විනෝදාශ්වාදය ජනිත කරවන කලාවක් වශයෙන් බැලූ බැල්මට වර්තමානයේ නර්තන කලාව දැකගත හැකි වුව ද මානසික අවුල් වියවුල් තත්වයක් හමුවේ මිනිසාට මනස සුවපත් කරදෙන්න වුව ද වෛද්යමය ප්රතිකාර ක්රමයක් ද සමාජ ප්රශ්න ගැටළු වලට පිළිතුරු සපයා නිරාකරණය කරන්නා වූ විෂය ක්ෂේත්රයක් ලෙස ද මෙරට පමණක් නොව ලෝකය තුළ සියලු ජනයාට පොදු වූ කලාවක් ලෙසින් “නර්තන කලාව” හදුන්වා දිය හැකි ය. මෙම කලාවේ ආරම්භය කවදා කොතනක දී කවරෙකු විසින් බිහිකරා ද යන්න අපට ශාක්ෂි නැති වුවත් ආදී මානවයාගේ ප්රබවය බිහි වූ දා දක්වා අතීතයක් මෙම කලාව සදහා ඇතිබව පෙන්වා දිය හැකි ය.
මෙලොව උපදින්නට පෙර මිනිස් සත්වය තම මවු කුස තුළ දී පළමුවෙන් ම සිදු කරන්නේ තම අතපය චලනය කිරීමයි. ඒ අනුව චලනය මුල් කොට ගනිමින් බිහි ව ඇති මෙම නර්තන කලාව ආදිත ම කලාව ලෙස “නර්තනය” බව අපට පිළිගැනීමට සිදුවේ. ඒ අනුව සකල කලාවන්ගේ ආදිතමයා ලෙස මෙන් ම අනිකුත් කලාවන්ගේ ගුරුවරයා ලෙස බොහෝ විචාරකයින්ගේ මතයයි. ඇතැමුන් දක්වන පරිදි “නර්තනය දේවත්වයෙන් වෙන් කල නොහැක. එය දෙවියන්ගේ දායාදයකි.” ග්රීක ජාතික දාර්ශනිකයකු වූ ප්ලේටෝ සදහන් කරයි. “ශරීරය හැර අන් කිසිදු භාන්ඩයක් අවශ්ය නොවන ලෝකයේ පැරණිත ම කලාව නර්තනයයි. ජෝන් රසල් නමැති විචාරකයාගේ අදහස වේ. එසේ කරුණු දැක්වුව ද නර්තන කලාවේ සුල මුල සෙවීමේ දී ඊට අදාල කරුණක් නිශ්චිත කර ගැනීමට පහසු කටයුත්තක් නොවේ. ඊට අදාල හේතුව වන්නේ ඒ සහාය ලිඛිත හෝ පුරවිද්යාත්මක සාධක විරල බැවිනි. මෙහි ආරම්භය විකාශණය ආදී මානවයාගේ ආරම්භය දක්වා ම පැරණි බව කියවේ.
එනම් මිනිසා ජිවත්වීම සදහා ස්වාභාවධර්මය සමග කල අරගලය මේ සදහා මූලික විය. එනම් අහාර, ආරක්ෂාව වැනි මූලික ප්රථමික අවශ්යතාවයන් පමණකට මූලිකත්වය දෙමින් ජිවත් වූ එකල මිනිසා පරිසරය සමග නිතර විවිධාකාර අරගලයන්ට පත්විය. ඒ අනුව ඔවුන්ගේ සියලු අවශ්යතා සම්පුර්ණ කරන ස්වාභාව ධර්මය විටෙක ඔවුන්ට පීඩාකාරීය අවස්ථාවන් ද ගෙනදෙනු ලැබී ය. උදාහරණ :- වැස්ස, දැඩි නියගය, අකුණු ගැසීම මේ හේතුන් වලට ලක්වීමට හේතුව වුයේ අදෘෂ්යමාන බලවේග වලින් සිදු කරන කටයුත්තක් යැයි සිතා එකල මිනිසා විවිඩ වස්තූන් දේවත්වය ආරෝපණය කොට පුද පුජා කටයුතු කළ හ. ඒ අනුව ඉර, හද, තරු, ගස්, ගල්, ගින්දර සදහා පුජාමය ක්රම වේදයන් යටතේ පුද සත්කාර කරන ලදී. ඒ අනුව බලන කල නර්තන කලාවේ විකාශණය ප්රධාන යුග තුනකට බෙදේ.
පුර්ව ශිලා යුගයේ දී කිසියම් විෂය ක්ෂේත්රයක් තුළ කිසිම කරුණක් ගොනු කල නොහැක. අපට ගල් ගුහා ආශ්රිතව ජිවත් වූ මිනිස් මානවයාගේ සිතුම් පැතුම් ක්රයා කලාපයන් ඒහි දක්නට ලැබෙන චිත්ර හා විවිඩ සංකේත මගින් යම් කිසි නිගමන වලට එලබිය හැක. එකල මිනිසා සතුන් දඩයම් කොට ආහාර අවශ්යතාවයන් සපුරා ගත් අතර එම සතුන් දඩයම් කිරීමේ දී විවිඩ අවිචාර විධීන් අනුගමනය කල අතර ඒ එක් එක් ක්රයාවන් අනුකරණ මාධ්යයෙන් ඉදිරිපත් කළහ.
උදාහරන :- සතුන් දඩයම් කරන ආකාරය, සතුන් ප්රමාණය, සිටින ස්ථාන ආදිය අනුකරණය කිරීම
තුලින් මූලික පෙරහුරුවක් ඔවුන්ට හිමි විය. ඔවුන්ගේ ගොදුර පුළුස්සා ගැනීමේ දී එම ක්රයාවෙහි නිරත වූ ආකාරය එහි අවදානම, වීරත්වය දඩයම් සදහා සහභාගි නොවුවන්ට අනුකරණය කොට පෙන්විය. ඒ හේතුවෙන් මෙම කලාවෙහි මූලික විෂය පථය බිහි වූ බව විචාරක මතයයි.