ගජගා කවි - සාමාන්‍යපෙළ නර්තනය (සිංහල)

ගජගා කවි

ජන කවිය

සාහිත්‍යය නම් පාඨක සිත් සතන් තුළ රසවත් හැගීම් ඇතිවන පරිද්දෙන් නිර්මාණය කරන ලද ගද්‍ය හා පද්‍ය කෘතියයි. සාහිත්‍ය කරුවගෙ අරමුණ රස නිෂ්පත්තිය යි. ජීවිතය පිළිබඳ අපූර්ව අත්දැකීමක් ඇසුරෙන් පාඨකයා චමත්කාරයට පත් කිරීමට ඔහු තම සාහිත්‍ය නිර්මාණය මඟින් බලාපොරොත්තු වේ. කිසියම් සාහිත්‍ය නිර්මාණයක් උසස් ලෙස සැළකෙන්නේ පාඨකයා ඉන් ලබන වින්දනයේ අපූර්වත්වය නිසා ය. මිනිසා ට සිය විවේකය විනෝදයෙන් ගත කිරීමටත්, වෙහෙස නිවා ගැනීමටත්, සිත සන්සුන් කර ගැනීමටත්, දුක් කම්කටොලු අමතක කර ගැනීමටත් සාහිත්‍යයෙන් ලැබෙන සේවය ඉමහත් ය.

එක එක අය විවිධ ආකාරයට කතා කරනවා. එනම් මේ බස්වහර ය. මේ කරන කතාවට සෞන්දර්ය එක් වූ තැන නිර්මාණය වන්නා වූ එක් පැත්තක් තමයි ජන කවිය. මෙමඟින් ඔවුනොවුන්ගේ සංස්කෘතිය ද පෝෂණය ලබනවා පමණක් නොවෙයි එය අන්‍ය ජාතීන් අතර ද ඉමහත් ගෞරවයට පාත්‍ර වී අනන්‍යතා ගොඩනඟා ගැනීමට උත්සුක ද වනු ඇත.  ජන විඥානය කරනකොට ගෙන උපත ලබන ජන කවි තුළින් ජනයාගේ බස්වහර පිළිබඳ ව තේරුම් ගැනීමට අවශ්‍ය උපකාරක ද සපයනු ලබනවා.

උගතුන් විසින් නිර්මාණය කරන ප්‍රබුද්ධ කවියට වඩා පරිසරය මත ගැටෙන දුගී ජනතාවගෙන් නිර්මාණය වන ඇතැම් කාව්‍ය වියත් වන්නේ කඳුළ, සිනහව, වේදනාව, සුන්දර ආකෘතිය අමරණීය කොට කවියට ගැබි කිරීම නිසා යැයි මම සිතමි. නිර්මලව, අව්‍යාජයෙන්, රසවත්ව ගලා එන හැඟීම් ගුවනට මුසුවන්නේ සාමූහිකත්වය ද පූර්ණ කොට ගෙන ය. තව ද  වෘත්තිය ජීවිතය ද ජන කවියට පාදක කොට ගනී.

ආදිතම සිංහලයන් සීගිරියේ කුරුටු ගී ලියන්නට ඇත්තේ ගැමි වහර මනා කොට දැන ගෙන යැයි සිතෙන්නේ එකී කවියේ ඇති විදග්ධ බව නිසාවෙනි. සීගිරියෙ ද ඇත්තේ ජන කවියයි. ජන කවිය විවිධ තැන්වල එක එක ස්වරූප වලින් සිටිනවා. ඒ විතරක් ඇයි ජන කවියේ ශබ්ද මාදුර්‍යද එම අවස්ථාවට උචිත බවක් ද පෙන්නුම් කරනවා. දුෂ්කර කාර්යයක් වුවත් පහසු වෙන්නේ ඒක නිසානේ.

“හදවත කියනවා කවියට පණ      දෙන්න

දිව මගෙ කියනවා මුමුණා ගෙන  ඉන්න

මම දැන් කියනවා කවුරුත් අහ    ගන්න

ගෙවිලිය ඉඹිනවා මගෙ හඳ   මෝරන්න”

කවිය ආ මඟ හරි සුන්දරයි. මම කවදත් ජන කවියට ආදරෙයි. ඒ මගේ මුතුන් මිත්තන්ගේ හඬයි. ජන කවිය සමඟ ජීවත් වන විට මට හැගෙන්නේ “මම ඔවුන් සමඟ ජීවත් වෙනවා” යන්නයි. තනිව යන ගමන ශක්තිමත් ව ඉදිරියට යන බව මට හැගෙන්නේත් ඒ නිසා වෙන්න ඇති.

 

 

ගජගා කවි 

01.

සිතාමේ පිළිවෙල ඇතා සැරසූ ලෙස රජ අණ මුළු ලොව   පවතින්නේ

කතාව පිළිවෙල ඇතාට මිණි බැඳි විලසට ලොව පූජිත         වන්නේ

 

02.

පුතා වැඩූ ලෙස රන් සිව් ගේ ඇතු පිට තබලා තාලෙට          යන්නේ

සිතා බලන විට ගජගා වන්නම ඇතුයන ගමනයි දැන           ගන්නේ

 

03.

ගමන් යනෙන සොඳ රූබර තාලෙට ඇත්රජ ගමනට    පිවිසෙන්නේ

පවන් සලන විට කන්පෙති සඟලින් දෑලේ මිණිනඳ ලෙල   දෙන්නේ

 

04.

කියන්න පුදුමයි ගමනට මිණිනඳ එකින් එකට වැඩි වී          එන්නේ

අසන්න වියතුනි ගජගා වන්නම මෙලෙසටයි ලොව         පවතින්නේ

 

05.

රන්හිලිගේ ඇතුපිටින් වඩින කළ දෙපසින් චාමර          දිලිසෙන්නේ

ගම්බිර දෙපසින් ඉර සඳ කොඩිය රැලි මල්දම් වට         දිලිසෙන්නේ

 

06.

පංච එනරිය නාද පවත්වා ඇත්රජ ගමනට                 නික්මෙන්නේ

දොංත කුදං ගත දොං යන තාලෙට ගජගා වන්නම           පවතින්නේ  

 

07.

රන්හිලිගේ ඇතු පිටින්        වඩින්නේ

ටං ටං මිණිනඳ හඬ විහි       දෙන්නේ

නන් පරසිදු නර නිදු වැඩ       ඉන්නේ

ඔන්න කියමි වන්නමේ මුල     පටුනේ

 

08.

ගොතා දමන මල් මාලය       කරවට

සිතා බලනු ඇත්රජ යන       ගමනට

පතාමේ සාසනේ මතු පන්      දහසට

සිතා බලනු මැතිදුනි මේ        විලසට