111. අන්තර්ජලය ඔස්සේ මෙරට හෝ පිටරටක ඇති වෙළඳ ආයතන විසින් භාණ්ඩ හෝ සේවා සැපයීමත්, පාරිභෝගිකයින් විසින් භාණ්ඩ හෝ සේවා මිලදී ගැනීමත් හඳුන්වන තනි නාමය වන්නේ,
පිළිතුරු: මාර්ගගත සාප්පු සවාරි (Online Shopping) යාම යනු අන්තර්ජලය ඔස්සේ මෙරට හෝ පිටරටක ඇති වෙළඳ ආයතන විසින් භාණ්ඩ හෝ සේවා සැපයීමත්, පාරිභෝගිකයින් විසින් භාණ්ඩ හෝ සේවා මිලදී ගැනීමත්ය. පිළිතුර 2 වේ.
112. මාර්ගගත සාප්පු සවාරි (Online shopping) මගින් පාරිභෝගිකයින් හට ලබා ගත හැකි වාසියක් නොවන්නේ,
පිළිතුරු: පැය 24 ම විවෘතව තැබීම, පහසු ස්ථානයක සිට භාණ්ඩ නිරීක්ෂණය කර ඇණවුම් කිරීමේ හැකියාව ලැබීම, භාණ්ඩය හෝ සේවාව නිවසටම ලබා ගැනීමේ සේවාව වැනි කරුණු මාර්ගගත සාප්පු සවාරි යාමෙන් ලැබෙන ප්‍රතිලාභ වේ. නමුත් සෑම ආයතනයක් පිළිබඳව 100% ක විශ්වාසයක් තැබිය නොහැකිය. පිළිතුර 4 වේ.
113. විනෝදාස්වාදය සඳහා පරිගණක භාවිතයේ අනිසි ප්‍රතිඵලයක් විය හැක්කේ,
පිළිතුරු: සමාජ ජාල හා සම්බන්ධ වීමෙන් කලකින් හමු නොවූ මිතුරු මිතුරියන් හෝ අළුත් යහළුවන් හෝ පිටරටක සිටින නෑ හිත මිතුරන් අතර තොරතුරු හුවමාරුව. ළමා වයසට නොගැලපෙන මිතුරු මිතුරියන් ආශ්‍රයට යොමු වීම සහ ඇබ්බැහි වීම සමාජ ජාලා භාවිතයේ අනිසි ප්‍රතිඵලයක් ලෙස සැලකිය හැකිය. පිළිතුර 2 වේ.
114. තොරතුරු සන්නිවේදන තාක්ෂණයේ අනිසි ප්‍රතිඵලයක් නොවන්නේ,
පිළිතුරු: සිත් ගන්නා ස්ථාන සහ අවස්ථා කැමරාගත කිරීම, ඒවා පරිගණකයේ සුරැකීම ආදිය සඳහා යෙදවීමට හැකි වීම. මෙය හොඳ විනෝදාංශයකි. පිළිතුර 2 වේ.
115. "චාල්ස් බැබේජ්" (Charles Babbage) පරිගණකයේ පියා (The father of Computer) ලෙස සැලකීමට වඩාත්ම සුදුසු වනුයේ,
පිළිතුරු: චාල්ස් බැබේජ් විසින් නිර්මාණය කල ඇනලිටිකල් යන්ත්‍රය වර්තමාන යේ භාවිතා වන පරිගණක සඳහා මූලික අඩිතාලමක් වැටීය. එහි ආදානය, ප්‍රතිදානය, ක්‍රියාවලිය සහ ආචයනය යන අංගෝපාංග වලින් සමන්විත විය. පිළිතුර 3 වේ.
තවත් කොටසක් බලාපොරොත්තු වන්න