64. "ජංගම වෛද්‍ය" යනු ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වූවන් සඳහා හදිසි සේවා සපයන ගිලන් රථ සේවයකි. දැනට ඔවුන් පරිගණක තොරතුරු පද්ධතියක් භාවිතා නොකරයි. එම සේවා ලබාගන්නට බලාපොරොත්තු වන්නවුන් එහි ලියාපදිංචි විය යුතු ය. "ජංගම වෛද්‍ය" හි සේවා අවශ්‍ය වූ අනුග්‍රාහකයින් " අනුග්‍රාහක සේවා කළමනාකරු" ඇමතිය යුතු අතර කෙටි කතා බහකින් පසුව ඔහු රෝගියා සිටින ස්ථානයට වෛද්‍යවරයකු හා හෙදියක සමග ගිලන් රථයක් පිටත් කර යවයි. අනතුරුව හදිසි ප්‍රතිකාර ලබා දීමත්, රෝගියා ළඟම පිහිටි රෝහලට ගෙන යාමත් සිදු කෙරේ.
66. මෙහෙයුම් පද්ධති (Operating systems) යනු මොනවාද? උදාහරණ දෙන්න.
පරිගණකයේ, පරිගණක දෘඩාංග හා පරිශීලකයා අතර සම්බන්ධතාවය ගොඩනගා ගනු ලබන මෘදුකාංගයයි.
67. භාෂා පරිවර්තකයක් (Language translator) යනු කුමක්ද?
පරිගණකය විද්‍යුත් යාන්ත්‍රික උපාංගයකි. එය ක්‍රියා කරනුයේ සංඛ්‍යාංක සංඥා මත පමණි. 0 සහ 1 න් සමන්විත මෙම භාෂා යාන්ත්‍ර භාෂා ලෙස හඳුන්වමු. පරිශීලකයා විසින් පරිගණකයට විධාන දිය යුතු වන්නේ සිංහල, දමිල හෝ ඉංග්‍රීසි වැනි මානුෂීය භාෂාවන් හරහාය. නමුත් මෙම භාෂා පරිගණකයට වැටහෙන්නේ නැත. මෙම අඩුව මගහරවා ගැනීම සඳහා එනම් භාෂා පරිවර්ථනය සඳහා පරිවර්තක මෘදුකාංග යොදා ගනියි.
68. උපයෝගීතා මෘදුකාංග(Utility software) යනු මොනවාද? උදහාරණ දෙන්න.
පරිගණකයේ කිසියම් විශේෂිත කාර්යයක් කිරීම සඳහා විශේෂයෙන් සැකසූ ක්‍රමලේඛ හෝ වැඩසටහන්. මෙම මෘදුකාංග මෙහෙයුම් පද්ධතියත් සමගම පරිගණකයට ස්ථාපිත (Install) වේ.
Scan Disk, Check Disk, Disk Defragmentation, Virus Scanners, Disk Partitioning
69. යෙදුම් මෘදුකාංග (Application software) යන්න පහදන්න. උදාහරණ දෙන්න.
පරිශීලකයාට තම අවශ්‍යතාව ඉටු කරලීම සඳහා පරිගණකය තුළ ක්‍රියාත්මක කළ යුතු මෘදුකාංගයි.
70. සන්නිවේදන උපාංග (Communication devices) යනු මොනවාද? උදාහරණ දෙන්න.
පරිගණක තාක්ෂණය සහ සන්නිවේදන තාක්ෂණය සංයුක්ත කරගෙන තැනූ උපාංග වන අතර පරිගණක ජාලයක් ඔස්සේ දත්ත සම්ප්‍රේෂණයට දායක වේ.
තවත් කොටසක් බලාපොරොත්තු වන්න.