බලශක්ති අර්බුදය සහ ඊට පිළියම් (2)
(විද්‍යාව පෙළ පොත් ,විජය පුවත්පත හා අන්තර්ජාලය අැසුරෙනි)
පරමාණුවක න්‍යෂ්ටිය නියුට්‍රෝන නම් අංශු යොදා ගනිමින් විඛණ්ඩනය කර න්‍යෂ්ටික ශක්තිය ලබා ගනී. මෙමගින් බොහෝවිට විදුලිය නිපදවා ගනී.
ද්විතීයික ශක්ති සම්පත්
බහුල ව භාවිත කරනු ලබන ද්විතීයික ශක්ති සම්පත් විශේෂය කි. මේවා නිපදවීම ට විවිධ ප්‍රාථමික ශක්ති සම්පත් භාවිත කරයි.
විදුලිය නිෂ්පාදනය ට භාවිත කරන විවිධ ථමික ශක්ති සම්පත්
ලංකාව යනු භූ විෂමතාවෙන් අනූන රටකි. ලෝකයේ ජල විදුලිය නිපදවන රටවල් ඇත්තේ අතළොස්සක් පමණකි. ඒ ලෝකයේ බොහෝ රටවල් ජල විදුලිය උත්පාදනය කරන්නට තරම් භූ විෂමතා නොමැති වීමේ හේතුව මත ය. එම රටවල් විදුලිය නිෂ්පාදනය සඳහා විකල්ප සාධක ලෙස ඛනිජ තෙල් හා ගල් අඟුරු යොදා ගනී.
බි්රතාන්යයේ තවමත් බලශක්ති වලින් 33% ක් පමණ උපයා ගන්නේ ගල් අඟුරු තාප බලාගාර අනුසාරයෙනි. එය ලාභදායී මෙන්ම අඩු මිලක් යටතේ ගත හැකි තත්ත්වයක පවතී.
ඕනෑ ම දෙයක යහපත් පැතිකඩක් මෙන් ම අයහපත් පැතිකඩක් ද පැවතිය හැකිය. ගල් අඟුරු තාප බලාගාර දැවැන්ත ලෙස පරිසර දුෂණ කාරකයක් බව ට පත්වන්නේ ඒ අනුව ය. ගල් අඟුරු තාප බලාගාර මගින් සල්ෆර් ඩයොක්සයිඩ් (SO2) නිෂ්පාදනය වෙන අතර සල්ෆර් මූලද්‍රව්‍ය පරිසරයට නිකුත්වීම බරපතළ ලෙස හරිත ආවරණය ට හානිකර වෙයි.
ප්‍රතිචක්‍රීය කරණය ට ලක්කළ ගල් අඟුරු ලෝකයේ පවතින තවත් විකල්ප බලශක්ති ක්රමයකි. එකී ක්‍රමවේදය ඔස්සේ විදුලිය උත්පාදනය කෙරෙන්නේ ගල් අඟුරු පිච්චීමෙන් හයිඩ්රජන් වායුව ලබා ගැනීමෙන් පසු එම වායුව විදුලි උත්පාදනය ට යොදා ඉතිරි වන අපද්‍රව්‍ය සියල්ල නැවත භූගත කිරීමෙනි. එයින් පරිසර හානිය අවම වේ.
ප්‍රතිචක්‍රීය කරණය ට ලක්කළ ගල් අඟුරු විදුලි උත්පාදන ක්‍රමවේදය පරිසර හිතකාමී විදුලි උත්පාදන ක්රමවේදයකි. නිෂ්පාදන පිරිවැය තරමක් අධික වුව ත් පරිසර හිතකාමී මෙම විදුලි උත්පාදන ක්‍රමය රටක ට වඩා හිතකර වෙයි.
න්‍යෂ්ඨික බලය විදුලි උත්පාදන ක්‍රමය ද ලෝකයේ පවත්නා තවත් විදුලිබල උත්පාදන ක්රමයකි. ජන ජීවිතය ට එල්ල විය හැකි අවදානම අධික වෙන පසුබිමක් මෙම විදුලි උත්පාදන ක්රමයේ අන්තර්ගතයේ පවතින හෙයින් අවදානම වළක්වා ගැනීම ට අවශ්‍ය තාක්ෂණික අධ්‍යනයක් කර මෙම විදුලි උත්පාදන ක්‍රමවේදය පිළිබඳව අවධානය යොමු කළ හැකිය. එහෙත් ජාත්‍යන්තර පරමාණු බලශක්ති අධිකාරිය වැනි ආයතනවල අනුමැතිය ලබාගැනීම අප වැනි තුන්වැනි ලෝකයේ රටක ට ඉතා දුෂ්කර කාර්යයකි. මෙම විදුලි උත්පාදන ක්‍රමය ලංකාව ට සුදුසු වුවත් අවශ්‍ය තාක්ෂණික අධ්‍යයන සිදුකර අවශ්‍ය විදුලි උත්පාදන ක්‍රමවේදය කෙරෙහි යොමු වන්න ට ආර්ථික හැකියාවක් නැති බව අදාළ බලධාරීන්ගේ මතය යි. සුළු ඉඩකඩක් තුළ ඉදිකරන ලද න්‍යෂ්ටික බලාගාරයක් තුළින් අවම අමුද්‍රව්‍ය යෙදවීමෙන් ලොව වෙනත් සියලූ ම විදුලි උත්පාදන ක්රමයන් ට වඩා වැඩි ධාරිතාවක් ලබාගත හැකි වුවත් ඒ සඳහා වූ ආරක්ෂණ ක්‍රමවේදයක් ගොඩනැගීමේ හැකියාව අප රට ට නැත.
ස්වීඩනය, විදුලි බලය ජනනය සඳහා ඛනිජ තෙල් දැවීම වෙනුව ට යුරේනියම් විඛණ්ඩනය කිරීමෙන් විදුලිය ජනනය කිරීම දශක දෙකක් ඇතුළත පටන් ගත්තේ ය.