17. විශ්ව ශ්‍රේණිගත කෙවෙනි (USB – Universal Serial Bus) වල විශේෂ ලක්ෂණ:
- උපාංග සඳහා වන ධාවක / එළවුම් මෘදුකාංග (Driver Software) ස්ථාපිත කිරීම අනවශ්‍ය වේ. Plug and Play නම් වේ.
- උපාංග ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කරන විදුලිය කෙවෙනිය හරහාම ලබා ගැනීම.
- පරිගණකයේ විදුලිය විසන්ධි කිරීමකින් තොරව USB ආකාරයේ උපාංග සවිකිරීම (Plug) සහ විසන්ධි කිරීමේ (Remove) හැකියාව. මෙම ක්‍රියාවලිය Hot Pluggable නැතහොත් Hot Swappable නම් වේ.
- එක් USB කෙවෙනියක් මගින් ආකාරයේ උපාංග 127 ක් පරිගණකයට සම්බන්ධ කිරීමේ හැකියාව (USB Hub).
- USB 2.0 ආකාරයේ වූ USB කෙවෙනි වලදී තත්පරයට මෙගාබිට්ස් 480 (480
Mbps) ක වේගයකින් දත්ත සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව ඇත.
සසම්භාවී පිවිසුම් මතකය
පඨන මාත්‍ර මතකය
වාරක මතකය
නෂ්‍ය මතකයකි.
|
නෂ්‍ය නොවන මතකයකි.
|
නෂ්‍ය මතකයකි.
|
කාර්යය වනුයේ මධ්‍ය සැකසුම් ඒකකයට අවශ්‍ය දත්ත සහ තොරතුරු තාවකාලිකව රඳවා තබා ගැනීම.
|
පරිගණකයක් ක්‍රියාත්මක වීමට අවශ්‍ය ස්ථිරාංග තැන්පත් කර ඇත.
|
මධ්‍ය සැකසුම් ඒකකයට අවශ්‍ය දත්ත ඉතාමත්ම ඉක්මනින් ලබා දීම මෙහි කාර්යයයි.
|
පරිගණකයේ කාර්‍යක්ෂමතාව කෙරෙහි බලපායි.
|
PROM, EPROM, EEPROM ලෙස ආකාර ඇත.
|
L1, L2, L3 ආකාර 3 කි.
|
ප්‍රධාන මතකයයි.
|
|
L1 වාරක මතකය මධ්‍ය සැකසුම් ඒකකය තුල පිහිටයි.
|
ධාරිතාවය වැඩි කල හැකිය.විශාලයි.
|
ධාරිතාවය ඉතාම කුඩායි.
|
ධාරිතාවය ඉතාම කුඩායි.
|
ආකාර 2 කි. ස්ථික සසම්භාවී පිවිසුම් මතකය (SRAM), ගතික සසම්භාවී පිවිසුම් මතකය (DRAM)
|
|
වාරක මතකයේ ආකාර:
|
19. වාරක මතකයේ ආකාර:
ප්‍රාථමික වාරක මතකය (L1 Cache)
|
ද්විතීයක වාරක මතකය (L2 Cache)
|
තෘතීය වාරක මතකය(L3 Cache)
|
සකසනය තුළ පිහිටා ඇත. ධාරිතාවය ඉතාම කුඩායි. ප්‍රවේශ ඉතාමත්ම වැඩියි.
|
සකසනයට ආසන්නයෙන් පිහිටයි.
|
මව් පුවරුවේ පිටා ඇත. ධාරිතාවය තරමක් වැඩියි. ප්‍රවේශ වේගය අඩුයි.
