මිනිසා තරණය කරන ලද පෙදෙස් අතර කාන්තාර, විශාල කදු හිමෙන් පිරී ද්‍රැව මහා වනාන්තර යන පෘථිවියේ පිහිටි දේ අතර ඉතාමත් චමත්කාර ජීවින්ගෙන් ගහණය වූ පෙදෙස් ලෙස කොරල් පර සැලකිය හැකි ය. සාගරය සමග නිතර තැම්පත් වී තිබෙන කොරල් පර කුඩා සීලෝමාන්ත්ර ධර සතුන් කොටසක් විසින් තනා ඇති ස්ථානය.
පසුගිය ශතවර්ෂය තෙක්ම කොරල් පර ගැන අදහස් විවිධ අයුරින් දක්වා ඇත. අද එසේ නොවේ. මෙම කොරල් පර සැදී ඇත්තේ කුඩා මුහුදු ජීවින් කොටසකගේ සැකිළි නිසා ය. මෙම සතුන් වඩා ජිවත් වන්නේ උෂ්ණ කලාපිය මුහුදු තීරයේ ය. ඔස්ට්‍රේලියාවේ “මහා බාධක පරය ” වැනි විශාල ප්‍රදේශයත්, ගිරි දුපත් සහ මුහුදු තිරයේ ඇති හිරිගල් පරත් මෙම සතුන්ගේ තැනිම් ය. මෙම සතුන් ව්‍යූහය ගැනත් කෘත්‍යයන් ගැනත් වර්ගීකරණය ගැනත් බොහෝ කරුණු ඉදිරිපත් කර ඇත. පිහිටීම සහ වැඩීම කොරල් සදහා උෂ්ණ ගැඹුරින් අඩු ජලය අවශ්‍ය ය.
මෙම උෂ්ණ කලාපිය සහ අර්ධ උෂ්ණ කලාපීය පෙදෙස්වල දුපත් අසල වෙරළ වල් වලට සිමා වී ඇත. සෙන්ටිග්‍රේඩ් අංශක දහ අටට (180c) වඩා අඩු උෂ්නත්වයක මෙම සතුටුන්ට වැඩි කාලයක් ජිවත් විය නොහැක. එහෙත් සෙන්ටිග්‍රේඩ් අංශක විසි දෙකට (220c) වඩා උෂ්නත්වයේ ඉතා හොදින් වැඩේ. දකුණු ඇමරිකාවේ සහ අප්‍රිකාවේ බටහිර වෙරළ බඩ පෙදෙස්වල කොරල් පර දැකගත නොහැක. කැරිබියන්, ෆ්ලොරිඩා, බර්මියුඩාව, බටහිර දුපත් සහ පැසිපික් සාගර පෙදෙස්වල නැගෙනහිර අප්‍රිකානු වෙරළ සිට ඉන්දියන් සාගරයේ ඇති සෑම දුපතක් සහ සාගර වෙරළබඩ තිරයේත් - මලයාව, පිලිපීනය, ඔස්ට්‍රේලියාව සහ හවායි පැසිපික් දුපත් වල ද දක්නට ලැබේ. ඔස්ට්‍රේලියාවේ උතුරු නැගෙනහිර පෙදෙස්වල විශාල හිරිගල් පර ඇති හිරිගල් නමින් හදුන්වන මුහුද ඇත. මෙම හිරිගල් පර 50m වඩා ගැබුරෙහි නැතත් 30m උඩ මුහුදෙහි ඉතා හොදින් වැඩි ඇත.
නිතර නිතර වැඩෙන රළ පහර ඇති ස්ථාන වල විශාල හිරිගල් වර්ග දක්නට ඇත. මෙහි පැතලි හෝ රවුම් වූ අතු විහිදී නැති හිරිගල් වර්ග දැක ගත හැක. ඒ අයුරින් ම කෙටි මහත් වූ පළල් පාදස්ථ පෙදෙස් ඇති කොරල් ද මෙම ස්ථාන වල ඉතා හොදින් වැඩේ. හිරිගල් පරයේ පිටුපසට වන්නට දක්නට ඇත්තේ කඩෙන සුළු අතු විහිදී ගිය හිරිගල් ය. මෙම කොරල් නිශ්චල වතුරට සිමා වී ඇත. පරිසරය අනුව වෙනස්වීම් දක්නට ඇත. කලින් ස්ථිර විශේෂ වශයෙන් සදහන් කළ හැකි වර්ග අද පරිසරය අනුව වෙනස්ව ඇත. ආලෝකය සහ අවසාදන ප්‍රමාණයේ හිරිගල් පර වල කොරල් වල ව්‍යාප්තිය කෙරෙහි බලපායි. සෙවණ ඇති පෙදෙස්වල විශේෂයෙන් ම මෙම වර්ග නැති වී යයි.
නැතහොත් වැඩිම සිදු නොවේ. අවසාන ප්‍රමාණය වැඩි වීම නිසා සමහර විට පක්ෂම ක්රයාවල නියම අයුරු සිදු නොවීමෙන් වැඩිම ඉතා දුර්වල වේ. ඒ අයුරුම ජලයෙන් පිටත හිරු එලියෙ ද වැඩි කාලයක් ජීවත්වීම නොහැකි ය. තවත් හිරිගල් කොරල් වල ජිවත් වීමට අහිතකර දෙය වර්ෂාපතනයයි. වැසි වැසීමත් මිරිදිය මිශ්‍ර විමත් නිසා ලවණතාවය අඩු වීම කොරල් නැති වී යාමට තවත් එක් හේතුවකි. හිරිගල් පර සෑදීමට නොහැකි කොරල් වර්ග මීටර් 50 වඩා ගැබුරු මුහුදෙහි ඇත. 50-75 m පමණ ගැබුරෙහි ජිවත් වන්නේ හිරිගල් පර සෑදීමට හැකියාවක් ඇති කොරල් වලට සමාන තනිව ජිවත් වන කොරල් ය. ඉතාමත් ගැබුරු මුහුද වන මීටර් දහස් ගණනක් මුහුදු පතුලෙහි ජිවත් වන කොරල් ය. ඉතාමත් ගැබුරු මුහුදෙහි තනිව ජිවත් වන කෝප්ප බදු කොරල් සහ අතු විහිදී ගොස් ජීවත්වන කඩෙන සුළු කොරල් වර්ග ඇත.