පාරිභෝගික රුචිකත්වය වැඩි වීම.
- රෝග වලට ප්‍රතිරෝධී වීම.
- අස්වනු ප්‍රමාණය වැඩි කරගත හැකි වීම.
- මිටි ශාක ලබා ගත හැකි වීම.
- අඩු පැතිරීමක් සහිත බෝග ලබා ගත හැකිවීම.
- ඵල වල සාමාන්‍ය බර වැඩි ප්‍රභේධ ලබා ගත හැකිවීම.
- නැවුම් බව නොනැසී වැඩි කලක් තබාගත හැකි ප්‍රභේධ ලබා ගත හැකිවීම.
- වැඩි වර්ධන වේගයක් සහිත බෝග වර්ග ලබා ගත හැකි වීම.
|
04. ජල රෝපිත වගාව
|
- විශාල භූමියක් අවශ්‍ය නොවේ. මහල් නිවාස වල ඉහළ මාලයේ කූඩා ඉඩක මෙන්ම ආරක්ෂිත ගෘහ තුළද වගා කළ හැකි වීම.
- පස් භාවිතා නොකරන නිසා වගාකරුවා පිරිසිදු වගා පරිසරයක නියලීම.
- පාත්ති සැකසීම, වල් නෙලීම, ජල සම්පාදනය වැනි කම්කරු ශ්‍රමය අධික දුෂ්කර කාර්යයන් නොමැති වීම.
- අඛණ්ඩ වගාවක් පවත්වාගෙන යාමට හැකි වීම.
- පාංශු ජනක රෝග හා වටපණු හානි අවම වීම.
- ආවාරයේ නිශ්පාදනයක් (විවෘත පරිසරයේ දේශගුණික සාධක සුදුසු නොවන කාලපරිච්‍ඡේද වල) කළ හැකි වීම.
- විනෝදාංශයක් ලෙස කළ හැකි වීම.
- ජල රෝපිත ක්‍රමයේදී බොහෝ බෝග ඉක්මණින් අස්වනු ලබා දීම.
- නිවැරදි පාලන ක්‍රම යටතේ වඩා වැඩි අස්වැන්නක් ලබා ගත හැකි වීම.
- වගා ක්‍රමය වඩා ආකර්ශනීය නිසා (පස් සමග සම්බන්ධ නොවන බැවින්) කම්කරුවන් යෙදීමට පහසු වීම.
- පුළුල් පරාසයක එළවළු හා මල් ප්‍රභේද වගා කළ හැකි වීම.
- ජල හානිය අවම කළ හැකි වීම.
- තරගකාරි වෙලෙදපොළ සදහා පස් රහිත පැළ හා මුල් ඇද්ද වූ අතු පැළ ලබා ගත හැකි වීම.
|
නවීන කෘෂිතාක්ෂණික භාවිතයන්ගේ අහිතකර තත්ත්වයන්
කෘෂිතාක්ෂණික ක්‍රමය
|
අහිතකර තත්ත්වය
|
01. පටක රෝපණය
|
- රසායනාගාර උපකරණ හා රසායනික ද්‍රව්‍ය ඇතුළු අනෙකුත් අවශ්‍යතා සදහා මූලික ප්‍රාග්ධනය අධික ක්‍රමයක් වීම.
- ශිල්පීය නිපුණත්වයක් ඇති ශ්‍රමිකයන්ගෙන් සැදුම්ලත් සේවක මණ්ඩලයක් අවශ්‍ය වීම.
- ක්ෂුද්‍රජීවී ආසාදන නිසා පැළ නිශ්පාදනයට හානි සිදුවීමේ ප්‍රවණතාව වැඩි නිසා රසායනාගාරය අවට මනා සනීපාරක්ෂක තත්ත්වයක් පවත්වා ගත යුතුවීම.
- පටක රෝපණයෙන් ලබා ගන්නා පැළ ඉතා කුඩා බැවින් මුල් අවස්ථා වලදී ඒවා පරිහරණය අපහසු වීම.
- මනා අවබෝධයකින් යුතුව පටක රෝපණ ක්‍රමය තෝරා ගත යුතුය.නැතහොත් සමහර අවස්ථා වල නිපදවන පැළ ජානමය වශයෙන් අස්ථායි වීමට එනම් විකෘති හට ගැනීමට ඉඩ ඇත.
