16. අන්තර්ජාලය (Internet) පිළිබඳව අසත්‍ය වන්නේ පහත සඳහන් කවරක්ද,
- එය කිසිවෙකුටවත් අයත් නොවේ
- එහි මධ්‍යගත පාලනයක් නොමැත
- එය පරිගණක ජාලවල ජාලයකි
- එයින් ලබා ගත හැකි සියළුම තොරතුරු අතිශය නිරවද්‍ය තාවයෙන් හා ඉහළ විශ්වාසනීයත්වයකින් යුක්ත වේ.
17. වෛද්‍යයවරයෙකු පැය 5 ක් පුරා උණ රෝගියෙකුගේ උශ්ණත්වය අධීක්ෂනය කරනුයේ,
- පැයකට වාරයක් රෝගියාගේ නළලට අත තබා බැලීමෙන්ය.
- පැයකට වරක් උණ තත්වය කෙසේදැයි රෝගියාගෙන් විමසීමෙන්ය.
- පැයකට වරක් උශ්ණත්වමානයකින් කියවනු ලබන පාඨාංක භාවිතයෙන් ප්‍රස්ථාරයක් ඇඳීමෙන්ය.
වෛද්‍යවරයාට රෝගියාගේ උණ තත්වය පිළිබඳ තොරතුරක් කබාගත හැක්කේ ඉහත සඳහන් කවරකින්ද,
- a මගිනි
- b මගිනි
- c මගිනි
- a, b, c මගිනි
18. පරිගණකගත (Computerized) කිරීම සඳහා සුදුසු නොවන්නේ පහත දැක්වෙන කවරක් ද?
- පාසලක ශිෂ්‍ය ඇතුළත් වීම (Student Registration)
- පාසල් පුස්ථකාලය (School Library)
- විභාගයක රචනා වර්ගයේ පිළිතුරු පත්‍ර ලකුණු කිරීම.
- පිළිතුරු පත්‍ර ලකුණු කිරීමෙන් පසු සාමාන්‍ය ලකුණු (Average) සහ ශ්‍රේණි ගණනය කිරීම (Placement).
19. පරිගණක පද්ධතියක නිර්භාධක ජව සැපයුමක් (Uninterruptable Power Supply (UPS)) භාවිත කිරීමේ අරමුණ වනුයේ, ( අන්තර්ජාලය ඇසුරින් )
- ප්‍රධාන ජව සැපයුමෙහි (Main Power) බිඳ වැටීමකදී අතුරු ජවයක් (Backup power) ලබා දීමයි.
- පරිගණක පද්ධතිය අකුණු වලින් ආරක්ෂා කර ගැනීමටයි.
- පරිගණක පද්ධතියට සරල ධාරා (Direct Current - DC) ජවයක් සැපයීමයි.
- පරිගණකයේ අභ්‍යන්තර බැටරිය ආරෝපණය (Charge) කිරීමටයි.
20. දිග, ස්කන්ධය, උස, කාලය, දිනය වැනි දත්ත වර්ගීකරණය කළ හැක්කේ,
- ගුණාත්මක වර්ගීකරණය (Qualitative)
- ප්‍රමාණාත්මක වර්ගීකරණය (Quantitative)
- මිනුම් ආකාර ලෙස වර්ගීකරණය (Measurements)
- ඒකක ලෙස වර්ගීකරණය (Units)
21. පහත ලැයිස්තුවේ දත්ත මෙන්ම තොරතුරු ද ඇතුලත් වේ. ඉන් තොරතුරක් වන්නේ,
- පරිගණක යන්ත්‍රයක වේගය (Speed)
- ලබන වර්ෂය සඳහා මුøණය කළ යුතු පොත් සංඛ්‍යාව
- රෝගියෙකුගේ වයස
- පෑනක මිල
22. අනුකලිත පරිපථ වල නිමැවුම කිනම් පරම්පරාවේ පරිගණක වල ආරම්භය සනිටුහන් වේද?
- පළමුවන පරම්පරාව
- දෙවන පරම්පරාව
- තෙවන පරම්පරාව
- හතරවන පරම්පරාව
23. හැකින් (Hacking) යනු,
- සංයුක්ත තැටියක් නීති විරෝධීව පිටපත් කිරීමයි.
