ජන කවිය
සාහිත්යය නම් පාඨක සිත් සතන් තුළ රසවත් හැගීම් ඇතිවන පරිද්දෙන් නිර්මාණය කරන ලද ගද්ය හා පද්ය කෘතියයි. සාහිත්ය කරුවගෙ අරමුණ රස නිෂ්පත්තිය යි. ජීවිතය පිළිබඳ අපූර්ව අත්දැකීමක් ඇසුරෙන් පාඨකයා චමත්කාරයට පත් කිරීමට ඔහු තම සාහිත්ය නිර්මාණය මඟින් බලාපොරොත්තු වේ. කිසියම් සාහිත්ය නිර්මාණයක් උසස් ලෙස සැළකෙන්නේ පාඨකයා ඉන් ලබන වින්දනයේ අපූර්වත්වය නිසා ය. මිනිසා ට සිය විවේකය විනෝදයෙන් ගත කිරීමටත්, වෙහෙස නිවා ගැනීමටත්, සිත සන්සුන් කර ගැනීමටත්, දුක් කම්කටොලු අමතක කර ගැනීමටත් සාහිත්යයෙන් ලැබෙන සේවය ඉමහත් ය.
එක එක අය විවිධ ආකාරයට කතා කරනවා. එනම් මේ බස්වහර ය. මේ කරන කතාවට සෞන්දර්ය එක් වූ තැන නිර්මාණය වන්නා වූ එක් පැත්තක් තමයි ජන කවිය. මෙමඟින් ඔවුනොවුන්ගේ සංස්කෘතිය ද පෝෂණය ලබනවා පමණක් නොවෙයි එය අන්ය ජාතීන් අතර ද ඉමහත් ගෞරවයට පාත්ර වී අනන්යතා ගොඩනඟා ගැනීමට උත්සුක ද වනු ඇත. ජන විඥානය කරනකොට ගෙන උපත ලබන ජන කවි තුළින් ජනයාගේ බස්වහර පිළිබඳ ව තේරුම් ගැනීමට අවශ්ය උපකාරක ද සපයනු ලබනවා.
උගතුන් විසින් නිර්මාණය කරන ප්රබුද්ධ කවියට වඩා පරිසරය මත ගැටෙන දුගී ජනතාවගෙන් නිර්මාණය වන ඇතැම් කාව්ය වියත් වන්නේ කඳුළ, සිනහව, වේදනාව, සුන්දර ආකෘතිය අමරණීය කොට කවියට ගැබි කිරීම නිසා යැයි මම සිතමි. නිර්මලව, අව්යාජයෙන්, රසවත්ව ගලා එන හැඟීම් ගුවනට මුසුවන්නේ සාමූහිකත්වය ද පූර්ණ කොට ගෙන ය. තව ද වෘත්තිය ජීවිතය ද ජන කවියට පාදක කොට ගනී.
ආදිතම සිංහලයන් සීගිරියේ කුරුටු ගී ලියන්නට ඇත්තේ ගැමි වහර මනා කොට දැන ගෙන යැයි සිතෙන්නේ එකී කවියේ ඇති විදග්ධ බව නිසාවෙනි. සීගිරියෙ ද ඇත්තේ ජන කවියයි. ජන කවිය විවිධ තැන්වල එක එක ස්වරූප වලින් සිටිනවා. ඒ විතරක් ඇයි ජන කවියේ ශබ්ද මාදුර්යද එම අවස්ථාවට උචිත බවක් ද පෙන්නුම් කරනවා. දුෂ්කර කාර්යයක් වුවත් පහසු වෙන්නේ ඒක නිසානේ.
“හදවත කියනවා කවියට පණ දෙන්න
දිව මගෙ කියනවා මුමුණා ගෙන ඉන්න
මම දැන් කියනවා කවුරුත් අහ ගන්න
ගෙවිලිය ඉඹිනවා මගෙ හඳ මෝරන්න”
කවිය ආ මඟ හරි සුන්දරයි. මම කවදත් ජන කවියට ආදරෙයි. ඒ මගේ මුතුන් මිත්තන්ගේ හඬයි. ජන කවිය සමඟ ජීවත් වන විට මට හැගෙන්නේ “මම ඔවුන් සමඟ ජීවත් වෙනවා” යන්නයි. තනිව යන ගමන ශක්තිමත් ව ඉදිරියට යන බව මට හැගෙන්නේත් ඒ නිසා වෙන්න ඇති.
සරල කවි ( දුටුගැමුණු රජතුමා අවසානයේ මල්ලිට දුන් උපදෙස් )
රුවන එමහවැලි සෑයට රන් කොත පළඳා නිම කරනට පෙර දිනයේ
පිනෙන් පසිදු අපේ ගාමිණි මහරජ පෙළුනේ මරණන් කිත ලෙඩකින්
තමන් මළනුවන් තිස්ස කුමරු ළඟ කැන්දා බොහෝ ආදර සිතකින්
කියන්න වන්නලු තමන් මළනු හට දෑසින් කදුලැළි වගුරවමින්
උතුම් තිලෝගුරු සම්මා සම්බුදු රජ වඳහළ විලසට මල්ලී
පසන්මේ මහ මෙර පෘථිවිය සාගර යම් දවසක නසිනය මල්ලී
උපන් සියළු සත මරණෙට නියමයි සසර දෙයකි ලොව නැත මල්ලී
ඉතින් මරණෙ ගැන කුමට ද දුක් වනු එපා හඬන්නට මගෙ මල්ලී
අටලෝ අක්ෂෝ ගිනියම් දෙමලුන් නසා ඒ යුධ කළ මුත් මල්ලී
මෙදවස් එක මරුවා පරදන්නට අසමත් කම නැගුනෙය මල්ලී
එපිරිස් හා මගෙ දසමහ යෝධයෝ මේ යුධයට අද නැත මල්ලී
නිදහස් සැප විඳ ගන්නට තුටු නම් මා කියනා බස් පිළිගනු මල්ලී
තෙරවන් නම කොට අටසිල් පන්සිල් රැක මව්පිය ගුණ සළකනු මල්ලී
කිසියම් දවසක මහ සඟ රත්නෙට එපා අගරු කරනට මල්ලී
වැසියන් මිරිකා රුධිරය බොන ලෙස අයබදු හෙම නෙගනින් මල්ලී
දැහැමින් රජ කොට පුරවැසියන් හට සෙත සලසාපන් සගෙ මල්ලී
නිමල් මගේ පුතු සාලිය කුමරුට නිසි ඔවදන් දීපන් මල්ලී
සැඩොල් කුලේ මුත් අශෝක කුමරිට යුතුකම් ඉටුකරනුය මල්ලී
විසල් මේ පුරවර පරසතුරන් හට ගන්නට ඉඩ නොහරින් මල්ලී
කඩොල් ඇතා සිය පණ සේ රැකගෙන රජසිරි විඳ සිටිනුය මල්ලී