සුභවාදී බව
ව්‍යවසායකයා යමක් දෙස බලන්නේ ක්‍රියා කරන්නේ ධනාත්මක සිතුවිලි වලට අනුවයි.ඔහු තුල නැහැ බැහැ යන වචන නැත.ඔහු කිසිවිටක අඳුරු සෙවනැලි නොදකී.
ව්‍යවසායකත්වයේ වැදගත්කම හා අවශ්‍යතාව
මෙහිදී විශේෂ අවදානය යොමු කරන්නේ සුලු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සම්බන්ධයෙනි ඒවා අනුව ගත් විට ව්‍යවසායකත්වයේ වැදගත් කම පහත පරිදි පෙන්විය හැකිය.
ආර්ථික වර්ධනය හා සංවර්ධනය
ඵලදායීකත්වය හා තාක්ෂණයට
නිෂ්පාදකයාට හා සේවා වර්ධනයට
ආර්ථික වර්ධනය හා සංවර්ධනයට
ව්‍යවසායකයා විසින් නව ව්‍යාපාර අවස්ථා ඇතිකරන නිසාත් එක් ව්‍යාපාර අවස්ථාවක් හේතුකොට ගෙන තවත් ව්‍යාපාර අවස්ථා බිහිවේ.
එම තත්වය රටේ ජාතික නිෂ්පාදනය ඉහල යාමටත් ඒකපුද්ගල ආදායම ඉහල යාමටත් රැකියා වියුක්තියට පිළියමක් වශයෙන් ද එය හේතු කොට ගෙන ජනතාවගේ ජීවන තත්වය යහපත් මට්ටමකට ගෙන ඒමට හැකි වන නිසා එය ආර්ථික වර්ධනයකට හා සංවර්ධනයකට ඉවහල් වේ.
ඵලදායිකත්වයට හා තක්ෂණයට
ව්‍යවසායකයා නිරන්තරයෙන්ම නව අදහස් නව භාණඩ හා සේවා බිහි කරයි. මෙහිදී ඵලදායිකත්වයට හා තාක්ෂණයට මුල්තැනක් දෙමින් නවව්‍යාපර ඇති කරන නිසා එයද රටකට ඉතා වැදගත් වේ
ඵලදායිතාවය : අඩු යෙදවුම් ප්‍රමාණයකින් වැඩි නිමවුමක් ලබා ගැනීමට හෝ වැඩි නිමවුමක් සඳහා යෙදවුම් අඩුවෙන් භාවිතා කිරීම මින් අදහස් කරයි.
තාක්ෂණයට : නව්‍යතා සම්පාදනය සඳහා භාවිතා කරන ලද නවවිද්‍යාත්මක දැනුම ප්‍රායෝගික භාවිතයට ගැනීම තාක්ෂණය ලෙස හඳුන්වයි.
නිෂ්පාදනයට හා සේවා වර්ධනයට
කිසියම් ව්‍යාපාරයක් හෝ ව්‍යාපාරිකයෙක් නවව්‍යාපාර අවස්ථාවක් බිහිආ කිරීම මගින් භාණ්ඩ හා සේවා බිහි කරයි.එනම් නිෂ්පාදනය සිදුකරයි.
එම නිෂ්පාදන බෙදා හැරීමට වෙළඳපොලට පත් කිරීමට අනෙකුත් සේවාවන්ද අවශ්‍ය වේ.එමගින් වෙළඳපොල ප්‍රසාරණයක් සිදුවේ.
එක් ව්‍යවසයකයකු විසින් පරිඝණකය සොයා ගැනීමත් සමගම ඒ වටා වෙනත් ව්‍යාපාරික අවස්ථා ගණනාවක් බිහිවී ඇත. ඒවා නම්
මීට අමතරව ශ්‍රම සූක්ෂම නිෂ්පාදන අවස්ථා බිහිවන නිසා නව රැකියා අවස්ථා බිහිවීම භාණ්ඩ හා සේවා වල මිල පහළ යන නිසා රටේ ජනතාවගේ ජීවන තත්වය ඉහල යාම භාණ්ඩ හා නිෂ්පාදනය වැඩිවීම යනාදිය දැක්විය හැකිය
රටකට සැලසෙන සේවා
ව්‍යවසාය ව්‍යාපරයක දැකිය හැකි ලක්ෂණ
රටක ව්‍යවසයකත්වය වර්ධනය වීම එම රටේ ආර්ථික හා සමාජීය සංවර්ධනයට බෙහෙවින් බලපායි.ව්‍යවසයකත්ව කුසලතා පිබිදීමට හිතකර වාතාවරණයක් රටක තිබිය යුතුය ඒ සඳහා රජයකට ගත හැකි ක්‍රියා මාර්ග ගණනවකි.
ව්‍යවසායකුගේ කාර්යයන්
රටක ව්‍යවසයකයින් බිහිවීමට යෝග්‍ය ආර්ථික සමාජ හා දේශපාලන පරිසරයක් තිබීම අත්‍යවශ්‍ය සාධකයකි.මෙම කරුණු යහපත් මට්ටමක පවතින විට නව ව්‍යවසායකයින් බිහිවන අතර එය රටෙහි සංවර්ධනයට හේතු වෙයි.එම පරිසර සාධක ඇතිනොවන විට ව්‍යවසායකයින් අඩපන වන අතර රටෙහි ආර්ථික පිරිහීමට එය හේතුවක් වේ.
ව්‍යවසායකත්වය සංවර්ධනය සඳහා යෝග්‍ය පුහුණු වැඩ පිළිවෙලවල් තිබිය යුතුයි.ඒ සඳහා පුහුණු කිරීම් වෙනුවෙන් රජය මැදිහත් වි හෝ වෙනත් ආයතන මගින් එය සිදුකල යුතුය.එවැනි ආයතන ලෙස
.