බලි ශාන්තිකර්ම කවි - සාමාන්‍යපෙළ නර්තනය (සිංහල)

බලි ශාන්තිකර්ම කවි

ජන කවිය

සාහිත්‍යය නම් පාඨක සිත් සතන් තුළ රසවත් හැගීම් ඇතිවන පරිද්දෙන් නිර්මාණය කරන ලද ගද්‍ය හා පද්‍ය කෘතියයි. සාහිත්‍ය කරුවගෙ අරමුණ රස නිෂ්පත්තිය යි. ජීවිතය පිළිබඳ අපූර්ව අත්දැකීමක් ඇසුරෙන් පාඨකයා චමත්කාරයට පත් කිරීමට ඔහු තම සාහිත්‍ය නිර්මාණය මඟින් බලාපොරොත්තු වේ. කිසියම් සාහිත්‍ය නිර්මාණයක් උසස් ලෙස සැළකෙන්නේ පාඨකයා ඉන් ලබන වින්දනයේ අපූර්වත්වය නිසා ය. මිනිසා ට සිය විවේකය විනෝදයෙන් ගත කිරීමටත්, වෙහෙස නිවා ගැනීමටත්, සිත සන්සුන් කර ගැනීමටත්, දුක් කම්කටොලු අමතක කර ගැනීමටත් සාහිත්‍යයෙන් ලැබෙන සේවය ඉමහත් ය.

එක එක අය විවිධ ආකාරයට කතා කරනවා. එනම් මේ බස්වහර ය. මේ කරන කතාවට සෞන්දර්ය එක් වූ තැන නිර්මාණය වන්නා වූ එක් පැත්තක් තමයි ජන කවිය. මෙමඟින් ඔවුනොවුන්ගේ සංස්කෘතිය ද පෝෂණය ලබනවා පමණක් නොවෙයි එය අන්‍ය ජාතීන් අතර ද ඉමහත් ගෞරවයට පාත්‍ර වී අනන්‍යතා ගොඩනඟා ගැනීමට උත්සුක ද වනු ඇත.  ජන විඥානය කරනකොට ගෙන උපත ලබන ජන කවි තුළින් ජනයාගේ බස්වහර පිළිබඳ ව තේරුම් ගැනීමට අවශ්‍ය උපකාරක ද සපයනු ලබනවා.

උගතුන් විසින් නිර්මාණය කරන ප්‍රබුද්ධ කවියට වඩා පරිසරය මත ගැටෙන දුගී ජනතාවගෙන් නිර්මාණය වන ඇතැම් කාව්‍ය වියත් වන්නේ කඳුළ, සිනහව, වේදනාව, සුන්දර ආකෘතිය අමරණීය කොට කවියට ගැබි කිරීම නිසා යැයි මම සිතමි. නිර්මලව, අව්‍යාජයෙන්, රසවත්ව ගලා එන හැඟීම් ගුවනට මුසුවන්නේ සාමූහිකත්වය ද පූර්ණ කොට ගෙන ය. තව ද  වෘත්තිය ජීවිතය ද ජන කවියට පාදක කොට ගනී.

ආදිතම සිංහලයන් සීගිරියේ කුරුටු ගී ලියන්නට ඇත්තේ ගැමි වහර මනා කොට දැන ගෙන යැයි සිතෙන්නේ එකී කවියේ ඇති විදග්ධ බව නිසාවෙනි. සීගිරියෙ ද ඇත්තේ ජන කවියයි. ජන කවිය විවිධ තැන්වල එක එක ස්වරූප වලින් සිටිනවා. ඒ විතරක් ඇයි ජන කවියේ ශබ්ද මාදුර්‍යද එම අවස්ථාවට උචිත බවක් ද පෙන්නුම් කරනවා. දුෂ්කර කාර්යයක් වුවත් පහසු වෙන්නේ ඒක නිසානේ.

