උපත් කතාව
දෙවොල් මඩු ශාන්තිකර්මයට අයත් පුරා වෘත්ත කතාව වන්නේ සේරමාන රජු හා බැදී කතා පුවතයි. චෝල අධිරාජ්යයේ සිටි මෙම රජුගේ උයන පාළුවට ලක් කල ගබ් ගත් ගෝන දෙන මැරීමට රජු අණ කිරීමෙන් රාජ පුරුෂයන් ගෝන දෙන මරා දමන ලදී. මෙම ගෝන පසුපස ලුහු බදිමින් යන අවස්ථාවේ ගෝන දෙන අසල තිබූ පොකුණකට පය ලිස්සා වැටුණු අතර රජු කෙරෙහි වෛරයෙන් මිය ගියේ ය. පසු කලෙක එම පොකුණේ ම මැඩියෙකුව මෙම ගෝනා ඉපදුණි. දිනක් රජු උයන් සිරි නරබමින් යන අතර අසල වූ පොකුනෙහි වූ ඉතා ලස්සන නිල් මානෙල් මලක් කඩා එහි සුවද ආඝ්රහනය කළේ ය. එම මලෙහි යට සැග වී සිටි කුඩා මැඩියා ක්ෂණික ව රජුගේ නාසය දිගේ මොලයට රිංගා ගත් අතර එමගින් රජු රෝගාතුර විය. රජුට මින් දරුණු හිස රදයක් සෑදුණු අතර කොතෙක් වෛද්යවරු විවිඩ ප්රතිකර්ම කල ද ඉන් කිසිදු සුවයක් නොවි ය. කාලයාගේ ඇවෑමෙන් රජු දිනක් සිහිනයෙන් රූමත් කාන්තාවක් දුටුවේ ය. ඒ බව රජු පුරෝහිත බමුණන්ට දැන් වූ අතර ඔවුන්ගේ අදහස වූයේ රජු සිහිනයෙන් දැක ඇත්තේ පත්තිනි දෙවිය බවත් රජුට ඇත්තේ ඇයගේ ශාපයක් බවත් ය. බමුණන්ගේ අදහස වුයේ එම ශාපයෙන් මිදීමට නම් බුද්ධාගම ඇති රටකට ගොසින් පත්තිනි දේවියට පිං පමුණුවා දුගී මගී යාචකයන් හට දං පින් දෙන ලෙස ය. මිට සුදුසු ම රට වූ ලංකාවට පැමිණ රුවන්වැල්ලේ දී ප්රථම දෙවොල් මඩු යාගය පැවැත් වූ බව ඉතිහාසය ශාක්ෂි දරයි. මෙම හේතුවෙන් රජුගේ හිසරදය සුව වූ අතර එදා පටන් ලංකාවේ ද දෙවොල් මඩු ශාන්තිකර්මය ඇති වූ බව පුරාවෘත්ත කතා අපට පෙන්වා දෙයි.
සමාජයට ලබා දෙන ආදර්ශය
මෙකි කතා පුවත දෙස හොදින් විමසා බලන විට අපට පෙනී යන එක් කරුණක් වන්නේ වෛරයපළි ගැනීම හා ක්රෝධය බවයෙන් බවය පවත්වාගෙන එන ආකාරය පිළිබදව ය. එනම් ගෝනදෙන මැරීමට අණ කරන ලද්දේ සේරමාන රජු ය. එබැවින් ගෝනදෙන රජු කෙරෙහි වෛරයෙන් මැරුණු ආකාරය අපි කතා පුවතින් උගත්තෙමු. ඒ අනුව කාලයක් ගොස් රජුගේ උයනේ ම පොකුණක ඉපිද රජුගෙන් පළි ගත් ආකාරය පුදුම සහගත ය. තව ද රාජ්ය පාලකයින් රාජ්ය අණ ක්රයාත්මක කරන ආකාරය ද මෙම කතා පුවත තුලින් පෙන්වා දෙයි. රාජ්ය පාලකයෝ කිසිවිටෙකත් සැපසම්පත් වලට බාධා කරන අයට දඩුවම් දීමට කිසි මැලි කමක් නොදක්වන බව ද මෙමගින් අපට අනාවරණය වේ. මෙම කතා පුවතට අනුව ග්බ්ගත් ගෝන දෙන විලිරුදාවෙන් කෑ ගසන හඩ රජුට මහත් හිරිහැරයක් විය. එනම් ඔහුගේ සැපයට එය බධාවකි. එම බාධා කිරීම හේතුවෙන් රජු ගෝනදෙන කෙරෙහි දැඩි සේ කෝප වෙයි. එම කෝපය අවසන් වන්නේ ගොනදෙනගේ මරණයෙනි. මෙම කතා පුවත තුලින් ගැමි කලාකරුවා ජන සමාජයට පලිගැනීම, වෛරය වැනි සිතුවිලි පිළිබද මනා සන්නිවේදනයක් ලබා දීමට උත්සහ දරා ඇති ආකාරය අපුර්වර්ජනය ය.ඒවගේ ම පලිගැනීම හේතුවෙන් ශරීරය තුළ ඇතිවන්නා වූ ශාරීරික පීඩාවෙන් හා චිත්ත පීඩාවන් පිළිබදව ද මනාව ලොවට ගෙනහැර දක්වයි. එනම් රජු දරුණු හිසරදයකින් පෙලෙන ආකාරය කතා පුවත පෙන්වා දෙන්නේ මෙයට කදිම නිදසුනක් ලෙස ය. අවසානයේ කතා පුවතට අනුව රජුගේ දරුණු හිසරදය සුව වන්නේ දේවාශිර්වාදය තුලිනි. මේ අනුව අපට අවබෝධ වන කරුණු බොහොමයක් ඇත. එම කරුණු අනුව අපට දෙවොල් මඩු ශාන්තිකර්මයේ පුරාවෘත්තය තුලින් පලිගැනීම, වෛරය වැනි සිතුවිලි රෝග පිඩාවට හේතුවන බව මනා සේ විශද කරයි.