මොකක්ද මේ ‘‘රතු දත්ත පොත ’’ (3 කොටස)
(මෙය අන්තර් ජාලය අැසුරින් සැකසිණි.)
මෙම වර්ගය ට අයත් වේ.
අප්‍රිකානු අලියා ,අැමරිකානු පැඩ්ල් ෆිෂ් ,චීටා ,රතු පැන්ඩා මේ සදහා උදාහරණ වේ.
අප්‍රිකානු අළු ගිරවා ,අාසියාතික රන් පූසා ,දිවියා ,ජගුවර් (කොටියා) මේ සදහා උදාහරණ වේ.
අැමරිකානු කපුටා ,බැබූන් ,දුඹුරු වලසා ,දුඹුරු මීයා ,ඔ්කා ,ජිරාෆ් මේ සදහා උදාහරණ වේ.
8.දත්ත ඌනතා සහිත (DD)
යම් ශාක හා සත්ත්ව විශේෂයක් මෙම කාණ්ඩයට අයත් වන්නේ එහි ව්‍යාප්තිය හෝ ගහණයේ තත්ත්වය පිලිබඳව ප්‍රමාණවත් දත්ත නොමැති වීම නිසා හෝ ප්‍රමාණවත් දත්ත නිවැරදි ලෙස රැස් කර ගැනීම ට අැති අපහසුව නිසා ය.
රතු දත්ත පොතක වැදගත්කම
වඳ වී යාම ට ලක් වන හා ලක් වූ ජීවීන් ලයිස්තු ගත කිරීමේ දී රතු දත්ත සමුදාය ලෝකයේ අවදානය දිනා ගන්න ට සමත් වූ වැදගත් පියවරකි. වර්ගීකරණයන් ට අදාළ ජීවීන් සහිත පරිසර කොටස් වෙත විශේෂ අවදානය යොමු කරමින් ඔවුන් රැක ගැනීමට පියවර ගැනීම සඳහා රාජ්‍ය පාලකයන්ගේ ද උනන්දුවක් දක්නට ලැබේ. කෙසේ වුවත් ප්‍රමාණවත් දත්ත නිසි පරිදි ලබා ගැනීමේ අපහසුව , ක්‍රියාකාරී සාමාජික හිගයන්, ඇතැම් රටවල පවතින නීති ක්‍රියාදාමයන් ද රතු දත්ත පොතේ ඉදිරි ක්‍රියාවලින් ට බාධා අැති කරන බව සැලකිය යුතු වේ. එසේ ම සත්ත්ව හා ශාක විශේෂ අති විශාල ගණනක් ලෝකයේ වාසය කරති. ඇතැම් ජීවීන් හඳුනා ගැනීම ට ලක් කිරීමක් කර නොමැති අවස්ථා ද පවතී. එසේ තිබියදී ඔවුන් පිළිබද විශ්ලේෂණය හා ලැයිස්තුගත කිරීම එක්තරා අයුරකින් ප්‍රායෝගික බාධා ඇති කරන්නක් බව ට ද පත්ව තිබේ. එහෙත් වර්තමානයේ ලොව පවතින පිළිගන්නා ලද එකම වර්ගීකරණය හා විශ්ලේෂණය වශයෙන් “රතු දත්ත පොත ” පිළිගැනීමකට ලක්ව තිබේ.