“හදවත කියනවා කවියට පණ      දෙන්න

දිව මගෙ කියනවා මුමුණා ගෙන  ඉන්න

මම දැන් කියනවා කවුරුත් අහ    ගන්න

ගෙවිලිය ඉඹිනවා මගෙ හඳ   මෝරන්න”

කවිය ආ මඟ හරි සුන්දරයි. මම කවදත් ජන කවියට ආදරෙයි. ඒ මගේ මුතුන් මිත්තන්ගේ හඬයි. ජන කවිය සමඟ ජීවත් වන විට මට හැගෙන්නේ “මම ඔවුන් සමඟ ජීවත් වෙනවා” යන්නයි. තනිව යන ගමන ශක්තිමත් ව ඉදිරියට යන බව මට හැගෙන්නේත් ඒ නිසා වෙන්න ඇති.

 

 

 

බලි ශාන්තිකර්ම කවි

සෙත් කරනා උපත දැනා මැසි බඳිනා සැටි         ලකුණා

සස ගතිනා වියත් ගෙනා සාගු ලෙනා මැසි          මනිනා

සිව් ගතිනා වියත් ගෙනා දෑගුලෙනා සුඵල             මනා

මේ ලෙසිනා මැසි බඳිනා ගිරි අඟනා රැව             අඹනා

 

නිරිත කොන යුතා මල් මල් සුවඳැති වැටකෙ වන      වෙතා

උරඟ පෙන ලතා දුන්වන් පාටින් මැණික හිමි            වෙතා

තල ද කිරිබතා ලොල් ලොල් වඩවන සිතට රුච්        වෙතා

පනිඳු දෙති සෙතා සුන්බුන් කර දොස ඔබට සෙ           පතා

 

නරවරඟන නරු ඇඳගෙන නටති එතැන නළු නාටක වෙස්  ගෙන

නතර නොවන නද කරවන නපුරු සිතින නසමැයි මුණි    සිතමින

නමකුරු ගෙන නව නැකතින නපුරු දුදන නපුරට කළ මේ     වින

නව මුණිගුණ නළල එලන සියලුම වින නහි නහි දොස      දුරලන

 

අත දරන එසිරි වස ගෙන                   දිවයුරා

රත යහන නැගෙති මහ මෙර වට             කරා

කන බොජුන කොකුන් ගෙන ඉඹුලෙහි        අරා

සෙත ඔබට දෙවති පිරිවත දොස               හැරා

 

සුරත රැගෙන පන්දම යාගෙට          ඇදුරා

වමතට විදුරු මිණියක් රැගෙන නඳ      කරා

පෙර සිට උපත පන්දම යාග කවි        කරා

මේ ඔබට ආවඩන් සැම දෝෂ දුරු       කරා

 

අකුණු දේවතාවා පන්දමේ            වෙසෙයි

දග්නි දේවතාවා ගිනිජලේ            වෙසෙයි

කළඑළි දේවතාවා ලෝකයේ         වෙසෙයි

අවුලු පන්දමෙන් සැම දෝෂ දුරු     කෙරෙයි

 

අහස ඉර හඳ පොලොව තුල මහ සක්‍ර මහ බඹු දෙව්   වරම්

සියළු දෙවිවරු මව්පියන් සහ ගුරුන් හට වේ ජය      මගුල්

බැතින් සිහිකර සියළු දෙවිවරු දුන්න වරමින් ජය      මගුල්

මෙරඟ මඩලේ ශිල්ප පෑමට දෝස හැර වේ ජය        මගුල්

 

අරුණ වේලේ බුදුව මුණි රජ දම් දෙසූ ජය          මංගලම්

වරුණ පරසතු මදාරා මල් අටමිටක් පිදු              මංගලම්

දරුණු වසවතු ධර්ම බලයෙන් දුරු කරපු ජය        මංගලම්

ඉරුගෙ අපලය එමුණි බලයෙන් දුරුවේවා ජය       මංගලම්