01. පරිගණක භෞතික ප්‍රමාණය අනුව වර්ගීකරණයට අයත් වනුයේ,
සුපිරි පරිගණක (Super Computer), මහා පරිගණක (Mainframe Computer), මධ්‍ය පරිගණක (Mini Computer), ක්ෂුද්‍ර පරිගණක (Micro Computer) වේ.
02. එකම කාර්යයේ බොහෝ වේලා ගත කිරීම නිසා ශරීරයේ ඇති වන වේදනාකාරී තත්තවයන් පුනරාවර්තී ආතති පීඩා (RSI) ලෙස හඳුන්වයි. පරිගණක භාවිතයේ දී වැඩිපුරම දක්නට ලැබෙනුයේ,
අත්ලේ සහ මැණික් කටුවේ ඇතිවන වේදනාකාරී තත්ත්වය, කොන්දේ වේදනාව සහ බෙල්ලේ වේදනාව, ඇස් ආශ්‍රිතව ඇතිවන ගැටළු සහගත තත්ත්වයන් වේ.
03. පරිගණක සැකසූ තාක්ෂණය අනුව නිවැරදි පටිපාටිය වන්නේ,
පළමු පරම්පරාව - රික්තක නල (Vacuum Tubes)
දෙවන පරම්පරාව - ට්‍රාන්සිස්ටර (Transistors)
තෙවන පරම්පරාව - සමෝධානිත / අනුකලිත පරිපථ (IC – Integrated Circuits)
සිව්වන පරම්පරාව - ක්ෂුද්‍ර සකසන (Microprocessors) / VLSI (Very Large Scale Integration)
පස්වන පරම්පරාව - කෘතීම බුද්ධිය (AI – Artificial Intelligence)
04. සාප්පු වලට භාණ්ඩ සපයන වෙළඳ නියෝජිතයෙකු හට තම කාර්යයන් පහසුවෙන් ඉටු කිරීම සඳහා සාක්කුවේ දමාගෙන යා හැකි කුඩා පරිගණකයක් භාවිතා කිරීම සුදුසු වේ. මේ සඳහා "අත්ල මත රැඳවිය හැකි (Palmtop)" පරිගණකයක් භාවිතා කළ හැකිවේ. පුද්ගලික සංඛ්‍යාංක සහකරු (PDA – Personal Digital Assistant) ලෙසින් ද හඳුන්වනුයේ මෙම වර්ගයේ පරිගණකයකි.
05. නිවසේ භාවිතය සඳහා පරිගණකයක් මිලදී ගැනීමේ දී පහත කරුණු පිළිබඳව සැලකිලිමත් විය යුතු වේ.
පරිගණකයේ මෘදුකාංග පිරිවිතර (Software Specification – Application Software, Operating System)
පරිගණකයේ දෘඩාංග පිරිවිතර (Hardware Specification – Hard Disk Capacity, VGA Capacity, RAM Capacity, processor Speed)
විකිණීමෙන් පසු සේවාව (Service)
වගකීම් කාලය (Warranty period)
සකසනය (Processor) නිෂ්පාදන ආයතනය සහ වේගය යන කරුණු පිළිබඳව සැලකිලිමත් විය යුතුවේ. පරිගණකයේ චැසියේ (Casing) නිමාව වැදගත්කමක් නොදක්වයි.
06. තුන්වන පරම්පරාවේ පරිගණක නිර්මානය වූයේ සමෝධානිත / අනුකලිත පරිපථ (Integrated Circuit) මගිනි. මේවා භාවිතය නිසා පරිගණකය තවත් ප්‍රමාණයෙන් කුඩා වූ අතර වැඩි කාර්යක්ෂමතාවයක් දැක්විය. අනුකලිත පරිපථයක් තුළ ට්‍රාන්සිස්ටර වැඩි ප්‍රමාණයක් ගබඩා කළ හැකිවිය.
