Power unit
මව් පුවරුව විදුලි සැපයුම් ඒකකය සවි කිරීම සඳහා මෙම Socket පිහිටුවා තිබේ. මෙම Socket AT හා ATX Socket ලෙස වර්ග දෙකකි.
RAM Chip
මේවා Simms, Dims, Rimms යනාදි වර්ග 3ක Ram Chip වලින් කුමක් හෝ එක් වර්ගයක් සවි කිරීම සඳහා මව්පුවරුව මත Socket පිහිටුවා තිබේ.
AGP Socket
AGP PC Express වර්ගයේ VGA card සවි කිරීම සඳහා මෙම Socket මව් පුවරුව මත පිහිටුවා ඇත. මෙම Socket වර්ණයෙන් දුඹුරු හෝ කහ පැහැ වේ.
PCI Socket
TV, Radio, Modem, Sound වශයෙන් විවිධ Card පරිගණකයට සවි කිරීම සඳහා මෙම Socket පිහිටුවා ඇත. මේවා කිහිපයක් මව්පුවරුවක දැකිය හැකිය. මේවා සුදු පාට වේ.
ISA Socket
නූතන මව් පුවරු වල දැකිය නොහැක.
IDE Socket
මේවා එකක් හෝ දෙකක් සාමාන්‍යයෙන් මව් පුවරුවක පිහිටුවා තිබේ. මේවා IDE1, IDE2 ලෙස හඳුන්වයි. Hard Disk, CD Player, CD Writer, DVD Drivers යනාදිය මේ මගින් පරිගණකයට සවිවේ.
SATA Sockets
SATA තාක්ෂණයෙන් නිපදවු Hard Disk, CD Rom යනාදිය මේ මගින් පරිගණකයට සවිවේ.
Key Board
යතුරු පුවරුව සවි කිරිම සඳහා මෙම Socket මව්පුවරුවේ පිහිටුවා තිබේ. මේවා Serial, PS/2, USB වශයෙන් වර්ග තුනක් දැකිය හැකිය.
Floppy Disk Socket
FDD සවි කිරීම සඳහා මෙම Sockt මව්පුවරුව මත පිහිටුවා තිබේ.
COM Socket
මේවා COM1, COM2 වශයෙන් දෙකක් මව් පුවරුවල සාමාන්‍යයෙන් දැකිය හැකි Serial Mouse හා External Modem මේ මගින් පරිගණක මව්පුවරුවට සවිවේ.
BIOS Chips
BIOS Chip යනු මව්පුවරුවේ තැන්පත්ව ඇති නිෂ්පාදකයාගේ උපදෙස් මාලාවන් අඩංගු විශේෂ විද්‍යුත් පරිපථයකි.
CMOS Battery
මව්පුවරුවක ක්‍රියාකාරිත්වයට අවශ්‍ය දත්ත තැන්පත්ව ඇති කඵධී නැමති මතකය නොකැඩී පවත්වා ගැනීමට විදුලිය සැපයීමට අවශ්‍ය CMOS ය මව්පුවරුවේ සවි කිරීමට මෙම Socket ය මව්පුවරුව මත පිහිටුවා ඇත.
මතකය
එයටම ආවේනික මතකයක් තිබීම පරිගණකයෙහි විශේෂත්වයකි. පරිගණකයකට ප්‍රධාන අභ්‍යන්තර මතකය සපයන අවයවය Memory Card යනුවෙන් හඳුන්වයි. නැතහොත් RAM Chips යනුවෙන් මේවා නම් කරයි.
RAM Chip සවිවන්නේද මව් පුවරුවටය. දැනට භාවිතා වන PC පරිගණක වල Simms, Dims, Rims ආදී ලෙස RAM Card වර්ග තුනක් භාවිතා වේ.
Simms
Simms යනු ඉතා පරුණි පුද්ගල පරිගණක වල භාවිතා කළ RAM Chip විශේෂයකි. මේවා 1MB, 4MB, 8MB, 16MB, 32MB, යනාදි විවිධ මතක ධාරිතාවයන්ගෙන් පැවතිනි. දැනුදු පැරණි පරිගණක වල මේවා භාවිතා වේ.
