තාරකා විද්‍යාව ට අත්වැලක් ( 03 කොටස )
(මෙම ලිපි පෙළ පාසල් පෙළ පොත් , පුවත් පත් , අතිරේක පොත් හා අන්තර්ජාලය අැසුරින් සැකසුණි.)
ග්රහ වස්තු සූර්යයා වටා වෘත්තයක අාකාරය ට ගමන් කරන බව නිකලස් කොපර්නිකස් ප්‍රකාශ කළේය. ග්රහ වස්තු සූර්යයා වටා වෘත්තයක අාකාරය ට ගමන් නොකරන බවත් එ්වා සූර්යයා වටා ඉලිප්සයක අාකාරය ට ගමන් කරන බව ත් ගැලීලියෝ ගැලිලි තම මතයෙන් ප්රකාශ කළේය.
රොකට් තාක්ෂණයේ අාරම්භය චීන ගිණි කෙළි ය.මෙම තාක්ෂණය යුරෝපය ට පැමිණීමත් සමග යුරෝපය තුළ රොකට් තාක්ෂණය දියුණු විය.
වස්තුවක් මත බාහිර අසංතුලිත බලයක් නොයෙදෙන තුරු නිශ්චල වස්තු නිශ්චල ව ද චලනය වන වස්තු එ්කාකාර ප්රවේගයෙන් සරල රේඛීයව චලනය වෙමින් ද පවතී.
වස්තුවක් මත යෙදෙන බාහිර අසංතුලිත බලය එහි ගම්යතාවය වෙනස් වන ශීඝ්රතාවය ට අනුලෝම ව සමානුපාතික වේ.
සෑම ක්රියාවකට ම සමාන වූ ද දිශාවෙන් ඊට ප්රතිවිරුද්ධ වූ ද ප්රති ක්රියාවක් අැත. ( රොකට් තාක්ෂණයේ දී මෙම මූල ධර්මය යොදා ගැනේ. )
මෙම මතවාදය මගින් නිවුටන් නියමවල පැවති අඩු පාඩු මග හරවා ගත හැකි විය. මෙමගින් අවකාශය තුළ සියලු චලිත එකිනෙක ට සාපේක්ෂ බව ත් නිරපේක්ෂ චලිත නොමැති බවත් පෙන්වා දුන්නේය. මෙහි දී අැල්බට් අයින්ස්ටයින් විසින් අංශුවක ට යා හැකි උපරිම ප්රවේගය අාලෝකයේ ප්රවේගය බව ත් ඊට වැඩි ප්රවේගවලින් ගමන් ගන්නා වස්තූන් හි ස්කන්ධය අනන්තයක් ද දිග ඍණ අගයක් ද ගන්නා බව පෙන්වා දුන්නේය.
20 වන සියවස වන විට ලොව බලවතුන් ව සිටියේ මහා බ්රිතාන්යය , ප්රංශය අාදී රටවල් ය. ක්‍රි.ව. 1945 අගෝස්තු මස අවසන් වූ දෙවන ලෝක මහා සංග්රාමයත් සමග රුසියාව සහ අැමරිකාව ලොව බලවතුන් බව ට පත් විය. රුසියාව සමාජවාදයේ අාරක්ෂකයෙකු ලෙසත් අැමරිකාව ධන වාදයේ සහ ප්රජා තන්ත්රවාදයේ අාරක්ෂකයෙකු ලෙසත් කට යුතු කරන්න ට විය. මේ අනුව තාක්ෂණය අතින් ඉදිරිය ට පැමිණිම සදහා මෙම රටවල් දෙක අතර සීතල යුද්ධයක් අැති විය.
රුසියාව හා අැමරිකාව අතර අැති වූ සීතල යුද්ධය නිසා පළමුව මිනිසෙකු අභ්යවකාශගත කිරීම ට රුසියාව මෙන්ම අැමරිකාව ද කටයුතු කළ නමුත් රුසියාව ට එහි ජය අත් විය. එ් අනුව යූරි ගගාරින් නම් ගගන ගාමියා 1961 අප්රේල් මස 12 වන දා වොස්ටොක් 1 නම් අභ්යවකාශ යානයේ නැගී අභ්යවකාශ ට ගොස් යළි පැමිණියේ ය.
චන්ද්රයා වෙත පළමුව මිනිසෙකු යැවීම ට රුසියාව මෙන්ම අැමරිකාව ද කටයුතු කළ නමුත් අැමරිකාව ඉන් ජය ලැබීය .එ් 1969 ජුලි මස 21 වන දා අැපලෝ 11 යානය මගින් ගමන් කළ නීල් අාම්ස්ට්රෝන් චන්ද්රයා මත පා තැබීමත් සමග ය.
සෝවියට් රුසියාව බිද වැටීමත් සමග ම මෙම සීතල යුද්ධය හෙවත් නිරවි යුද්ධය අවසන් විය.