ඔවුන් විශාලයි, රස්නෙයි ඒ වගේම විශ්වයේ හැම තැනම තියනවා. අපේ ජීවය අපිට ලගින්ම තියන තරුවේ දෛවයත් එක්ක සම්බන්ධවෙලයි තියෙන්නේ. තරුවක් ග්රහමණ්ඩලයක ප්‍රධානියා වනවා වගේම ජීවයක ආරම්භයටත් සම්බන්ධ වනවා.
පැහැදිලි රාත්‍රී අහසකඅපිට තරු තුන්දහසකට අධික සංඛ්‍යාවක් දැකිය හැකියි නමුත් ඒ ගණනය කල නොහැකි විශාල සංඛ්‍යාවකින් ඉතා අල්ප ප්‍රමාණයක් පමණයි. අපේ මණ්දාකිනියේ පමණක් තරු බිලියන සියයකට අධික ප්‍රමාණයක් තියෙනවා ඒ වගේම මේ වන විට මණ්දාකිනි බිලියනයකට අධික සංඛ්‍යාවක් සොයාගෙන තියෙනවා ඒ කියන්නේ මේ විශ්වයේ තියෙන තරු සංඛ්‍යාව දැනට පවතින තාක්ෂණයත් එක්ක ගණනය කරන එක ගැන හිතන්නවත් අමාරුයි.
ඇත්තෙන්ම මේ වන විට තරු ගැන අපිට පවතින්නේ සුළු දැනුමක් පමණයි. ඒ දැනුමත් අපිට හම්බවුනේ අපිට ලගින්ම තියෙන තරුව “ඉර“ නිසයි. ඉර තමයි අපේ සෞරග්‍රහමණ්ඩලයේ නායකයා. ඒ කියන්නේ අපේ පාලකයා. විද්‍යාඥයන් පවසන විදියට අපේ ඉර අවුරුදු බිලියන හතරයි දශම හයක් වයසයි ඒ වගේම ඉර අපිට සැතපුම් මිලියන අනූ තුනක් පමණ දුරකින් තියෙන්නේ. මේ ඉර තමයි අපේ පෘතුවියේ තියෙන සියළුම ජීවීන්ට ජීවත් වන්න සහය වන්නේ.
ඉරේ විශ්කම්භය කිලෝ මීටර් මිලියනයකට වඩා විශාලයි. ඇත්තෙන්ම අපේ ඉර අනෙකුත් තරු සමග සංසන්ධනය කෙරුව හොත් ඉතා කුඩා තරුවක්. “ඇටකැරනී“ තරුව අපේ ඉරවගේ මිලියන පස්ගුණයක් විශාලයි. “බීට්ල් ජූස් “ තුන්සිය ගුණයක් විශාලයි “ඇටකැරනී“ තරුවට වඩා. “වී. වයි කැමස් මැජෝරෙස්“ කියන තරුව තමයි මේ වන විට සොයාගෙන තියෙන විශාලතම තරුව එය අපේ ඉර වගේ බිලියනයක් විශාලයි.
විශ්වයේ තියෙන බලවත් වස්තුවක් තමයි තරුවක් කියන්නේ. තරුවක් නිර්මාණය වන්න ප්‍රධාන අවශ්‍ය වන්නේ හිය්ඩ්රජන් වායුව අධික ගුරුත්වාකර්ශන බලයක් සහ කාලය. ගුරුත්වාකර්ශන බලය හයිඩ්රජන් වායුව ඇදගන්නවා. එසේ ඇදගන්නා වායුව අධික පීඩනයකට ලක්වෙනවා. එසේ අධික පීඩනයකට ලක්වන වායුව රත්වනවා. එසේ රත්වුන හයිඩ්රජන් අධික වේගයකින් එකිනෙකට ගැටෙනවා එසේ ගැටීමෙන් හයිඩ්රජන් පරමාණුවේ ඇති ශක්තිය නිකුත් වනවා එවිට හීලියම් වායුවත් නිපදවෙනවා. මෙම ක්‍රියාවලිය අධික ගුරුත්වාකර්ශනය නිසා සිදුවන්නක්. මෙම දහනය නිසා ඉතා අධික ශක්තියකුත් නිකුත් වනවා. ඒක තමයි තරුවක රහස. අන්න ඒ නිසයි තරුවක් බැබලෙන්නේ. එලෙස බිහිවන නව තරුව අවුරුදු මිලියන ගණනක් ඉතා දීප්තිමත්ව සහ අධික ශක්තියක් නිකුත්කරමින් අවට තිබෙන වායුව තව තවත් එයාගේ ගුරුත්වාකර්ශනය හසුකරගෙන තවත් අවරුදු බිලියන ගණනක් ජීවත්වනවා.