- නිශ්පාදන ක්‍රියාවලිය අධීක වියදම් සහිත වීම.
|
02. ජාන තාක්ෂණය
|
- එක් ශාකයක් තුළ ක්‍රියාත්මක වන වෙනත් ශාකයක ජාන මඟින් අහිතකර ප්‍රතික්‍රියා ඇති විය හැකි වීම.
- අසාත්මිකතා ඇති කරන සංයෝග ඇති විය හැකි වීම.
- කෘමී හානි හා ව්‍යාධිකාරක ප්‍රතිරෝධී ජාන ඇති ශාක ක්‌ෂේත්‍රයේ වගා කළ විට එකි ඉලක්‌කගත ජීවීන් ගේ පැවැත්මට තර්ජනයක් එල්ල විය හැකි වීම.
- කෘමි හා රෝග වලට ප්‍රතිරෝධි ප්‍රභේද වර්ධනය විය හැකි වීම.
- කෘමි හා ව්‍යාධිකාරකයන්ට ප්‍රතිරෝධී ජාන සහිත ශාක වගා කළ විට එම විශේෂයේ සෙසු ප්‍රභේද වෙත කෘමීන් ගේ හා ව්‍යාධිකාරකයන් ගෙන් එල්ල වන තර්ජනය වැඩි වීම.
- වල්නාශකවලට ඔරොත්තු දෙන ජාන ඇතුළු කළ බෝග ශාක භාවිතයෙන් වල්නාශක ප්‍රතිරෝධි වල් පැළෑටි ඇති වීමේ සම්භාවිතාව ඉහළ යාම.
- වල්නාශක ප්‍රතිරෝධී බෝග ශාක හේතුවෙන් අධික සාන්ද්‍රණවලින් වල්නාශක යෙදීමට ගොවියා පෙලඹීම.
- එයින් වල්නාශක ප්‍රතිරෝධි වල් පැළෑටි ඇති වීම ප්‍රවර්ධනය වීම.
- මෙලෙස ප්‍රතිරෝධී වල් ගහන පාලනය කළ නොහැකි ලෙස පැතිරීම කාලයත් සමග සිදු විය හැකි වීම. තව ද වල්නාශක අධික ප්‍රමාණවලින් භාවිත කිරීම හේතුවෙන් යාබද ක්‌ෂේත්‍රවල ඇති බෝග වර්ධනය සඳහා ද බලපෑම් ඇති විය හැකි වීම.
- එහි ප්‍රතිපලයක් ලෙස යාබද ක්‌ෂේත්‍ර වල වගාව අතහැරීම හෝ එම ක්‌ෂේත්‍රවල ද වල්නාශක ප්‍රතිරෝධී ජාන සහිත බෝග වගා කිරිමට සිදු වීමයි.
|
03. දෙමුහුම් බීජ භාවිතය
|
- මූලික වියදම වැඩි වීම.
- පුහුණු ශ්‍රමිකයන්ගේ හිගකම.
- අවශ්‍ය තාක්ෂණික දැනුමේ හිගකම.
- සම්ප්‍රධායෙන් බැහැර වීමට ගොවියා මැලිකමක් දැක්වීම.
- අස්වනු අධික වීමෙන් වෙළදපළ ඉල්ලුම අඩුවීම.
|
04. ජල රෝපිත වගාව
|
මූලධන වියදම අධික වේ. ආරක්ෂිත ග්‍රහ තුළ ජල රෝපිග වගාවක් කරන්නේ නම් මෙය තවත් වැඩි වේ.
- පෝෂක මාධ්‍ය සැකසීම, පීඑච් හා විද්‍යුත් සන්නායකතාව මැනීම, පෝෂක මාධය නිවැරදි කිරීම, පරිසර පාලනය වැනි කටයුතු සදහා තාක්ෂණික දැනුමක් සහිත පුහුණු ශ්‍රමය අවශ්‍ය වීම.
- මූලික නිශ්පාදන වියදම අධික හෙයින් වැඩි වටිනාකම සහිත බෝග සදහා සීමා වීම.
- ඒකකය ක්‍රීයාත්මක කිරීම සදහා ඉන්ධන හෝ විදුලිය අවශ්‍ය වීම.
- උෂ්ණත්වය ප්‍රශස්ථ මට්ටමින් පවත්වා ගැනීම සදහා අමතර යෙදවුම් ලබා දීමට සිදු වීම.
|