ජන කවිය
සාහිත්යය නම් පාඨක සිත් සතන් තුළ රසවත් හැගීම් ඇතිවන පරිද්දෙන් නිර්මාණය කරන ලද ගද්ය හා පද්ය කෘතියයි. සාහිත්ය කරුවගෙ අරමුණ රස නිෂ්පත්තිය යි. ජීවිතය පිළිබඳ අපූර්ව අත්දැකීමක් ඇසුරෙන් පාඨකයා චමත්කාරයට පත් කිරීමට ඔහු තම සාහිත්ය නිර්මාණය මඟින් බලාපොරොත්තු වේ. කිසියම් සාහිත්ය නිර්මාණයක් උසස් ලෙස සැළකෙන්නේ පාඨකයා ඉන් ලබන වින්දනයේ අපූර්වත්වය නිසා ය. මිනිසා ට සිය විවේකය විනෝදයෙන් ගත කිරීමටත්, වෙහෙස නිවා ගැනීමටත්, සිත සන්සුන් කර ගැනීමටත්, දුක් කම්කටොලු අමතක කර ගැනීමටත් සාහිත්යයෙන් ලැබෙන සේවය ඉමහත් ය.
එක එක අය විවිධ ආකාරයට කතා කරනවා. එනම් මේ බස්වහර ය. මේ කරන කතාවට සෞන්දර්ය එක් වූ තැන නිර්මාණය වන්නා වූ එක් පැත්තක් තමයි ජන කවිය. මෙමඟින් ඔවුනොවුන්ගේ සංස්කෘතිය ද පෝෂණය ලබනවා පමණක් නොවෙයි එය අන්ය ජාතීන් අතර ද ඉමහත් ගෞරවයට පාත්ර වී අනන්යතා ගොඩනඟා ගැනීමට උත්සුක ද වනු ඇත. ජන විඥානය කරනකොට ගෙන උපත ලබන ජන කවි තුළින් ජනයාගේ බස්වහර පිළිබඳ ව තේරුම් ගැනීමට අවශ්ය උපකාරක ද සපයනු ලබනවා.
උගතුන් විසින් නිර්මාණය කරන ප්රබුද්ධ කවියට වඩා පරිසරය මත ගැටෙන දුගී ජනතාවගෙන් නිර්මාණය වන ඇතැම් කාව්ය වියත් වන්නේ කඳුළ, සිනහව, වේදනාව, සුන්දර ආකෘතිය අමරණීය කොට කවියට ගැබි කිරීම නිසා යැයි මම සිතමි. නිර්මලව, අව්යාජයෙන්, රසවත්ව ගලා එන හැඟීම් ගුවනට මුසුවන්නේ සාමූහිකත්වය ද පූර්ණ කොට ගෙන ය. තව ද වෘත්තිය ජීවිතය ද ජන කවියට පාදක කොට ගනී.
ආදිතම සිංහලයන් සීගිරියේ කුරුටු ගී ලියන්නට ඇත්තේ ගැමි වහර මනා කොට දැන ගෙන යැයි සිතෙන්නේ එකී කවියේ ඇති විදග්ධ බව නිසාවෙනි. සීගිරියෙ ද ඇත්තේ ජන කවියයි. ජන කවිය විවිධ තැන්වල එක එක ස්වරූප වලින් සිටිනවා. ඒ විතරක් ඇයි ජන කවියේ ශබ්ද මාදුර්යද එම අවස්ථාවට උචිත බවක් ද පෙන්නුම් කරනවා. දුෂ්කර කාර්යයක් වුවත් පහසු වෙන්නේ ඒක නිසානේ.
“හදවත කියනවා කවියට පණ දෙන්න
දිව මගෙ කියනවා මුමුණා ගෙන ඉන්න
මම දැන් කියනවා කවුරුත් අහ ගන්න
ගෙවිලිය ඉඹිනවා මගෙ හඳ මෝරන්න”
කවිය ආ මඟ හරි සුන්දරයි. මම කවදත් ජන කවියට ආදරෙයි. ඒ මගේ මුතුන් මිත්තන්ගේ හඬයි. ජන කවිය සමඟ ජීවත් වන විට මට හැගෙන්නේ “මම ඔවුන් සමඟ ජීවත් වෙනවා” යන්නයි. තනිව යන ගමන ශක්තිමත් ව ඉදිරියට යන බව මට හැගෙන්නේත් ඒ නිසා වෙන්න ඇති.
ග්රහපන්ති කවි
බෙර පදය - දොං ජිජි ගත
කොකුම් පාට කැකුළින් බත් වළඳා ඉඳුරට හිමි වන
අතින් රැගෙන සිරිවසකුත් තුරඟුන් නැගි ඉඹුල් විමන අ.............
නිතින් රැගෙන එන උවඳුරු ඉරිදා මුල් කොට අරගෙන
දුකින් මුදා සැපත ලැබෙයි ඉරු සෙත් දී ආවඩමින අ................