මෑතක් වන තුරුත් තරුවක් ඇතුලේ මොනවා වෙනවද කියලා කවුරුවත් දැනගෙන හිටියේ නෑ. ඒක හොයාගන්න උදව්වුනේ ඇල්බට් අයින්ස්ටයින් කියන විද්‍යාඥයයි. ඔහු හදුන්වා දුන් සමීකරණ නිසා දැන් අපි දන්නවා ඇත්තටම තරුවක් ඇතුලේ මොනවද වෙන්නේ කියලා. එම සමීකරණයට අනූව පරමාණු එකකට එකක් ගට්ටනය වීමේදී එම පරමාණුවලින් ඉතා විශාල ශක්තියක් නිකුත් වන බවට සනාත වුනා. අන්න ඒ ක්‍රියාවලිය තමයි තරුවක් ඇතුලේ සිද්ද වෙන්නේ. එම සමීකරණයට අනූවම තමයි මේ වන විට පරමාණු බෝම්බ සහ පරමාණු බලාගාර නිර්මාණය වුනේ. එහෙනම් තරුවක් ඇතුලෙත් සිද්දවෙන්නේ හයිඩ්රජන් පරමාණු බෝම්බ පිපිරවීමක්. තත්පරයට පරමාණුබෝම්බ බිලියනයකටත් අධික පිපිරවීම් තරුවක් ඇතුලේ සිද්ද වෙනවා. අන්න ඒ විදියට අපේ ඉර ආලෝකය නිකුත් කරනවා නමුත් ඉරේ ඇති ගුරුත්වාකර්ශනය ආලෝකය ඒ කියන්නේ ෆෝටෝන අවුරුදු බිලියන ගණනක් හිරකරගෙන තබා ගන්නවා. එලෙස අවරුදු ගණනක් ඉර ඇතුලේ හිරවෙලා තිබුන ෆෝටෝන නිදහස් වෙලා පෘතුවියට ලගාවෙන්න ගතවන්නේ විනාඩි අටක පමණ කාලයක්. නමුත් අනෙක් තරුවලින් ආලෝකය අපට ලැබෙන්නේ අවුරුදු මිලියන ගණනකට පස්සෙයි.
කොහොම නමුත් ඕනෑම දෙයක ආරම්භයක් වගේම අවසානයකුත් තියනවා. තරුවක ඇති හයිඩ්රජන් වායුව දහනය වී අවසන් වු පසු එහි ඇති වායුව ප්‍රසාරණය වනවා එවිට ඒ තරුවේ ප්‍රමාණය ද විශාල වන අතර එය රතු පාට වනවා. අපේ ඉර තවත් අවරුදු මිලියන ගණනකින් එලෙස අවසන් කාලයට ලගා වෙනවා. ඒ වෙනකොට පෘතුවියේ උශ්ණත්වය සෙල්සියස් අංශක දහස් ගණනක් වන අතර ජීවයක් නොමැති තත්ත්වයකට පත්වෙයි. ඉන්පසු ඉර පෘතුවිය ගිලගනි.
හයිඩ්රජන් ඉවරවුන තරුවක් එහි ඇති හීලියම් දහනය කරන්න පටන් ගන්නවා හීලියම් දහනය වීමේදී කාබන් නිර්මාණය වන අතර තරුවේ ඇතුලේ සහ පිටත ස්තරයන් වල කාබන් එකතුවනවා නමුත් ගුරුත්වාකර්ශනය එම කාබන් අධික පීඩනයකට ලක්කරගන්නවා ඉන්පසු පිරිසිදු කාබන් පමණක් ඉතුරුවනවා එය පෘතුවියටත් වඩා කුඩා විය හැකි. එයට අධික ස්කන්ධයක් හිමිවනවා. එහි ඇතුලත දියමන්ති පමණක් ඉතුරු වේවී කියා විද්‍යාඥයින් විශ්වාස කරනවා. අන්න ඒ විදියටත් තරුවක අවසානය සිදුවිය හැකියි. විශ්වාස කරන්න පුලුවන්ද අහසේ දියමන්ති වලින් පමණක් නිර්මාණය වුන වස්තුවක් ? ඔව්, විද්‍යාඥයන් විශ්වාස කරනවා ඒ විදියට අපේ ඉරත් අවසන් වේවි කියා.
නමුත් සමහර තරු පිපිරෙනවා. විශාල තරු ඉතා විශාල ගුරුත්වා කර්ශනයක් සහිතයි. එම ගුරුත්වා කර්ශනය නිසා හීලියම් වලට අමතරව ස්කන්ධය වැඩි මූලද්‍රව්‍ය නිර්මාණය කරනවා. තරුවක් එලෙස ස්කන්ධය වැඩි මුලද්‍රව්‍ය නිර්මාණය කරන අතර තුර යකඩ නිර්මාණය වුවහොත් එම තරුව විනාශ වනවා. ඇත්තටම යකඩ තරුවක විනාශයකට මුලයි. යකඩ කියන මූලද්‍රව්‍ය ශක්තිය උරාගන්නවා. නමුත් ගුරුත්වාකර්ශනය එම යකඩ තව තවත් පීඩනයට ලක්කරනවා එවිට තරුවේ ඇතුලත සහ පිටත ස්තරයන් පීඩනයට හසුවනවා එවිට ඇතිවන ශක්තිය පිපිරීමක් මගින් නිකුත්වනවා. එම පිපිරීම සුපර් නෝවා ලෙස හදුන්වනවා. ඉතා විශාල පිපිරීමක් නම් එය හයිපර් නෝවා ලෙස හදුන්වනවා.
#The stars are big and hot.