ඉතිහාසය හැදෑරීමේ මූලාශ්‍ර.
මූලාශ්‍රයක් යනු කුමක්ද?
මූලාශ්‍රයක් යනු, ඒ ඒ අවධිවල මිනිසුන් ලියා තැබූ දේ හා ඔවුන් භාවිතා කළ දේ මගින් අතීත මිනිස් කටයුතු පිළිබද තොරතුරු ලබා ගත හැකි දේ ය.
මූලාශ්‍ර වර්ග දෙකකි. ඒ මොනවාද ?
- සාහිත්‍ය මූලාශ්‍ර .
- පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර .
- සාහිත්‍ය මූලාශ්‍ර යනු අතීත ප්‍රජාව විසින් විවිධ කාල වකවානුවල ලියන ලද ග්‍රන්ථ හෝ ලේඛන වේ.
- පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර යනු පුරාවිද්‍යා කැණීම් හා පර්යේෂණ මගින් සොයා ගැනෙන පුරාවස්තු , ස්මාරක , කාසි, ශිලාලිපි හා විවිධ නටඹුන් වේ.
මූලාශ්‍ර වර්ගීකරණය .
මූලාශ්‍ර කොටස් 2කි.
- සාහිත්‍ය මූලාශ්‍ර
- පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර
සාහිත්‍ය මූලාශ්‍ර කොටස් 2කි.
- දේශීය සාහිත්‍ය මූලාශ්‍ර
- විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර
පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර කොටස් 5කි.
- සෙල්ලිපි. ( උදා: ලෙන්ලිපි, ගිරිලිපි, ටැම්ලිපි, පුවරු ලිපි, ආසන ලිපි. )
- අභිලේඛන ( උදා : ශිලා, බිත්ති , තඹ තහඩු , දැව, මැටි පුවරු, රන් තහඩු. )
- කාසි. මෙය ද කොටස් 2කට බෙදෙයි. ; × දේශීය කාසි. × විදේශීය කාසි.
- චිත්‍ර හා මූර්ති. ( උදා : සීගිරි , දඹුලු, වෙස්සගිරි, අග්නි හා පර්ජ්‍යය.)
- නටඹුන්. මෙහිදී ද කොටස් 2කි . × ආගමික නොවන. ( උදා :රජ මාළිගා , උයන්, පොකුණු , වැව්, වාරි මාර්ග ) × ආගමික. මෙහි ගිඩනැගිලි ( උදා : බෝධිඝර, චේතියඝර, දාගැබ් ) හා ගොඩනැගිලි උපාංග ( උදා : වාහල්කඩ , සදකඩ පහණ, දොරටුහල රූපය, කැටයම් , චිත්‍ර , මූලාශ්‍ර , පියගැට පෙළ. ) ලෙස කොටස් 2කි.
ඉතිහාසය ඉගෙනීමේ වැදගත්කම කවරේද ?
- තමා ජීවත් වන සමාජය හා ලෝකය පිළිබද යථාවබෝධය.
- අතීත අත්දැකීම් තුළින් වර්තමානය තේරුම් ගෙන අනාගතය ගොඩනැගීම .
- රටේ ජාතික අනන්‍යතාව හදුනා ගැනීම.
- මනුෂ්‍යත්වයට ආදරය කිරීමෙන් ජාතික සමගිය ගොඩනැගීම .
- අනන්‍ය සංස්කෘතීන්ට ගරු කිරීමට පුරුදු වීම.
- විවිධ මත ඉවසීමට හුරු වීම.
ඓතිහාසික ස්ථානවල හෝ පුරා වස්තු මත අකුරු ලිවීම , රූප ඇදීම ආදිය පුරා වස්තු විනාශයට හේතු වන අතර එය රටේ නීතිය අනුව දඩුවම් ලැබිය හැකි වරදකි. එබැවින් ඒවා ආරක්ෂා කර ගැනීමට සියලු දෙනා කටයුතු කළ යුතුය.
-මූලාශ්‍ර : 10 ශ්‍රේණි ඉතිහාසය පෙළ පොත