- පරිගණකය ඇසුරින් මූල්‍යමය වංචාවක් සිදුකිරීමයි.
- පරිගණක පද්ධතියකට අනවසරයෙන් ඇතුලුවීම හා එහි තොරතුරු ලබාගැනීමට උත්සහ කිරීම.
- පරිගණක පද්ධතියක ඇති වැදගත් තොරතුරු මකා දැමීම.
24. ඉතාමත් හොඳ තොරතුරක ගති ලක්ෂණයක් නොවන්නේ,
- පරමාර්ථය සඳහා අදාල වීම
- භාවිතා කරන්නාට විශ්වාසයක් ඇතිවීම
- භාවිතා කරන්නාට සතුටක් ඇතිවීම
- අදාල කාර්යය සඳහා උචිත වීම.
25. ලොව ප්‍රථම විද්‍යුත් සංඛ්‍යාංක පරිගණකය (Electrical Digital Computer) වනුයේ,
- UNIVAC –1
- ABC
- IBM704
- ENIAC
26. ලැප්ටොප් පරිගණකය (Laptop Computer) අයත් වනුයේ කවර පරිගණක වර්ගයටද,
- මධ්‍ය පරිගණකය (Mini Computer)
- මහා පරිගණකය (Mainframe Computer)
- ක්ෂුද්‍ර පරිගණකය (Micro Computer)
- සුපිරි පරිගණකය (Super Computer)
27. පහත සඳහන් ප්‍රකාශ සලකා බලන්න,
- Analytical Engine චාල්ස් බැබේජ්ගේ නිපැයුමකි.
- Analytical Engine විශේෂත්වය වනුයේ එහි දත්ත ගබඩා කිරීමට ඇති හැකියාවයි.
- Analytical Engine ට්‍රාන්සිස්ටර භාවිතා කර තැනූ මුල්ම පරිගණකයයි.
ඉහත ප්‍රකාශ වලින් සත්‍ය වනුයේ,
- a පමනි
- a හා b පමනි
- b හා c පමනි
- a, b, c පමනි
28. පරිගණක ඇසුරෙහි කෙටිකාලීන වශයෙන් වැරදි හෝ යෝග්‍ය නොවන ඉරියව්වෙන් සිටීමේ ප්‍රථිඵලය විය නොහැක්කේ,
- ඔක්කාරය
- කොන්දේ වේදනාව
- මානසික ආතතිය
- දෘශ්ඨි ගැටළුයි.
29. දෙවන පරම්පරාවේ පරිගණක වල ඇති ලක්ෂණ දෙකකි.
- පෙර යන්ත්‍ර වලට සාපේක්ෂකව අඩු විදුලි බලය භාවිතය සහ ප්‍රමාණයෙන් කුඩා වීම.
- ප්‍රමාණයෙන් විශාල වීම සහ රික්තක නල භාවිතය.
- ක්ෂුද්‍ර පරිපථ (Micro Chips) සහ අඩු විදුලි බලය භාවිතය.
- අනුකලිත පරිපථ (IC) සහ අඩු විදුලි බලය භාවිතය.
30. නිර්මාන තාක්ෂණය සැලකිල්ලට ගෙන පරිගණක වර්ගීකරණය කළ විට පහත ආකාරයෙන් වේ.
- උකුල් පරිගණකය (Laptop Computer), සුපිරි පරිගණකය (Super Computer), සේවා දායක පරිගණකය (Server Computer)
- සංඛ්‍යාංක පරිගණකය (Digital Computer), ප්‍රතිසම පරිගණකය (Analog Computer), මුහුන් පරිගණකය (Hybrid Computer)
- මහා පරිගණකය (Mainframe Computer), මධH පරිගණකය (Mini Computer), ක්ෂුø පරිගණකය (Micro Computer)
- සාමාන්‍ය කාර්යය සඳහා භාවිතා කරන පරිගණකය (General Purpose Computer), විශේෂ කාර්යය සඳහා භාවිතා කරන පරිගණකය (Special Purpose Computer)
විවරණය සහ පිළිතුරු පසු ලිපි මගින් බලාපොරොත්තු වන්න....