හටන් කවි - සාමාන්‍යපෙළ නර්තනය (සිංහල)

හටන් කවි

ජන කවිය

සාහිත්‍යය නම් පාඨක සිත් සතන් තුළ රසවත් හැගීම් ඇතිවන පරිද්දෙන් නිර්මාණය කරන ලද ගද්‍ය හා පද්‍ය කෘතියයි. සාහිත්‍ය කරුවගෙ අරමුණ රස නිෂ්පත්තිය යි. ජීවිතය පිළිබඳ අපූර්ව අත්දැකීමක් ඇසුරෙන් පාඨකයා චමත්කාරයට පත් කිරීමට ඔහු තම සාහිත්‍ය නිර්මාණය මඟින් බලාපොරොත්තු වේ. කිසියම් සාහිත්‍ය නිර්මාණයක් උසස් ලෙස සැළකෙන්නේ පාඨකයා ඉන් ලබන වින්දනයේ අපූර්වත්වය නිසා ය. මිනිසා ට සිය විවේකය විනෝදයෙන් ගත කිරීමටත්, වෙහෙස නිවා ගැනීමටත්, සිත සන්සුන් කර ගැනීමටත්, දුක් කම්කටොලු අමතක කර ගැනීමටත් සාහිත්‍යයෙන් ලැබෙන සේවය ඉමහත් ය.

එක එක අය විවිධ ආකාරයට කතා කරනවා. එනම් මේ බස්වහර ය. මේ කරන කතාවට සෞන්දර්ය එක් වූ තැන නිර්මාණය වන්නා වූ එක් පැත්තක් තමයි ජන කවිය. මෙමඟින් ඔවුනොවුන්ගේ සංස්කෘතිය ද පෝෂණය ලබනවා පමණක් නොවෙයි එය අන්‍ය ජාතීන් අතර ද ඉමහත් ගෞරවයට පාත්‍ර වී අනන්‍යතා ගොඩනඟා ගැනීමට උත්සුක ද වනු ඇත.  ජන විඥානය කරනකොට ගෙන උපත ලබන ජන කවි තුළින් ජනයාගේ බස්වහර පිළිබඳ ව තේරුම් ගැනීමට අවශ්‍ය උපකාරක ද සපයනු ලබනවා.

උගතුන් විසින් නිර්මාණය කරන ප්‍රබුද්ධ කවියට වඩා පරිසරය මත ගැටෙන දුගී ජනතාවගෙන් නිර්මාණය වන ඇතැම් කාව්‍ය වියත් වන්නේ කඳුළ, සිනහව, වේදනාව, සුන්දර ආකෘතිය අමරණීය කොට කවියට ගැබි කිරීම නිසා යැයි මම සිතමි. නිර්මලව, අව්‍යාජයෙන්, රසවත්ව ගලා එන හැඟීම් ගුවනට මුසුවන්නේ සාමූහිකත්වය ද පූර්ණ කොට ගෙන ය. තව ද  වෘත්තිය ජීවිතය ද ජන කවියට පාදක කොට ගනී.

ආදිතම සිංහලයන් සීගිරියේ කුරුටු ගී ලියන්නට ඇත්තේ ගැමි වහර මනා කොට දැන ගෙන යැයි සිතෙන්නේ එකී කවියේ ඇති විදග්ධ බව නිසාවෙනි. සීගිරියෙ ද ඇත්තේ ජන කවියයි. ජන කවිය විවිධ තැන්වල එක එක ස්වරූප වලින් සිටිනවා. ඒ විතරක් ඇයි ජන කවියේ ශබ්ද මාදුර්‍යද එම අවස්ථාවට උචිත බවක් ද පෙන්නුම් කරනවා. දුෂ්කර කාර්යයක් වුවත් පහසු වෙන්නේ ඒක නිසානේ.