Dimms
Dimms යනු Simms වලට වඩා උසස් Memory තාකෂණයකි. Dimms RAM Chips P2 සිට P4 පරිගණක වල භාවිතා කෙරුනි. මෙම Chips 32MB, 64MB, 128MB, 256MB, යනාදි ධාරිතා වලින් නිපදවනු ලැබීය. මේවා අගල් 5ක් පමණ දික්වු අතර අඟල් භාගයක් පමණ උසින් යුක්ත විය. මේවා Simms තාකෂණයට වඩා කාර්යකෂම විය. එම නිසා Simms යෙදු පරිගණක වලට වඩා වේගයෙන් Dimms යෙදු පරිගණක වල දත්ත ලිවීමේ හා කියවීමේ සිදුවේ. එමෙන්ම තත්වයෙන්ද උසස්ය.
Rimms
Rimmss යනු නවතම RAM තාකෂණයකි. මේවා P4 පරිගණක වල භාවිතයට පැමිණුනි. නුතන පරිගණක වල Processor වේගය ඉතා වැඩි බැවින් එම වේගයට සරිලන ලෙස RAM තාකෂණයක් අවශ්‍ය වු බැවින් Rimms තාකෂණය බිහි විය. මේවා 128MB, 256MB, 512MB, 1GB, 2GB ධාරිතාවයන්ගෙන් නිපදවුනි. ඉහත තාකෂණයන් දෙකටම වඩා උසස් බැවින් ක්‍රියාකාරිත්වය වඩා හොඳ තත්වයක පවතී.
RAM Chip හි මිල අධික භාවයට පිළියමක් වශයෙන් විදුලිය විසන්ධි වු පසු මතකයේ තැන්පත් කලදේ මැකී යන ආකාරයට හා පරිගණකය කි්‍රයාත්මක කල විට මතකයේ යමක් තැන්පත් කර ගත හැකි ආකාරයට මේවා සකස් වී ඇත.
RAM පිලිබඳව ඇති ගැටලු
RAM Chip නොමැති පරිගණකය ක්‍රියා කල නොහැක. RAM පිලිස්සීම නිසි පරිදි සවි නොවීම හෝ වෙනත් ආකාරයක ගැටලූවක් ඇතිවිය හැක. මෙවැනි අවස්ථාවක අප පරිගණකය ක්‍රියාත්මක කිරීම සිදු කල විට තිරයේ කිසිවක් නොපෙනේ. එමෙන්ම Beep හඩක් නිකුත් වෙයි. එවැනි අවස්ථාවක පරිගණකයේ RAM Chip පරිකෂා කර බලා නිවැරදි කල යුතුය. සමහර විට RAM බුරුල් වීම නිසා මෙසේ විය හැකිය. එම නිසා පරිගණකයෙහි විදුලිය ඉවත් කර RAM Chip නැවත තද කර නැවත පණගන්වා බැලිය යුතුය. එවිටද පෙර පරිදිම Error Message ලබා දෙයි නම් RAM පිළිස්සී ඇතැයි අනුමාන කල හැකිය.
නව RAM සවි කර බලා නැවත ක්‍රියාත්මක කල විටද එසේ වන්නේ නම් Socket වල ඇති දුවිලි පිසදමා RAM සවි කිරීම හෝ වෙනත් RAM Socket යකට Ram සවි කර බැලීම කල හැකිය.
RAM Chip වල ඇති වන තවත් ගැටලූවක් වන්නේ තත්වයෙන් බාල RAM Chip යෙදීම නිසා ඇති වන ගැටලූය. සමහර තත්වයෙන් බාල RAM ක්‍රියාත්මක වන බව පෙනෙන නමුත් ඒවායේ ඇතුලත ක්‍රියාකාරිත්වයේ විවිධ ගැටලූ නිසා පරිගණකයට අතුරු ආබාධ ඇති වේ. ඒවා නම්,
පරිගණකය ස්වයංක්‍රියවම ON, OFF වීම
පරිගණකයේ මතක ධාරිතාවය නිසි පරිදි නොපෙන්වීම
පරිගණකය ක්‍රියාත්මක වන විට විවිධ මෘදුකාංග ක්‍රියාත්මක කල නොහැකි වීම
මේ නිසා පරිගණක වලට RAM යොදන විට තත්වයෙන් උසස් RAM Chip යෙදිය යුතුය.