වෙළදපොළක් තුළින් පරිගණක යන්ත්‍රයක් මිල දී ගැනීම
පරිගණකයක් යනු
අපට අවශ්‍ය ආකාරයට දත්ත හා තොරතුරු ඇතුළත් කළ හැකි වූ ද, මිනිසාගේ ක්‍රියාකාරීත්වය අනුගමනය කරන ඇතුළත් කරන ලද දත්ත හා තොරතුරු ලබා දෙනු ලබන උපදෙස් වලට අනුව ප්‍රතිඵල ගොඩනැගිය හැකි වූ ද, ගොඩනගන ලද ප්‍රතිඵලයන් අපට අවශ්‍ය තේරුම් ගත හැකි ආකාරයට අක්ෂර පැවතීම. නිවැරදි හා වේගවත් ව ඉදිරිපත් කළ හැකි වූ ද විද්‍යුත් උපකරණයකි.
වෙළදපොළක් තුළින් පරිගණක යන්ත්‍රයක් මිල දී ගැනීමේ දී සැලකිලිමත් විය යුතු කරුණු
පරිගණක යන්ත්‍රයක් මිල දී ගැනීමේ දී ඒ වෙත ලබා දෙන වගකීම් සහතිකය ලිඛිත ව ලබා ගත යුතු ව ඇත. මෙහි දී එම වගකීම් සහතිකය ඇති කාල පරාසය ක්‍රියාත්මක වන ආකාරය පිළිබදව අවධානය යොමු කරන්න. මෙම කාල පරාසයන් එක් එක් ආයතන, පරිගණක වර්ගය, පරිගණකයේ හැකියාව මත පදනම් වන අතර වසරක්, දෙවසරක්, තෙවසරක්, සිව් වසරක්, පස් වසරක් ආදී වශයෙන් මෙම වගකීම් සහතිකයන් ලබා දෙනු ලැබේ.
වේගය යනු කාර්ය්‍ය කිරීමේ සීඝ්‍රතාවයි. පරිගණක යන්ත්‍රයේ වේගය මැනීමProcessor උපකරණය සැසදීමෙන් සිදු කරනු ලැබේ. මෙම Processor උපකරණය පරිගණකයේ මොළය ලෙස හදුන්වන අතර ප්‍රධාන මව්පුවරුවේ (Motherboard) තනි සංයුත්ත උපකරණයක් ලෙස සෘජුව සම්බන්ධ වේ. වේගය මැනීම MHz හෝ GHzවලින් මනිනු ලැබේ.
1000MHz – 1 GHz
උදා. Intel Dual core
Intel core 2
Intel Pentium
Intel Core i3
Intel Core i5
Intel Core i7
RAM යනු පරිගණකයක් ක්‍රියාත්මක කිරීමේ සිට එහි විදුලිය විසන්ධි කිරීම දක්වා වූ කාල පරාසය තුළ සිදු කරනු ලබන සෑම ක්‍රියාවක්ම මතකයේ රදවා ගන්නා අතර විදුලිය විසන්ධි වීමෙන් එම සියළුම මතකයන් ඉවත් වී යනු ඇත. තරමක් විශාල කාඩ්පතක් ලෙස මෙය ප්‍රධාන මව් පුවරුවට සෘජුව ම සම්බන්ධ වේ. මෙහි ධාරිතාවය මැනීම MB හෝ GB වලින් සිදු කරනු ලබයි. මේවා 1GB, 2GB, 4GB, 8GB, 16GB යනාදි ලෙස ඇත.
පරිගණක යන්ත්‍රයේ භාවිතා කරන්නා හට තම අනාගතයට ප්‍රයෝජනයට ගැණීමට අවශ්‍ය දත්ත හා තොරතුරු ස්ථිර ලෙස තැම්පත් කර තබා ගැනීම සදහා ස්ථිර දත්ත ගබඩාවක් අවශ්‍ය වේ. එම නිසා ස්ථිර සලස දත්ත ගබඩා කිරීම සදහා පරිගණක යන්ත්‍රයේ System Unit හි සම්බන්ධ Hard Disk Driver භාවිතා කරනු ලැබේ. ධාරිතාව ය මැනීම GB වලින් සිදු කරයි. සාමාන්‍යයෙන් එක් දෘඩ තැටියක් තුළ අධික ධාරිතාවයක් අඩංගු වන අතර භාවිතා කිරීමේ පහසුව සදහා තාක්ෂණික උපක්‍රමයක් භාවිතයෙන් කොටස් කර භාවිතා කරනු ලබයි. දෘඩ තැටියේ දත්ත හැසිරවීමේ ක්‍රියාව අධික වේගයෙන් කැරකැවෙන චුම්බක තැටියක් මත විද්‍යුත් චුම්බක හිසක් මගින් සිදු වේ. මෙහි ධාරිතාවයන් 10GB, 20GB, 40GB, 60GB, 80GB, 160GB, 320GB, 500GB, 750GB, 1TB, 2TB ආදී ලෙස දැක්විය හැකිය. අද වන විට 160 GB ධාරිතාවයෙන් ඉහළ දෘඩ තැටි බොහෝ විට දක්නට ලැබේ.
Bit හා Byte අතර සම්බන්ධය
පරිගණකයේ දත්ත හැසිරවීමේ ක්‍රියාවලිය සිදුවනුයේ දෙකේ පාදයේ සංඛ්‍යා වලිනි.
8 Bit - 1 byte
1024 Byte - 1 Kilo byte
1024 Kilo byte - 1 Mega byte
1024 Mega byte - 1 Giga byte
1024 Giga byte - 1 Tera byte