07. දත්ත (Data) යනු කිසිදු ආකාරයේ සකස් කිරීමකට ලක් නොකල කරුණු, සංඛ්‍යා, රූප, අකුරු ,චිත්‍ර සහ මිනුම් සමූහයක් ලෙස හඳුන්වයි. පරිගණක යන්ත්‍රයක වේගය 1.2, 2.4, 3.2 ආදී ලෙස විවිධ අගයයන් පැවතිය හැකිය. රෝගියෙකුගේ වයස ද විවිධාකාරයෙන් පැවතිය හැකිය. පෑනක මිල ද විවිධ මිල ගණන් වලින් පැවතිය හැකිය. නමුත් ලබන වර්ෂය සඳහා මුද්‍රණය කල යුතු පොත් සංඛ්‍යාව යනු තොරතුරක් වන්නේ අධ්‍යයනයක් ඇසුරින් ව්‍යුත්පන්න වන නිසාය. එනම් තොරතුරු (Information) යනු ලබන්නාට කිසියම් අර්ථයක් ලබා දෙන ආකාරයට ක්‍රමානුකූලව සකස් කරන ලද දත්ත යැයි කිව හැකිය.
08. වෛරස (Virus) යනු පරිගණකයට හානි දායක වැඩසටහනකි. පරිගණකයේ ඇති වෛරස ඉවත් කීරීම සඳහා යොදා ගත හැකි හොඳම විසඳුම වන්නේ යාවත්කාලීන කරන ලද ප්‍රතිවෛරස වැඩසටහනක් (Antivirus Software) භාවිතා කිරීමයි. Kaspersky, Norton, McAfee, Panda, AVG, Avira ආදිය ජනප්‍රිය ප්‍රතිවෛරස වැඩසටහන් වේ.
වෛරස පැතිරීම / ව්‍යාප්ත වීම සිදු වනුයේ නම්ය තැටි (Floppy Disk), USB සැනෙලි ධාවක (Flash Drive), සංගත තැටි (CD), සංඛ්‍යාංක බහුවිධ තැටි (DVD), මතක කාඩ්පත් (Memory Cards) වැනි ආචයන උපාංග වලින් ද විද්‍යුත් තැපෑල (E - mail) මගින් ද වේ.අන්තර්ජාලයෙන් නොමිලයේ භාගත (Download) කරනු ලබන මෘදුකාංග සමග පැමිණෙන ඇතැම් විනාශකාරී වැඩසටහන් (malicious software) මගින් ද වෛරස පැතිරීම සිදුවේ.
09. තොරතුරු තාක්ෂණය මගින් සමාජයට,
අධ්‍යාපන ක්ෂේත්රයේ දී සිසුන් හට පරිගණක / අන්තර්ජාලය (Internet) භාවිතයෙන් නව තොරතුරු , පාසලේ දී ඉගෙන ගන්නා විෂය කොටස් වැඩිදුර අධ්‍යයනය කිරීමට සහ මාර්ගගත පරීක්ෂණ (Online Test) වලට සහභාගි වීමේ හැකියාව ඇත. ඈත පිටිසර ගම් වල වෙසෙන සාමාන්‍ය ජනතාව හට එම ගම් වල පිහිටා ඇති තොරතුරු තාක්ෂණික මධ්‍යස්ථාන (උදා: ඉ - නැනසල ) හරහා කාලීන දැනුම බෙදා දීමට හැකිවීම. ගොවීන් හට තම නිෂ්පාදිත වල කාලීන මිල ගණන් ආදිය දැන ගත හැකි වීම ආදිය තොරතුරු තාක්ෂණය මගින් ලැබෙන ප්රතිලාභ වේ. නමුත් පරිගණක වෛරස පැතිරවීම මගින් සිදුවනුයේ සමාජයට අහිතකර තත්ත්වයකි.
10. තුන්වන පරම්පරාවේ පරිගණක නිර්මාණය කිරීම සඳහා සමෝධානිත / අනුකලිත පරිපථ (IC – Integrated Circuit) භාවිතා කරන ලදී. පරිගණක වල ප්‍රමාණය තව තවත් කුඩා වූ අතර වැඩි කාර්යක්ෂමතාවයෙන් යුතු පරිගණක බිහිවිය. මුල් කාලයේ දී භාවිතා කරන ලද අනුකලිත පරිපථ වල අඩු ට්‍රාන්සිස්ටර ප්‍රමාණයක් ඇතුලත් කල අතර ඒවායේ තාක්ෂණය SSI (Small Scale Integration) ලෙස හැඳින්වේ.
තවත් කොටසක් ඉදිරියේ දී බලාපොරොත්තු වන්න.