|
23. සංදර්ශක / පරිගණක තිර (Monitors) වර්ග:
- කැතෝඩ කිරණ සංදර්ශකය (CRT – Cathode Ray Tubes)
- ද්‍රව ස්ඵටික සංදර්ශකය (LCD – Liquid Crystal Displays)
- ආලෝක විමෝචක සංදර්ශකය (LED – Light Emitting Diode)
24. ද්‍රව ස්ඵටික තාක්ෂණයෙන් නිපදවූ පරිගණක සංදර්ශක තිර වල ලක්ෂණ (LCD Monitors):
- අඩු ඉඩ ප්‍රමාණයක් ප්‍රමාණවත් වීම (Less Space)
- ඉතා අඩු විදුලි පරිභෝජනය (Less Power Consumption)
- තිරයේ සෙලවීම අඩු බව (Lack of Flicker)
- සාපේක්ෂව මිල අධික බව (Expensive)
- දර්ශනය වීම සීමිත පරාසයක වීම (Limited Viewing Angle)
- ප්‍රතිචාර දැක්වීමට අවම කාලයක් ගතවීම (Less response time)
25. සංදර්ශකයක ගුණාත්මක භාවය තීරණය කරන සාධක:
- තිරයේ ඒකකයක් තුල පිළිබිඹු කල හැකි පික්සල ගණන (විභේදනය - Resolution, Ex: 1024 x 768),
- පිළිබිඹු කල හැකි වර්ණ ගණන
- පිටතට නිකුත් කරන අහිතකර විකිරණ ප්‍රමාණය (Radiation)
26. මුද්‍රණ යන්ත්‍ර වර්ගීකරනය :
- තිත් න්‍යාස මුද්‍රණ යන්ත්‍රය (ඝටන මුද්‍රණ) - Dot Matrix Printer
- තීන්ත පිහිරි මුද්‍රණ යන්ත්‍රය (නොඝටන මුද්‍රණ ) – Ink Jet Printer
- බුබුළු පිහිරි මුද්‍රණ යන්ත්‍රය (නොඝටන මුද්‍රණ ) – Bubble Jet Printer
- ලේසර් මුද්‍රණ යන්ත්‍රය (නොඝටන මුද්‍රණ ) – Laser Printer
27. මුද්‍රණ යන්ත්‍ර වලින් මුද්‍රිත පිටපත් ලබා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු :
- දෘඩ පිටපතේ ගුණාත්මක බව
- පිටපතක් සඳහා දැරිය යුතු වියදම
- පිටපතක් සඳහා ගතවන කාලය
- භාවිතයේදී නගන ශබ්දය
28. දත්ත සන්නිවේදනයට අවශ්‍ය මූලික අංග :
- දත්ත ප්‍රභවය (Sender) : දත්ත සම්ප්‍රේෂණය කරන තැනැත්තා හෝ බිහිවන ස්ථානය
- සම්ප්‍රේෂණ මාධ්‍ය (Medium): දත්ත සම්ප්‍රේෂණයට යොදා ගනු ලබන මාධ්‍ය
- දත්ත ග්‍රාහකයා (Receiver) : අවසාන වශයෙන් දත්ත ලබා ගන්නා තැනැත්ත
29.දත්ත සම්ප්‍රේෂණ මාධ්‍ය වර්ග 2 කි.
- නියමු මාධ්‍ය (Guided Medium)
- නියමු නොවන මාධ්‍ය (Un – Guided Medium)
30. නියමු මාධ්‍ය (Guided Medium)
- සාමාන්‍ය ආකාරයේ වයර / ඇඹරි කම්බි යුගල (Twisted Pair Cables)
- සමාක්ෂ යොත් (Coaxial Cables ) - රූපවාහිනී කේබල
- ප්‍රකාශ තන්තු (Fiber Optics) - දුරකථන රැහැන් වල
31. නියමු නොවන මාධ්‍ය (Un – Guided Medium)
- ගුවන් විදුලි තරංග - රේඩියෝ තරංග
- අධෝරක්ත කිරණ - දුරස්ථ පාලක වල, මූසික වල
- ක්ෂුද්‍ර තරංග - චන්ද්‍රිකා සම්ප්‍රේෂණයේ දී
- Bluetooth / Wi-Fi
තවත් කොටසක් බලාපොරොත්තු වන්න.