විශ්වයේ අැති මූලද්‍රව්‍ය හා සංයෝග ( 2 කොටස ) ,
ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා අැසුරින් බිහිවුණ සංකේත (ලතින් , ජර්මන් ...)
සංකේතය ඉංග්‍රීසි නම සිංහල නම වෙනත් නම්
- Cu - Copper තඹ කියුප්‍රම්
- Na - Sodium - - - - - - - - - නේට්‍රියම්
- K - Potasium - - - - - - - - - කේලයිම්
- Sn - Tin - - - - - - - - -
- Au - Gold රත්තරන් අවුරම්
- Hg - Mercury රසදිය හයිඩ්‍රොගයිරම්
- Ag - Silver රිදී අාජන්ටම්
- W - Tungsten ටංස්ටන් වෝල්ෆ්‍රම්
- Fe - Iron යකඩ ෆේරම්
- Sb - Antimony අැන්ටිමනි ස්ටැබියම්
- Pb - Lead ඊයම් ප්ලම්බම්
විපර්යාස
මූලද්‍රව්‍ය හා සංයෝග විවිධ විපර්යාසවල ට භාජනය වේ . මෙම විපර්යාස ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි.
- භෞතික විපර්යාස
- රසායනික විපර්යාස
භෞතික විපර්යාස
අාරම්භක ද්‍රව්‍යවල පවතින භෞතික අවස්ථාව පමණක් වෙනස් වෙමින් සිදුවන විපර්යාස භෞතික විපර්යාස නම් වේ . මේවා සිසිල් කිරීම , වාෂ්ප කිරීම වැනි සරල ක්‍රම මගින් යළි යථා තත්වය ට පත් කළ හැක .
රසායනික විපර්යාස
අාරම්භක ද්‍රව්‍යවල පවතින රසායනික සංයුතිය පවා වෙනස් වෙමින් සිදුවන විපර්යාස රසායනික විපර්යාස නම් වේ . මේවා වියෝජනය , විද්‍යුත් විච්ඡේදනය අාදී සංකීර්ණ ක්‍රම මගින් යළි යථා තත්වය ට පත් කළ හැක .
රසායනික විපර්යාසක් වූ බවට සාක්ෂ්‍ය
පරිසරයේ රසායනික ප්‍රතික්‍රියාවක් සිදු වූ බව හදුනා ගැනීමට පහත සාක්ෂ්‍ය උපකාරී වේ .
- උෂ්ණත්වය වෙනස් වීම ( අඩු වීම / වැඩි වීම )
- වර්ණය වෙනස් වීම
- අවක්ෂේප සෑදීම
- ශබ්දය , අාලෝකය නිපද වීම
- ගන්ධයක් අැතිවීම
අැතැම් විට ඉහත නිරීක්ෂණ එකකට වඩා අැති වේ .
සංවෘත පද්ධතියක් තුල සිදුවන රසායනික ප්‍රතික්‍රියාවකදී ස්කන්ධය වෙනස් නොවේ . එනම් ස්කන්ධය සංස්ථිතික වේ .
ඩෝල්ටන් ගේ පරමාණුක වාදය
- සියලු ම මූල ද්‍රව්‍ය පරමාණුවලින් සමන්විත වේ . එ්වා ඉතා කුඩා අංශු වේ .
- යම් මූල ද්‍රව්‍යයක පරමාණු එකිනෙක ට සමාන වේ .
- වෙනස් මූල ද්‍රව්‍යය වල පරමාණු එකිනෙක ට වෙනස් වේ .
- පරමාණු නිශ්චිත අනුපාතවලින් සංයෝජනය වීමෙන් සංයෝග සෑදේ .
- රසායනික ප්‍රතික්‍රියාවක දී පරමාණු අැති වීමක් හෝ විනාශ වීමක් සිදු නො වේ.
මේ වන විට මෙම වාදය බිද වැටී තිබේ .
- පරමාණු උපපරමාණුක අංශුවලින් සෑදී අැති බව සොයා ගැනීම
- මූලද්‍රව්‍ය පරමාණුවක නියුට්‍රෝන ගණන වෙනස් විය හැකි බව සොයා ගැනීම
- සංයෝග සංකීර්ණ අනුපාතවලින් ද සංයෝජනය වන බව අාදිය සොයා ගැනීම මෙම වාදය බිද වැටීම ට බලපා තිබේ.
පරමාණුව පිළිබද න්‍යෂ්ටික අාකෘතිය
- ප්‍රෝටෝන හා නියුට්‍රෝන ඉතා තදින් අැහිරී පරමාණුවේ මධ්‍යයේ පවතී .
- එය පරමාණුවක න්‍යෂ්ටිය නම් වේ .
- ඉලෙක්ට්‍රෝන පරමාණුවේ න්‍යෂ්ටිය වටා චලනයේ යෙදේ .
- න්‍යෂ්ටිය කුඩා වුව ද ස්කන්ධයෙන් වැඩිය .
මෙය නවසීලන්ත විද්‍යාඥ අ`නස්ට් රදර්ෆඩ් විසින් ඉදිරි පත් කරන ලදී .