ඉන්ද්ර දිගට අදිපතිවම හිරු දෙවිමත නන්දා
රන් සිරිවස සුරත දරා රථ වාහන යෙන්දා අ.............
කොකුමෙන් බෝජන වළඳා සපිරුණු මන නන්දා
ඉන්ද්ර දිගින් හිරු වඩින්න නමා සිරස වැන්දා අ.............
හිරුට සිරිවස ඉඳුරු ඉඹුලේ එරන් පාටින් දිලෙන්නේ
රුවට කොකුමෙන් ත්රිකුල බස් ලැබ අසුන් යොදුරන් පිටින්නේ අ................
උසට තිස් හය ගවුම මවමින් දසාව ද සය වරුස වන්නේ
ඔබට පැමිණුන සිරස නළල ද ලවන් හා සය දෝස බසිනේ අ................
ඉන්ද්ර දිශාවට අධිපති හිරුදෙවි ඉඹුල් විමානේ වැඩ ඉන්නේ
රන් සිරි වස සිරි හස්තෙ දරාගෙන රථ වාහනෙහි වඩින්නේ අ................
අට පහ දොළසට ජන්ම දසාවට හිමි තැන අපල කරන්නේ
ඉන්ද්ර දිශාවෙන් හිරු දෙවි වැඩලා ග්රහ දෝෂ හරින්නේ අ................
දරණා සුරතින් සිරිවත දරණා
වඩිනා ගමනට රථයක නැගුණා
බුදිනා කොකුමෙන් භෝජන බුදිනා
වඩිනා ඉරු දෙවි මෙරඟට වඩිනා
ආ..................................................
දරණා සුරතින් චාමර දරණා
වඩිනා ගමනට ඇතුපිට නැගුනා
බුදිනා වෙඩුරෙන් භෝජන බුදිනා
වඩිනා කිවි දෙවි මෙරඟට වඩිනා
ආ....................................................
අත දරණ එසිරි වස ගෙන දිවයුරා
රථ යහන නැගෙති මහ මෙර වට කරා
බත බොජුන කොකුම් හිමි ඉඹුලෙහි අරා
සෙත ඔබට දෙවමි රිවි දෙවි දොස හැරා
බෘංග කුසය බිද හිමි ගිණි කොනා
නැංග අතට සුරත වල් විදුනා ගෙනා
තුංග භොජුන බුදති වෙඩුරෙන් දින දිනා
බෘංග සිකුරු ඔහුගේ සැම දොස දුරලනා
අත අකුසද ගෙන යුදයට අධිපති
බත මයුර යහන් වැඩහිඳ රුති ඇති
බත බොජුන එරන් පැහැයට රුති ඇති
සෙත ඔබට දෙවා කුජ දෙවි ඔබ රැක දෙති
දිලිනද රුවින් සක්වල ගල පැතිර ගෙනා
දිලිනද රුවින් උවදුරු රුවට කල වෙනා ආ.............
බලි කොකු මෙන් බත් ලැබ සිරි අසු නැගෙනා
කලිඟු රට උපන් ඉරු ඉඹුල දෙන් සෙතා ආ..........
වන්දුවටත් වල් විදුනාව ගන්නේ
භෝජනටත් වෙඩුරෙන් දොළ ලබන්නේ ආ........
භෝජනටත් වද සිකුරා උපන්නේ
පැහැදෙමිනේ අග්නිය ආ වඩන්නේ ආ.......
යුද්ධ කරන අකුසයි අණට ගන්නේ
රන් බත් දොළස ගෙන මයුරට නගින්නේ
මැද්ද දේසයේ අගහරු උපන්නේ
සිද්ධ යාමයෙන් බැස ආ වඩන්නේ
රාහුගෙ හිසය කෙහෙතුද කඳය වන්නේ
සයුර බැසයි කැසපට නොහොපු ලන්නේ
රාහු ලංකා දේසෙටයි උපන්නේ
රාහු නිරයෙන් බැස ආ වඩන්නේ
සිරි වස ලෙන අසු නැගෙමින් නොළසා නො ළ සා ...........
සිරි බර ඉඹුලේ තුළ රස නිවෙසා නි වෙ සා ............
පිරි බලි කොකුමෙන් ඉදුරේ නිවෙසා නි වෙ සා ..................
හිරි දෙවි මේ ඔබට සුබ සෙත සළසා ස ළ සා ............
ගෙන වල් විදුනා නැඟි බජ සෝලු සෝ ලු..............
වත මල් කරදේ පුස පුස කැකුළු කැ කු ළු .........
ගෙන තෙල් වෙඩුරු ද ලැබ ගිනි බැබළු බැ බ ළු..........
මෙත ලොල් සිදුරු ද දෙන් සෙත ලකළු ල ක ළු ............