ගංඟාවේ සංගීතය (එච්. එම් කුඩලිගම )
එච්. එම් කුඩලිගම කවියා :
1918 දී කළුතර කුඩලිගම නම් පිටිසර ගමේ දී එච්. එම් කුඩලිගම මහතා උපත ලැබු අතර 1983 ගොතටුවේදි අභාවප්‍රාර්ත විය.
කවිය:
1. කඳු බෑවුමක දං බෝවිටි පඳුරු තළා
පහළට ඇඳි පර මල් පෙති ඉවත නොළා
කලදෝ දියෙන් පොඟවා රන් පුළිනතලා
සංගීතවත් වී යමි ඉදිරියට ගලා
2. සැඟවෙමි එබෙමි නිසසල වෙමි සසල වෙමි
ඇඹරෙමි එහෙත් පසු නොබසිමි නොනවතිමි
කවදා කොතැනකදි හෝ මහ මුහුද හිමි
හමුවුණු කෙණෙහි මා සතු බර ඹහුට දෙමි
3. එන්නේ කොහි සිටද කොතැනකටද යන්නේ
ඹබ කුමකටද මා දුටු තැන් විමසන්නේ
මිනිසුන් ගිහින් නිතරම ආපසු එන්නේ
කිමදැයි කියා කිසිවකු ඇයි නොසොයන්නේ
4. විසිරි යන පරිදි රන් සමනලුන් රොද
වන මල් පඳුරු දෙදරවමින් මුලින් ඇද
උඩ පැන නට නටා ඇවිදින් ගිමන් සිඳ
නැළවෙමි කුරුල්ලන්ගේ රජ දහන් මැද
5. සැපවත් වෙවී රට මැද හිරිකඩ වැස්සේන්
කේතකි ගුහා උක් කොටු වෙල් එලි ඹස්සෙන්
හේ දඩු බට පඳුරු නිල් ඹ්විටි අස්සෙන්
ආයෙමි නිදහසේ දෙවඟන පසු පස්සෙන්
6. මහ හඬ දිදී වස් දඬු තාලයට හඩා
කඳු රැළි වලින් ඇද හැලෙමින් නොවිඳ විඩා
වන දෙව් ලියන්ගේ ගම්මානයක කුඩා
කැරකෙමි සිනා රැළි මතු කොට ඉවුරු කඩා
7. හිරිමල් සිනා රැළි පෙණ පිඩු මිහිරිතම
ගල් පරවලම හැපි හැපි බිහි කරමි මම
සම තැනිතලා වල හමුවෙයි අලසකම
නිරසයි අතර මඟ අවහිර නොදුටු බිම
" සැඟවෙමි එබෙමි නිසසල වෙමි සසල වෙමි "
" ඇඹරෙමි එහෙත් පසු නොබසිමි නොනවතිමි "
" ගල්පරවල ම හැපි හැපි බිහි කරමි මම "
" ළය යට සසල බව මින් මතු නොනැගෙද්දෙන් "