ලෝක නිෂ්පාදන කර්මාන්ත ආශ්‍රිත ගැටලු - සාමාන්‍යපෙළ භූගෝල විද්‍යාව

ලෝක නිෂ්පාදන කර්මාන්ත ආශ්‍රිත ගැටලු

මිනිසා අවශ්‍යතා සපුරාලීම සදහා ලෝකයේ නිෂ්පාදිත කර්මාන්ත විශාල දායකත්වයයක් ලබා දී තිබේ.

එසේ වුවද කාර්මික දියුණුව නිසා මිනිසා ඇතුළු සමස්ත පථිවි ගෝලයට ම විවිධ අයුරින් බලපාන ගැටළු රැසක් මතු වෙමින් පවතී. නිෂ්පාදන කර්මාන්ත ආශ්‍රයෙන් පැන නැගී ඇති ගැටලු ක්ෂේත්‍ර කිපයක් ඔස්සේ හදුනා ගැනීමට පුළුවන්.

අමුද්‍රව්‍ය ආශ්‍රිත ගැටළු

  • දිගු කාලීන භාවිතය නිසා අමුද්‍රව්‍ය ක්ෂය වෙමින් පැවතීම.
  • ස්වභාවික අමුද්‍රව්‍ය වෙනුවට කෘතීම අමුද්‍රව්‍ය යොදා ගැනීමට සිදුවීම
    (නිදසුන් -කෘතීම රබර් කෘතීම කෙදි)

ශ්‍රමය ආශ්‍රිතගැටළු

  • කර්මාන්ත ශාලා යාන්ත්‍රික ශ්‍රමයට නැඹුරු වීම නිසා විශාල රැකියා හිගයක් ඇති වීම
    ( නිදසුන් රොබොට් තාක්ෂණය )
  • පුහුනු ශ්‍රමිකයන් හිග වීම.
  • ශ්‍රම වියදම් වැඩි වීම .
  •  කම්කරු ගැටලු ඇති වීම‍.
  • යාන්ත්‍රීකරණය වීම නිසා මිනිස් ශ්‍රමයට ඇති වටිනාකම අඩු වීම.

පාරිසරික ගැටලු

  • ගොඩබිම්, වායුව, ජලය හා සාගරපත්ල ද දුෂණයට ලක් වීම.
    ( සායම් ,තෙල් වර්ග ,විෂ ද්‍රව්‍ය එක්වීම )
  • රසායනික පොහොර වල්නාශක, කෘමිනාශක සහ විවිධ හෝමෝන වර්ග භාවිතය නිසා සමහර ශාක හා සත්ත්ව ප්‍රජාවන් වදවීම හා නව සත්ත්ව, ශාක වර්ග බිහිවෙමින් පැවතීම.
  • කාර්මික අපද්‍රව්‍ය මුදාහැරීමේ ගැටලුව
  • බැරලෝහ අංශු ( රසදිය ,ඊයම් ) ජෛව පද්ධතියට එක් වී ශාක හා සත්ත්ව ජාන විකෘති වීම.
  • ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම ,කාලගුණ විපර්යාස ඇති වීම ,අම්ල වැසි නිර්මාණය වීම ,භූතය ජලය දුෂණය වීම.
  • කාර්මික දියුණුවට සමගාමී ව විද්‍යුත් උපාංග හා උපකරණ අපද්‍රව්‍ය ලෙස එක් රැස් වීම.
  • ජෛව තාක්ෂණයේ දියුණුවත් ලොව නොති බු වෛරස් දිලීර හා බැක්ටීරියා වැනි රෝග කාරක පැතිරීම.

සමාජ ආර්ථික හා සංස්කෘතික ගැටලු

  • කාර්මික අමුද්‍රව්‍ය හා නිමි ද්‍රව්‍ය වෙළෙදපොළ පුළුල් කිරීමට දරන උස්සාහය නිසා රට වල් අතර ගැටුම් කාරී තත්ත්වයක් උද්ගත වීම.
  • කීර්තිමත් ‍වෙළෙද ලාංඡන ( brands )යටතේ අනුකරණය ( duplicate ) භාණ්ඩ වෙළෙදපොළට පැමිණීම.
  • බහුජාතික සමාගම්වල බලපෑමට හසු වීම.
  • පාරිභෝගික අවශ්‍යතාවලට වඩා ලාභ ඉපයීමට මූලිකත්වය දීම.
  • විද්‍යුත් නිෂ්පාදන වල අධිසංවේ දී පද්ධති ( sensor) යළි සකස් කළ නොහැකි වීම නිසා අලුත්වැඩියා කටයුතු වල දී වියදමි අධික වීම
  • යුධ අවි නිෂ්පාදනය නිසා ලෝක සාමයට බාධා ඇති වීම.
  • කාර්මිකරණයත් ( industrialization ) සමග ම සිදුවන නාගරීකරණය (urbanization ) හේතුකොටගෙන පැල්පත්, මුඩුක්කු වැනි වාසයට නුසුදුසු ජනාවාස බිහි වීම.
  • මංකොල්ලකෑම්, අපරාධ හා වංචනික ක්‍රියාවන්ට සමාජ කොටස් පෙළඹීම.

වෙළෙපොළ ආශ්‍රිත ගැටලු

  • තරගකාරී වෙළෙදපොළ සදහා දැරීමට සිදුවන ප්‍රචාරණ වියදම් භාණ්ඩ මත පැටවීම නිසා භාණ්ඩ මිල ඉහළ යාම.
  • අතීතයේ බටහිර යුරෝපා රටවල් වලට උරුම වී පැවති වෙළෙදපොළ නැගෙනහිර ආසියානු කලාපයට මාරු වීම නිසා යුරෝපා රට වල ආර්ථික අර්බුද හට ගැනීම.
  • විවිධ භාණ්ඩ සදහා ආදේශක වෙළෙදපොළට ඉදිරිපත් කිරීම.
  • වෙළදපොළේ ඉල්ලුමට සරිලන නිෂ්පාදන ප්‍රමාණවත් නොවීම.

බලශක්තිය ආශ්‍රිත ගැටලු

  • න්‍යෂ්ටික බලශක්ති නිසා ඇති වන පාරිසරික ගැටලු . ( ජපානයේ න්‍යෂ්ටික බලාගාරවලින් සිදු වූ විකිරණ කාන්දුව )
  • බලශක්ති සංචිත පවත්නා රට වල් දේශපාලන අරගලවලට මුහුණ දීම . ( මැදපෙරදිග ඛණිජ තෙල් සම්පත් ඇති කලාපයේ දේශපාලන අරගල )
  • බලශක්ති සම්පත් ක්ෂයවෙමින් පැවතීම.
  • ඛනිජ තෙල් මිල වෙනස් වීම.
  • බලශක්ති මූලාශ්‍රයක් ලෙස න්‍යෂ්ටික බලය වැදගත් වුව ද වෙනත් කාර්යයන් සදහා අයුතු ලෙස යොදා ගැනීම නිසා වන ගැටලු.

ප්‍රාග්ධන ආශ්‍රිත ගැටලු

  • ප්‍රාග්ධනය හිගය
  • ප්‍රාග්ධන ආයෝජනය හේතුකොට ගෙන රාජ්‍යයන්ට පාලනය කළ නොහැකි අයුරින් බහුජාතික සමාගම් බලවත් වීම.
  • අධික වියදමක් දැරීමට සිදුවීම.