ගී වර්ගීකරණය - සාමාන්‍යපෙළ සංගීත අපරදිග

ගී වර්ගීකරණය

 ගී වර්ගීකරණය

ශ්‍රි ලන්කාවේ  ගී ප්‍රධාන ලෙස කොටස් දෙකකි.මෙසේ කොටස් කොට දෑක්වීමට පදනම් වනුයේ අදාල ගී නිර්මාණය කරන ලද්දා වු පුද්ගලයන් අනුව හා ඔවුන් කුමක් අරභයා එය නිර්මානය කරන ලද්දේද යන්න හා එම ගී නිර්මාණ කාර්යෙහිලා ඔවුන් යොදාගත් වාග් මාලාවයි..

 

පහත ලෙස එම මුලික කොටස් දෙක දෑක්විය හෑක.

  • ජන ගී
  • සේ ගී

ජන ගී :-

ජන ගී යනු සාමාන්ය ජනයා විසින් රචිත ගී වේ.මෙම ජන ගී ද තවත් කොටස් කිහිපයකටම බෙදා දෑක්විය හෑක.නමුත් ජන ගී පොදුවේ සෑලකු කල පොදු ලක්ශණ සමුහයක් මේ තුලින් දිස්වේ.ඒවා පහත පරිදි වේ.

  • වාග් මාලාව සරලය.
  • බොහෝ විට කාර්ය බද්ධව පවති.( බොහෝවිට යම් රෑකියාවක් හා බෑදි පවති )
  • සරල නාද මාලා යොදා ගෑනේ.
  • තේරුම් ගෑනීම උදෙසා ආයාසයක් යෙදවීම අනවශය වේ.
  • ඈතෑම් විට පණිවිඩ හුවමාරුව සදහාද යොදා ගෑනිනි.

මෙම ජන ගී තවත් කොටස් වලට බෙදා දෑක්වේ.ඊට පදනම් වනුයේ එම ගී භාවිතා වෙන අවස්ථා හා භාවිතා මතය..

  • මෙහෙ ගී
  • කෙලි ගී
  • සමාජිය අවශයතා මත පදනම් වූ ගී

මෙහෙ ගී ----

මෙහෙ ගී ගායනය හා නිර්මාණය ගෑමියන් මගින් සිදුවිය.මෙහෙ ගී ලෙස මේවා හෑදින්වීමට හේතුව වී ඈත්තේ මේම ගී නිර්මාපකයගේ රෑකියාව හා බෑදි තිබිම හේතුවෙනි.තමා නිරතවී සිටින කාර්යයේදි ඈතිවන දුක තනිකම කාන්සිය හා මහන්සිය අවමකර ගෑනීමේ අරමුණෙන් ඉතා සරල වාග් මාලා හා නාද රටා යොදාගනිමින් නිර්මිත ගී මේ කුලකයට අයත් වේ.ජන ගී ලෙස පොදුවේ හෑදින්වන විට අපිට බහුලවම අසන්නට දකින්නට ලෑබෙනුයේ මේ කාන්ඩයට අයත් ගී විශේෂ වේ.

උදාහරණ ලෙස පෑල් ගී , පාරු ගී , පතල් ගී ආදිය දෑක්විය හෑක...

 

කෙලි ගී ----

ගෑමි ජනතාව විනෝදය උදෙසා ක්‍රිඩා වල නිරතවීමේදි ගායනා කරන ලද්දා වු ගී මේ ගණයට අයත් වේ.මේවාද මෙහෙ ගී මෙන්ම සරල නාද මාලා දරන නමුදු මෙහෙ ගී වලට වඩා වෑඩි ලයකින් ගායනා කරනු ලෑබේ.එසේම මෙම ගී මගින් අදාල ක්‍රිඩාව සදහා ආධාරයක් ලබාගෑනීමද සිදුකරයි.ක්‍රිඩාවේ නිරත වෙමින් ගීත ගායනයෙන් අදාල ක්‍රිඩවේ උද්යෝගය දඉගටම පවත්වා ගෑනීම පහසු වේ.මන්ද යත් මෙම ගී බොහෝවිට අදාල ක්‍රිඩාවේ රිද්මයට අණුකුල රිද්මයකින් යුතුව ගායනා කරනු ලබයි.මේනිසා පෙර කී ලෙස ක්‍රිඩාවේ රිද්මය උදෙසා මෙම ගී මහත් වෑදගත් කමකින් යුක්තව ක්‍රියා කරයි..