“හදවත කියනවා කවියට පණ      දෙන්න

දිව මගෙ කියනවා මුමුණා ගෙන  ඉන්න

මම දැන් කියනවා කවුරුත් අහ    ගන්න

ගෙවිලිය ඉඹිනවා මගෙ හඳ   මෝරන්න”

කවිය ආ මඟ හරි සුන්දරයි. මම කවදත් ජන කවියට ආදරෙයි. ඒ මගේ මුතුන් මිත්තන්ගේ හඬයි. ජන කවිය සමඟ ජීවත් වන විට මට හැගෙන්නේ “මම ඔවුන් සමඟ ජීවත් වෙනවා” යන්නයි. තනිව යන ගමන ශක්තිමත් ව ඉදිරියට යන බව මට හැගෙන්නේත් ඒ නිසා වෙන්න ඇති.

 

 

හටන් කවි 

 

ලත් තනත් කියන් බාසෙන් රට ගන්ඩා - දෙමළු

මත් වෙලත් දොඩන් වෙරිමත පෙන්වන්ටා

කන් ගෙරිත් මසුත් උගෙ කුණු පණු යන්ඩා - ලැමද

රත් වෙලත් ගිනිත් සියොගත බැරි උන්ටා

 

ලත් තනමුත් කොළඹත් කොටුවල් වල යුද්ද නමුත් කෙරුවා    ගෙන

යෙත් යුදටත් ඉංගිරිසින් බංගාලින් ජාවොත් මුරවල්   සිටුවා

රොත් තපිටත් කරවත් තඹරුත් ගෙන කොන්ත කඩුව ගෙන්වා ගෙන

යෙත් යුදටත් වෙඩිලිත් හරඹත් කර කොම්බු කළත්   පිඹවා

 

කොටුගෙ දහඅටට ඒ කීව්වේ හෙන   වැදිලා

දුටද ඌට උනු අපල පොතපතින්      දැකලා

බටු ද පිපිරුණ ලෙසට ගියේ නෙත   වැදිලා 

නැටුව නෙයියාඩමට ගියේ මුල         සිඳලා

 

උන් තැනට කොටු බඳින දෙමළුන්ගේ         දහිරි

තිත් තින්නෙ මඳ දිලිය නටති උන්              බහුරි

නිම් නැතුව රා බීල උන් කරන                    කාරි

සිංහලේ නිරිදුනිගෙ රඟ නොදැන උන්ගෙ  ඔමරි

 

විහිගුම් රජ නිතර කිරන කරන ගඟන              ගන්ද

මනරම් නිජ යස නළු කල සිරිලක රිවි පුලෙලි  ගන්ද

පැරකුම් බුජ බල විකුමැති යුවැති නයන රුසිර නැංග

පැරකුම් බුජ රජ දින පර රාජ වෛශ්‍ය            බුජංග

 

වන් සම්බු යුත් නිරිදු කුස්වත් දිමුතු කිරණ

දින් නන් තෙදින් බබලවා

කුමර සිරි විකුම් රජ සිංහ සිරි නාම දැරු

අප සමිදු වැඩ වාගෙ සඳ මෙන්

 

විත් මත් රැගත් අයුරු යුත් ඉංග්‍රිසින් නැමති

සක් සෙන් විලස සතුරු    මෙන්

ගුගල රන සයුර රළ වෙරළ මැඩ එන විලස

මෙපුර තුළ වන්        එදෙසිනේ

 

සද්දෙන් ගිගුම් වෙඩිලි මැද්දෙන් ගොසින් එන්න

යුද්දෙන් නරක් ගසන සදිනි

සුනු විසුණු කර පැහැර විජය සිරි උර මැදුර

වැළඳ සිරි ලක්දිවෙහි සැපතේ

 

කඩුහේවා කන් කර             ගත්තෙන් ද

හත් හේවා කන් කරඤ්ඤ ද  කරඤ්ඤ ද

නත් හේවා කන් කර           ගත්තෙන් ද

කඩු හේවා කන් කරඤ්ඤ ද  කරඤ්ඤ ද

 

 

රන්වන් කඩුවේ තව      දනිතොත්

අපලා වන්නනෙ හට     නොකියා

අපලා වන්නිගෙ නම    දනිතොත්

රන්වන් කඩුවේ නම     නොකියා